ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලනයෙන් පසු ක්‍රීඩා කල පළමු තරගවලිය පරාජය විය. අපට තිබු අවසන් බලාපොරොත්තුව වූ 20-20 තරගවලියේ අවසන් තරගයත් අවසන් මොහොතේ ගිලිහී ගියේය. ජ්‍යෙෂ්ටයින් අසාර්ථක වූ නවක ශ්‍රී ලංකා කණ්ඩායමත් අත්දැකීම් බහුල පකිස්තානු කණ්ඩායමත් දෙස බැලීමේදී මෙම පරාජය ගැන අප පුදුම වියයුතු නැත. ජයග්‍රහණය කෙසේ වුවත් පරාජයෙන් ගැලවීමට තිබු ටෙස්ට් තරගවලියත් නායකයාගේ අදූරදර්ෂි ක්‍රියා නිසා පරාජය වීමට සිදු විය.

එක්දින තරගාවලියේදී පිතිකරුවන් සාර්ථක වුවත් පකිස්ථානයට තරගයක් දිය හැකි පන්දු යවන්නන් අපට සිටියේ නැත. ටෙස්ට් තරගවලියේදී දක්ෂතා දැක්වූ තරිදු කව්ශ්යල් හා දුෂ්මන්ත චමීර එක්දින තරගාවලියේ සිටියේ නැත 20-20 නයකත්වය කෙසේ වුවත් එක්දින තරගාවලියේදී මාලින්ග ඇතුළු ජ්‍යෙෂ්ට පන්දු යවන්නන්ගෙන් සැලකිය යුතු දෙයක් ඉටු වුයේ නැත.

ඕනෑම කණ්ඩායමක සාර්ථකත්වයට කණ්ඩායම තුල තරගයක් තිබිය යුතුය. මාලිංග නොව ඕනෑම පන්දු යවන්නෙකු සාර්ථක වන්නේ ඔහුට තරගයක් දිය හැකි පන්දු යවන්නෙකු අනෙක් අන්තයෙන් සිටින්නේනම් පමණි. හොදම උදාහරණය ඔස්ට්‍රලියාවයි.කලක් බ්රෙට් ලී – මැග්රත් සුසංයෝගයෙන් ශක්තිමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම  වර්තමානයේ මිචෙල් ජොන්සන් – මිචෙල් ස්ටර්ක් සුසංයෝගයෙන් ජයග්‍රහණයේ හිනිපෙත්තටම පියමැන්නේය.

නමුත් මෙරට ක්‍රිකට් පරිපාලනයට එවැනි දැක්මක් නැත. වසර දහයක් පුරාවටම මාලිංග වටා ගොඩනැගුනු වේගපන්දු බල ඇණිය තවමත් ඔහු මතම යැපෙමින් පවති. පසුගිය ලෝක කුසලනයේදී ද ශ්‍රී ලංකාවේ ගව්රවය යම් තරමකට හෝ රැක ගත්තේ පිතිකරුවන්ට පින්සිදු වන්නටය.

කෙසේ වුවත් මෙම තරගාවලියේ සැගවුණු දක්ෂයින් තම වගකීම් උපරිමයෙන් ඉටු කළහ.මිලින්ද සිරිවර්දන තේරීම් කමිටුවේ අපූරු සොයගනීමකි. වැඩිපුර තරග දී අවස්ථාව දෙන්නේ නම් ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබාගත හැකි සේවය අතිමහත්ය. 20-20 තරගාවලියේ නවකයින් ගත් උත්සාහය අගය කල යුතුය. චාමර කපුගෙදර තමන් නැවතත් ජාතික කණ්ඩායමට අවශ්‍ය බව ඔප්පු කළේ පාකිස්ථාන පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමිනි.

දැන් ඇත්තේ මෙම ක්‍රීඩකයින් නිසි පරිදී කළමනාකරණය කර අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි යෙදවීමය.මන්ද මොවුන් අද ලබා ගන්නා අත්දැකීම් තුලින් ඉදිරියේ දී සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කර ගත හැකි බැවිනි. එසේ වුවහොත් අපට 2019 ගැන බලාපොරොත්තු තබාගත හැක

අවසාන වශයෙන් කිවයුතු දෙයක් ඇත. තරගයක් පරදින විට රතිඤඤ පත්තු කරන සුළුතර පිරිසක්  සිටියත් බහුතරයක් වූ ශ්‍රී ලංකේය ජනතාව තුල මෙරට ක්‍රිකට් කණ්ඩායමට ඇත්තේ ආදරයකටත් වඩා වූ ගව්රවයකි. ජයග්‍රහනයේදී අවංකව සතුටු වන්නේත්, පරාජයේදී අත් නොහරින්නේත් එම ගව්රවය නිසාමය. ලෝකයේ ඕනෑම කණ්ඩායමක පසුබෑමක් ඇත. මේ ගෙවීයන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංක්‍රාන්ති සමයයි. එබැවින් අප ක්‍රිකට් රසිකයින් ලෙස තවත් කලක් ඉවසීමෙන් බලාසිටිය යුතුය.

Comments

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!