සැ.යු.- මෙහිදී පිරිමි ලෙස සදහන් වන්නේ හුදෙක් පිරිමි අවයවයක් පමණක් හිමි මනුස්ස කොට්ටසය ගැනයි.

ගැහැණිය, ඇය සමාජයේ පිළි ගැනීමට ලක් විය යුතු උදාර චරිතයක් බව ඔබ මොහොතකට හෝ සිතුවාද?? වර්තමාන සමාජය තුළ ඇයට නිසි තැන නිසි ගරුත්වය හිමි වේද?? පිළිතුර නම් නැත යන්නයි.

සැමියාට අවශ්‍ය තම බිරිඳ යටත් කරන් ජිවත් වීමටය. පෙම්වතාට අවශ්‍ය තම පෙම්වතිය තමා යටතේ ජිවත් වීමය. කරදඬු උස් මහත් වූ පසු පුතෙකුට අවශ්‍ය තම මව යටත් කර ගැනීමටය. සහෝදරයාට අවශ්‍ය තම සහෝදරිය තමාගේ අණසකට නතු කර ගැනීමය. පිරිමින් කිසිම විටක තම බිරිඳට, දියණියට, නැගණියට, සහෝදරියට, මවට ස්වාධීන අයිතිය ලබා නොදෙයි. මෙම ස්වාධීන අයිතිය ඉල්ලා හඬා වැටෙන කාන්තාවන් අද සමාජයේ බහුලය.

පිරිමියෙකු මේ ලොව එළිය දකින්නේ ගැහැණියකගේ කුසින්ය. ඔහු මුලින්ම රස විදින්නේ ගැහැණියකගේ ආදරය නිසා කිරි වූ ඇගේ රුධිරයයි. පිරිමියෙකුට මෙලොව ලැබිය හැකි උපරිම වින්දනය ලබා දිය හැක්කේ ගැහැණියකට පමණි. පිරිමියෙකුට උපරිම ආදරය ලැබෙන්නේ ගැහැණියකගෙන් පමණි. ගැහැණියකගේ හදවතින් මතුවන ආශීර්වාදය තරම් පිරිමියෙකුට ලැබිය හැකි තවත් ජයග්‍රහණයක් මේ ලොව නොමැත. ගැහැණියකගේ හදවතේ සිටින උත්තරීතර පිරිමියා වීම තරම් සිංහාසනයක් පිරිමියෙකුට තවත් ලොව තිබේද?

එහෙත් පිරිමියෙකු වශයෙන් ඔබ මේ ගැන මින් පෙර සිතුවාද?

පෙම්වතිය, ඇය පිරිමියෙකුගේ ජිවිතයේ තවත් එක් සුවිශේෂී ගැහැනියකි. වයස අවුරුදු 18, 19 සිටම පිරිමින් පෙම්වතියන් සොයයි. සම වයසේ හෝ බාල වයසේ ගැහැනියක සමඟ පෙමින් බැදෙන පිරිමියා ඇයට තමාගේ පෙම්වතිය යන නම ලබා දෙයි. නමුත් පෙම්වතාටත් අවශ්‍ය ඈ යටත් කරන් ජිවත් වීමටය. ඇයට දහසක් නීති දමයි, ඇගේ නිදහස සීමා කරයි, ඇය වෙන පිරිමියෙකු සමග සිනහ වුවත් එය වරදක්වෙයි. පෙම්වතියකගේ චරිතයේදීද ගැහනියකට විදින්න වෙන වේදනා අපමණය. සමහර පෙම්වතුන් තම පෙම්වතියගෙන් අයතු ප්‍රයෝජන ලබා ගනී.

