බූට් !

බූට් කියන්නේ අපි දාන සපත්තු ජාතියකට. අර කැලේ එහෙම යද්දී දාගෙන යන්නෙ. බූට්ස් ගොඩක්ම පාවිච්චි කරන්නේ ආමි එකේ අයියලානෙ. ඒ උනාට මේ කියන්න හදන්නේ සපත්තුවක් ගැන නෙමෙයි. කෙල්ලො කොල්ලොන්ටයි, කොල්ලො කෙල්ලොන්ටයි තියන බූට් ගැන. මට තාමත් හොයාගන්න බැරි උනා ලව් එෆෙයාර් එකක් නවත්තනවට ඇයි බූට් තියනවා කියන්නේ කියල. දන්න කියන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාන්නකො.

මේ ලඟදි සයන්ටිෆික් මෙතඩ් එකෙන් කරපු රීසර්ච් එකකින් හොයාගෙන තියෙනවා කොල්ලොන්ට වැඩිය බූට් තියන්නේ කෙල්ලෝ කියල. ඒ කිව්වේ කොල්ලො බූට් තියන් නෑ කියල නම් නෙමෙයි. කෙල්ලෙක් බූට් තැබීමේ ප්‍රතිශතය වැඩියි කියලා විතරයි. එකට ඉතින් මේක කියවන නංගිලා තරහ ගන්න කාරී නෑ.

ආදර සම්බන්දයක් බිඳෙන්න හේතු ගොඩක් තියෙනවා.

  • මුලික වශයෙන් සෙකන්ඩ් තෝට්ස් පැවතීම, ඒ කිව්වේ යාලු වෙලා ඉන්න එකාට වඩා වෙන එකෙකුට හිත යාම.
  • සම්බන්දය තිබෙන දෙදෙනාගේ අදහස් නොගැලපීම.
  • නැත්තම් ගෙවල් වලින් අකමැති වීම වැනි එකී මෙකී නොකී හේතු තියෙන්න පුළුවන්.

කොල්ලො කෙලින්ම බූට් තබන්නේ නැත. ඩබල් ගේමක් දී කෙල්ලෝ දෙන්නෙක් සමග එකවර සබඳතාවන් පවත්වා එක කෙල්ලෙක් සමග කොහේහෝ යන විට අනිත් කෙල්ලට මාට්ටු වී හොඳ බැනුම් ටිකකුත් අසාගෙන බාටා පාරකුත් කා කෙල්ලට බූට් එක තබයි. කෙල්ලෝ එසේ නැත, කට්ට වෙට්ට පිත්තල බඩු ටිකකි. ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදී සමාජවාදී ජනරජයේ අනුමත කරන ලද සෙන්ටෙන්ස් එකක් වන “අයියේ ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බවෙයි” යන එක ආදරයෙන් පවසා බූට් එක තබයි. ලෝකයේ ඉතා විරලම බ්රේක් අප් ජාතියක්ද ඇත, එනම් දෙදෙනාගේ අවබෝදතා ගිවිසුමකට අනුව ප්‍රේම සබඳතාව නවත්විමයි. කොතරම් විරල වුවද සිදුවිය යුත්තේ එයයි.

බූට් තැබීම හා බූට් කෑම කෙසේ වෙතත් ඊට පසු සිදුවන දේවල් ගැන සොයා බැලිය යුතුය. බූට් එකක් කෑමෙන් පසු කෙල්ලොන්ට බොහෝවිට දිරවා ගත නොහැකිය. ටයි පටියෙන් ගෙල වැලලා ගැනීම, ගඟේ මුහුදේ පැනීම, අසරණ මගී ජනයා අපහසුතාවයට පත් කරමින් කෝච්චියට බෙල්ල තැබීම වැනි දේ සිදු විය හැක. එසේත් නැතිනම් අවුරුදු ගණනක් මුළු කොල්ලො වර්ගයාටම වෛර කර ජිවිතයේ යථාර්තය අවබෝද කරගනියි. කොල්ලොන්ට බූට් එකක් දිරවා ගැනීමට අවශ්‍යය වන්නේ අරක්කු බෝතලයක් පමණි (හෝ දෙකක්). හොඳම මිතුරන් කිහිප දෙනෙකු සමග එක්වී බිමෙන් පසු හිතේ තිබෙන සියලු දුක එඋන්ට පවසා යථා තත්වයට පත්වේ. තවත් කිව යුතු ලොල්ම කාරණයක්ද ඇත එනම් වර්තමාන කාලයේ A/L, O/L නොව පහේ සිස්සත්වේ කරපු එවුන් පවා බූට් කා තිබීමයි.

ෆයිනලි බූට් නරක දෙයක් ලෙස පෙනුනද එකෙත් සැඟවුණු හොඳ දෙයක් තිබේ. එය නම් යන්න ඉන්න එකා කවදාහරි යන බැවින් කසාද බඳින්න කලින් ගියොත් එසේ නොයන එකෙක් බැඳගෙන සාර්ථක පවුල් දිවියක් ගෙවීමට හැකි වීමයි. නැතිනම් කසාද ජිවිතයද අවුල් වේ. බූට් එකක් කෑමෙන් පසු වැළපීම වෙනුවට කල යුතු දෙයනම් දාල ගිය එකා/එකී, මහ බඹා නළලේ කොටාපු එකා/එකී නොවන බවත් තමන් පතාගෙන ආ කෙනා ලෝකේ කොහේ හෝ ඉපදී සිටින බව අවබෝද කරගැනීමයි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. තවත් හොඳ දෙයක් තියෙනවනෙ. ඇයි බූට් සින්දු, ලංකාවේ සීයට අනුවක්ම තියෙන්නේ බූට් සින්දුනේ. කරනවනම්  අන්න වැඩේ. සියලු ජනයාගේ සවන් පිනවීම කරන්න පුළුවන්නේ.

එහෙනම් සියලු දෙනාට හැපි බූට් එකක් ප්‍රාර්ථනා කරමින් සමුගනිමි. සදා ජය !

Comments

Written by

Previous article
Next article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!