මගේ රට ශ්‍රී ලංකාවයි…

 

පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෙසද මෙය අතීතයේ සුද්දන් විසින් හඳුන්වා දී ඇත…ඒ උන් අපේ රටෙන් එක එක දෑ ගෙඩි පිටින් උස්සගෙන උන්ගේ රටවල් වලට ගෙනිමට අපගේ රජවරුන්ට බැස්සු බෝලයක් බව මට වැටහුණි…
කෙසේ නමුත් අප රට වටකර මහා සාගරයක් ඇත…ඒ නිසා අපට ෆ්‍රෙෂ් පිට මාළු කෑමට වාසනාව ඇත…නමුත් මාළු අපේ ගෙවල් වලට එද්දී උන්ගේ තුන් මාසේ දානේද දීමට හැකිය…
මුහුද මැද නෞකා ඇත…අපේ රටේ එක දත් දොස්තර කෙනෙක් දත් එකින් එක ගලවා නැවක් මිලදී ගෙන ඇත…ඔහු කොතරම් දත් ගැලවුවා දැයි ගණන් කිරීමට ඔබට කැල්කියුලේටරයක් භාවිතා කිරීමට අවසර ඇත…
අපේ රට අභ්‍යන්තරයෙහි ලස්සන දිය ඇලි හා ගංගා ඇත…ගම් බිම් වල සිටිනා මිනිසුන් ගංගා ඇල දොළ මගින් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සහ රෙදි සොදාගැනීම් නා විනෝද වීම දෑ කරගනු ලබයි…
නමුත් ගෙවල් වල ටැප් ලයින් වල සතියකට සැරයක් වතුර කපා හරිනු ඇත…
ජලාශ මගින් විදුලිය සපයන අතර දවසකට එක සැරයක් හෝ විදුලිය කප්පාදු වීම් වරදින්නේ නැත.ඒ අතින් අපේ රටේ ජල විදුලි සැපයුම ඉතා ඉහලින් පවතින බව ඔබට තේරෙනු ඇත…
අපේ රටේ ප්‍රධාන ආගම බුද්ධාගමය…ඉන්පසු ඉස්ලාම් ආගමත් හින්දු ආගමත් කතෝලික ආගමත් ඇත…
නමුත් බුද්ධාගමට අපේ රටේ පාලකයන්ගෙන් කිසිදු වටිනාකමක් නැත…
ජාතියක් ලෙස ගත් කල සිංහල මිනිසුන්ට අපේ දේශපාලකයින් සලකන්නේ බල්ලන්ට ලෙසය…නමුත් ඔවුන් මුස්ලිම් සහ දෙමල මිනිසුන්ව ඉතා ඉහලින් අගයනු ඇත…
ඕවා ගැන කතා කරොත් ජාතිවාදීන් යැයි කියන නිසා මම කටට ඉබ්බෙක් දමා ඇහැට සංග්ලාස් දමා පාරේ ඇවිදිමි…
අපේ රටේ දේශපාලනය ගැන මේ දවස් වල කතා කිරීම කොටි බෝම්බයක් ගහන එකට වඩා බයය…
මන්ද දැනට පාර්ලිමේන්තුව ගෙනියන්නේ ෆේස්බුක් තුලින් නිසාය…
ආණ්ඩු පක්ෂයෙන් එකෙක් නැගිට පොස්ට් එකක් දැම්ම පසු විපක්ෂයේ ඉන්නා උන් ඔක්කොම පැමිණ සෙංකෝලය උස්සා අරුට පහර දෙනු ඇත…
එසේම විපක්ෂයෙන් පොස්ට් එකක් දැමීමෙන් පසු ආණ්ඩු පක්ෂයෙන් දියවන්නාව ඔයේ ගිල්වන බවට තර්ජනය කරති…
එබැවින් දේශපාලනය ගැන මම කතා නොකිරීමට තීරණය කරෙමි…
අපේ රටේ ඉතා අමුතු දේවල් ටිකක් ඇත…
අපේ රටේ ගොඩක් ඉස්කෝල ශුද්ධ වූ බාලිකා ඉස්කෝලය…
නමුත් එකදු ශුද්ධ වූ කෙල්ලෙක් හොයා ගැනීමට නොහැකිය…
ඒ සඳහා මොන්ටිසෝරියක් වෙත හෝ ගැහැණු ළමයෙකු ඉඳුල් කට ගාන දවසක් බැලීම යහපති වන බව ෆේස්බුක් කපුවන් මට පවසා ඇත…
හොරු හෙල්මට් දමා හොරකම් කරනවා යයි කියූ නිසා ෆුල්ෆෙස් හෙල්මට් පැළඳ බයික් පැදීම තහනම් කලේය…
එබැවින් අපේ උන් දැන් හැම තැනම හැප්පිලා මිය ගොස් ඇති බව පසුගිය දිනවල ෆේස්බුක් එක බලද්දී මා දුටුවේය…
අපේ රටේ කෙල්ලන් ඉතා හොඳය…කොල්ලන්ට බුට් එකක් ආසාවට නොදෙන්නිය…සියලු කෙල්ලන් පත්තිනි අම්මලාය… ෆේස්බුක් රික්වෙස්ට් එකක් පැමිණීම ඔවුන්ට කපුකමක් සේ පෙන්නේනිය…
එවිට ඔවුන් අසහන කාරයෝ යයි පවසා බ්ලොක් කර දමන්නේය…
බස් වලදී කොල්ලෙක්ගේ අතක් පයක් සෙනග අස්සේ ගෑවිමත් ඔවුන්ට හිරිකිතය…ඔවුන් සුරංගනාවියන්ය…කොල්ලෙක් අතින්වත් අල්ලා නැති දිව්‍ය ලෝකෙන් පැමිණි සුරදුතියන් යයි මා විශ්වාස කරමි…
ලංකාව ගැන කීමට ගොඩක් දේ ඇත…
නමුත් දැන් නිදි මතය…
අවසානයේ ලංකාවේ ආශ්චර්ය ගැන පවසා රචනාව නැවත්වීමට තීරණය කලේය…
අපේ රට සුපිරිය…දේශගුණය හා කාලගුණය හා ස්වභාවික සම්පත් අතින් අපේ රට වෙන කිසිදු රටකට දෙවනි කිරීමට නොහැකිය…
අවාසනාවට අපේ රටේ යම් මිනිසුන් පිරිසක් අපේ රට අවලස්සන කර ඇත…
ඉරිසියාවෙන් පෙළෙමින් ඇත…වෛර කරමින් ඇත…හරි වැරැද්ද තේරුම් ගෙන නැත…අනුන් ගැන සිතන්නේ නැත…අහිංසකයින්ව තලා දමමින් ඇත…එකිනෙකා පරයමින් ඉහලට නගිමින් ඇත…
ලංකාව ගැන මට මහා ආඩම්බරයක් දැනුනත් අවාසනාවට මට අපේ රටේ එවැනි දෑ ගැන ඇත්තේ මහා දුකක් පමණි.

 

Source from දිමුවා

Comments

Written by

Leave a Reply

Your email address will not be published.Required

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!