එවැනි පෙම් සබදතා කෙලවර වන්නේ පෙම්වතිය ගැබිනියක වී හෝ ඇගේ පතිවත නැති වීමෙනි. තනි අතින් අත්පුඩි ගැසීමට බැරි බව අපි දනිමු නමුත් තම පෙම්වතාව විස්වාස කිරීම වරදක් කියා ඔබට කිව හැකිද? දරදඬු පිරිමියෙකු ඉදිරියේ අසරණ වන කාන්තාව අවසානයේ සමාජයේ ගැරහුමට ලක් වේ. තම පෙම්වතාගේ මෙවැනි ක්‍රියා නිසා ලොවට අහිමි වන කාන්තා ජිවිත වලට වග කිව යුතු පිරිමි ඔබ නොවේද?

බිරිඳක් ලෙස කිරුලු පැළදු දවසේ පටන් ගැහැණියකගේ කර මත පැටවෙන වගකීම් අපමණය. තම සැමියාගේ සියලුම කටයුතු තමා අතින් සපුරාලන ඇයට සුළු වරදටත් ගැරහුම් නම් කෙළවරක් නැත. තම උපරිමයෙන් තමාගේ වගකීම් ඉටු කලත් පිරිමි ඇයට පවුලේ නිසි තැන ලබා දෙන්නේ නැත. ඔහු සිතන්නේ ඇය ඔහුගේ මෙහෙකාරිය බවයි. බිරිදක් ඉල්ලන්නේ පවුලේ සැමියාට හිමි සමතැන නොවේ ඇයට හිමි විය යුතු නිසි තැනයි. ඇය ඔබ වෙනුවෙන් ඔබේ නිවසට පැමිණියේ ඇගේ දෙමාපියන්,සහෝදරයන් අත්හැරය. ඇය දැන් ජිවත් වන්නේ ඔබ වෙනුවෙන්ය. ඉතින් ඔබ සැමියෙකු වශයෙන් අන් අයගේ බස් අසා ඔබගේ බිරිදට නිගරු කිරීම වටිනවද? ඔබ සත්‍ය සොයා බැලිය යුතු නොවේද? ඇයව විවාහ කර ගැනීම ඔබ ඇය වෙනුවෙන් කල උපකාරයක් නොවේ. ඔබේ අවශතාවයන් සදහා ඇයව ඔබේ නිවසට ගෙන ඒමයි ඔබ සිදු කලේ. ඒ වෙනුවෙන් කැප කිරීම් කලේ ඇයයි. පිරිමියෙකුගේ පළමු මව තමාව මෙලොවට බිහි කළ මව බවත් දෙවන මව තම බිරිඳ බවත් පිරිමියා තේරුම් ගත යුතුය. බිරිඳව ලැබුණු විට මව නොසලකා හරින්න කියා මින් කිය වෙන්නේ නැත. දෙදෙනාටම ඔවුන්ට ලැබිය යුතු ප්‍රමාණයේ ආදරය කරුණාව පිරිමි ඔබෙන් ලැබෙනවා නම් නැන්දම්මා ලේලි ගැටුම් වලටද ඔබ මැදිහත් නොවනු ඇත. බිරිඳ පරදාර සේවනයේ යෙදේ යැයි බිය වීමට අවශ්‍ය නොවේ. ගෙදර කෑම රස නම් අපි කිසි වෙටෙක කඩෙන් කෑම කන්න යන්නේ නැත. මෙය පිරිමි ඔබ තේරුම් ගත යුතු සත්‍යකි.

බිරිදක්ගෙන් පසුව ගැහැනියක රගපාන සුවිශේෂී චරිතය නම් ගැබිනියක වීමයි. ගැබිනියක වූ දා පටන් දරුවෙකු ප්‍රසුත කරන තුරු ඇය විදින වේදනා අපමණයි. හරි හැටි කෑමක් බීමක් ගන්නට ඇයට අපහසුය. ප්‍රමණවත් නින්දක් ලබා ගැනීමට නොහැකිය. තමාට උවමනා පරිදි ශරීරය හැසිරවීමට ඇයට හැකියවක් නැත. දුක් විද වේදනා විද ඇය ප්‍රසුත කරන දරුවාගේ හිමිකම පිරිමි ඔබ සතු නොවේද? දරුවා අයත් වන්නේ ඔබේ පරම්පරාවටය. දරුවට හිමි වන්නේ ඔබේ පෙළපත් නාමයය. කුසේ දරා සිටි මවගෙන් දරුවට දිය හැක්කේ සෙනෙහස පමණි. සමාජය ගැබිනියක දෙස බලන්නේ අනුකම්පාවෙනි. එහෙත් ගැබිනියක් යනු අනුකම්පා ලැබිය යුතු තැනැත්තියක් නොවේ. ඇය නුදුරේදී උත්තරීතර මවු පදවියෙන් පිදුම් ලැබීමට සැරසෙන ගැහැනියකි. ඇය දෙස අනුකම්පාවෙන් බලනු වෙනුවට ආඩම්බරයෙන් බලන දවසක් පැමිණෙන තුරු ගැබිණි මව බලා හිදියි.

