Untitled-1

සාහිත්‍ය,ගීතය,රංගනය හෝ වෙනත් කිය්සියම්ම වූ රසාලිප්ත ක්‍රියාවලියක රසාලිප්ත ප්‍රතිපලයක් කලාව නමැති කුලකයට අන්තර්ගත වන බව පොදු පිළිගැනීමයි . එහෙත් “කලාව” අර්ථ දැක්විය හැක්කෙක් මට මෙතෙක් කලකට හමුවී නැත. ඕනෑම දෙයකට තාර්කික හෝ විද්‍යාත්මක අර්ථ දැක්වීම් සොයන “භෞතිකවාදී” උත්තමයෙකුට මෙයද අර්ථ දැක්විය හැකිදැයි මම නොදනිමි. පොදුජන පිළිගැනීම අනුව නම් කලාව යනු තාර්කිකව, විද්‍යාත්මකව හෝ වෙනයම් අයුරකින් බැමි බැඳ කොටුකර දැක්විය හැක්කක් නොවේ. කලාව මුලිකවම රඳා පවතින්නේ සංස්කෘතිය හා සමය මත බව මගේ පිළිගැනීමයි. එයටද අද සිටින කලාකරුවන් මෙන්ම උගත් යයි සම්මත විද්වතුන්ද එකඟ වන බව මම දනිමි. සිංහල ජන සංගීතය වනාහි පැලෙන්,කුඹුරෙන් උපන් නාද රටා සංකලනයකි. සංගීතය නිර්මාණකරණයට එක එල්ලේ වීර්ය කිරීමකින් තොරව පාළුව කාන්සිය නිවා ගැනීමට එම ජන ගීය ඖෂදයක් කරගත් ගැමියා සංගීත සම්මුති කරණයෙහි හසරක්වත් දත්තෙකු නොවීය. එයින් පසුව ගත වූ කාලයේ අද දක්වා බටහිරින් හා ඉන්දියාවෙන් අභාශය ලබමින් ලාංකීය කලාව වෙනත් මං ගෙන ඇති බව පෙනේ. එදා යමෙකු අගනා කලා කෘතියකැයි සැලකු යමක් අද වන විට නොවැදගත් රසහීන දෙයක් වීම සාමාන්‍ය දෙයක් බව ඔබට වැටහෙන බව සිතමි.යටකී ජනගීය එයට උදාහරණයකි (සියල්ලෝ ජන ගීය වටිනා කල කෘතියක් ලෙස නොසලකන බව මම නොකියමි) අමරදේවයන්ගේ “ආරාධනා” ව මම දකින්නේ සර්වකාලීන රස උල්පතක් ලෙසිනි, එහෙත් මෙය කියවන ඔබට නව පරපුරේ යම් ගායකයෙකුගේ ගීයක් පිළිබඳව මට “ආරාධනා “ව පිලිබඳ දනවන හන්ගීමම ඇතිවන්නට ඉඩක් තිබේ.( “ආරාධනා”ව ගැන එසේ නොසිතී ) එයනම් කලාවේ සාපේක්ෂ බවයි. කාලය, ප්‍රදේශය , පරිසරය , සංස්කෘතිය ,ආගම ,භාෂාව ආදී මෙකි නොකී අනෙක් බොහෝ පරාමිතීන් වලට අන් සියලු දේ මෙන්ම කලාවද සාපේක්ෂ බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස යම් කෘතියක්, ත්‍යාගයක් සඳහා විවේචනය කරන විචාරක මඬුල්ලක් ගැන සිතමු, ඔවුන් මේ කෘතිය විචාරය කිරීමට යොදාගන්නා මාර්ගසූචක මොනවාද ? එහි රස ඇගයීම වනාහි සම්මුතිමය වශයෙන් අනිවාර්ය දෙයක් බව මම පිලිගනිමි(රසය ඕනෑම කලා කෘතියකට පොදුය ). එහෙත් ඔවුන් ඔවුන්ට ආවේනිය න්‍යාය පත්‍රයකට අනුව හෝ ඔවුන් කලාව යි පිළිගන්නා දෙය සමාජගත කිරීමේ අරමුණින් හෝ වෙනත් කිසියම් අන්තර්ජාතික “පොදු” යයි කියාගන්නා සම්මුතියකට අනුව හෝ ඇගයීම කරන්නේ යම්සේද ඒ ඇගයීමක් පාසා කර්තෘට අසාධාරණයක් වන බව පිළිගත යුතුය. අද ලංකාවේ කලාවට අත්වී ඇති ඉරණමට ප්‍රධානම හේතුව කලාවේ සාපේක්ෂ බව පිලිගනින්මින්ම එහි විරුද්දව හැසිරෙන විරෝධෝක්තිවාදින්ගේ ක්‍රියාකලාපයයි .”