ඊළගට ගැහැනියක් රගපාන ප්‍රදාන චරිතය නම් මවගේ චරිතයයි. මවක් ඔබ රැක බලා ගැනීමට කෙතරම් වෙහෙසෙන්නේද? ඔබගේ දුකේදී ඇය ඔබට වඩා දුක් වෙන බව ඔබ දන්නවද? හොද්දකට ලුණු වැඩි වූ විට, රෙදි සේදීම දවසක් ප්‍රමාද වූ විට ඔබ බැන්නේ එරෙව්වේ ඔබව දස මසක් කුසේ තියා ලේ කිරි කර පොවා ඔබව හදා වදා ගත් ඒ ගැහැණියට නොවේද? පුතෙකු වශයෙන් ඇගේ සිත රිදවා ඔබට සතුටින් සිටිය හැකියි ඔබ සිතනවද? කුඩා කාලයේ ඔබේ අත පය නොකඩා ඔබව ආදරෙන් උස් මහත් කලාටද ඔබ ඇයට අද හිරිහැර කරන්නේ? ඔබේ දෑස් පාදා දුන්නාටද සුළු වරදටත් ඔබ ඇයට ඔරවන්නේ? මාතෘ මුලික සමාජයක ජිවත් වෙන අප කරදරයකදී විලාප නගන්නේ අම්මේ කියාය. ඔබේ අම්මා ඔබ ළඟ සිටි නම් බිය විය යුතු නැති බව ඔබ අත්දැකීමෙන් දන්නා කරුණකි. බුදු වීමට විවරණ ලබා දුන්නේද මවක් විසිනි. මවකගේ ආශීර්වාදය ඔබට කෙතරම් වටිනවද කියා කීමට තවත් උපමා අවශ්‍ය නොවෙයි සිතමි.

අවසන් වශයෙන් පිරිමි ඔබෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය තේරුම් ගන්න. ගැහැනියකට අවශ්‍ය ඔබට සම වීමට නොවේ ඇගේ තත්වය ඇයට ලබා දෙන්න. ඇගේ කැප කිරීම් වලට වටිනාකමක් ලබා දෙන්න. ඇගේ ගෞරවය ආරක්ෂා කරන නියම පුරුෂයෙක් වන්න. මිතුරෙක් ලෙසින්වත් තම මිතුරියගේ අත්මගෞර්වයට සිනහ නොවන්න. එය රැක දෙන්න උත්සහ කරන නියම මිතුරකු වන්න. මිතුරියන්ට අනවශ්‍ය විහිලු කිරීම, ඔබම ඇය ඉදිරියේ ඔබේ තත්වය පහත් කර ගැනීමක් බව ඔබ දන්නවද? ගැහැනියකගේ ආශීර්වාදය ඔබට මිහිකත සුරපුරක් කරයි. කිසිම දිනක ගැහැණියකගේ හදවතට දුක් දී ඇගේ සාපයට ලක් නොවන්න. මෙලොව ඇති අහිංසකම හදවතත් මෙලොව ඇති කුරිරුම හදවතත් එකම ශරීරයක පිහිටුවා නිමවා ඇති ඒ සොදුරු නිර්මාණය ගැහනියයි.

Comments

Leave a Reply

Your email address will not be published.Required

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!