ප්‍රවීණ ” යයි සම්මත බොහෝ සන්ගීතවීදින් අද තම හොඳ කාලය ගත කරන්නේ තරුණ පරපුරේ නව සංගීතය විවේචනය කරමින්ය. “මෙයත් සංගීතයක්දැ ? ” නව පරපුරට චෝධනා කිරීම හැර රසතෘප්ත නිර්මාණ කිරීමෙහි කාලය මිඩංගු කරන්නේ අතලොස්සකි. මෙහිදී මට නොතේරෙන එක දෙයක් නම් ඇත “මෙය මෙසේ වියයුතු ” යැයි පැහැදිලි ක්‍රමවේදයක් හෝ අර්ථගැන්වීමක් නොමැති කලාව වැනි ක්ෂේත්‍රයක බිහිවන කලා නිර්මාණයක “මෙය හොඳයැ ” ,”මෙය නම් ගතයුත්තකදු නැතියැ ” යනුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි යන්න ගටලුසහගතය. එය නම් විසංවාදයක් වියයුතුමය. වෙනෙකක් තබා එසේ පැවසීමට කෙනෙකුට ඇති අයිතිය ගැනද මට ඇත්තේ ගැටලුවකි. කෘතියක් කලා කෘතියක් කෙරෙන්නේද සමාජ සම්මුතියෙනි මුලින් එක අයෙකු හෝ කිහිපදෙනෙකු නව ප්‍රවණතා බිහි කරන අතර පසුව ඒ කිහිප දෙනා විසින් එයට අනෙක් යද එකඟ කරවාගෙන පොදු සම්මතයකට එළඹෙති. පොදු සම්මතය වනාහි යථාර්ත්යක් ලෙසවත් සර්වකාලීන දෙයක් ලෙසවත් දැකීම අරුත්සුන් බව මට හැඟෙ.උදාහරණයක් ලෙස ලංකාවේ සංගීතය සැලකිය හැකියි. 60,70 දශක වලදී ගීතයේ අර්ථ රසයට නොහොත් භාෂා භාවිතයේ තිබු ව්‍යක්ත බවින් ඇති කල හැකි රසයට තිබෙන පිළිගැනීම ඉන් පසුව සිට වර්තමානය දක්වා බිහිවූ නිර්මාණවලදී ක්ෂය වී ගොස් ඇත. වර්තමානයේදී උදක් සංගීතමය ආභාෂය පමණක් ඇගයීමට පත්වන බව දක්නට ලැබේ. මෙය වනාහි විවේචනය කිරීමටවත්, වර්ණනා කිරීමටවත් යුතු දෙයක් නොවේ.කලාවේ සාපේක්ෂ බව සහ එහි විකාශනය තේරුම් ගැනීමට යටකී ප්‍රවීණ කලාකරුවන් හා උගත් විද්වතුන් හට මෙයම ප්‍රමාණවත් බව මගේ අදහසයි. කලාව අගයීමෙහිලා ඊනියා අන්තර්ජාතික සම්මුතියකට යාමට ඇතැමුන් දරන උත්සාහය මට නම් කනගාටුවක් ඇති කරයි. යම් සංස්කෘතියකට, පරිසරයකට , ආගමකට හෝ වෙනයම් බාහිර සාධක බොහොමයකය සාපේක්ෂව නිර්මාණයවන කලාවට හෝ එහි බිහිවන නිර්මාණයට ඊනියා විශ්වීය බවක් හෝ අන්තර්ජාතික බවක් ආරෝපණය කිරීමට ඔවුන් උත්සහ කරන්නේ කෙසේදැයි මට නොතේරේ. අපිට අවශ්‍ය අපේම සම්මුතියකි. ඊනියා විශ්වීය සම්මතයක් බලාපොරොත්තු වන “කලා විද්‍යාඥ” පරම්පරාවත්, කලාවේ විකාශනයට අනුගත වීමට අපොහොසත් විසංවාදී පරම්පරාවත් විසින් බැඳ දමා ඇති ලාංකීය කලාව විලංගු බිඳ ඉදිරියට ගෙනයාමට නිදහස් චින්තනයක් ඇති කාලනුගත කලාකරුවන්ට හැකි වේයැයි සිතමි.

Comments

Written by

Leave a Reply

Your email address will not be published.Required

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Previous article
Next article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!