අපේ එවුන්ටත් වැඩක් පටන් ගන්න මාර කැහිල්ලක්නේ තියෙන්නේ. හා හා පුරා කියලා පටන් ගත්තා කස්ටියත් එක්ක කයියක් ගහන්න ජීවත්වෙන පොලවේ පයගහලා ජීවත්වන කස්ටියක්ව හොයාගන්න. පොලව ගැන කිසිම හිතක් නැති සහ පයගහලා ඉන්න ඈයෝ දන්නේ නැති උදවියයි, පොලවට එමටම ආදරයක් නැති සහ ආදරයක් ඇති උදවියයි අම්බානක මඩත් ගහගත්තා. ලොකු ලොකු සීන් කෝන් ගොඩක් මැද පොදු බලාපොරොත්තුව මල් පල ගත්තා. ටික කාලයක් ඔහොම්ම ගියා කියමුකෝ…

දැන් සප්පෝර්ට් එකට කස්ටියකුත් හොයාගන්න ආයෙත් මඩ සහ පරන ෆයිල් අවුස්සලා මඩ ගහන්න පටන් ගත්තා. සුපර්මෑනුයි ස්පයිඩර්මෑනුයි හොරු අල්ලන්න ලෑස්තිත් උනාලු. ලොවෙත් නෑ කියලා අම්බානක ඩ්‍රාමා දෙපැත්තේම තිබුනා. අන්තිමට ඔනේ කිව්ව අයයි, ඔනේ නැහැයි කිව්ව අයයි ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවුරුම් දුන්නේ ගාල්ලයි, සුජියි වැජඹෙනකොට. අලුත් යකාගේ වැඩවලට පරණ බක්කු සහ පරණ කොක්කුන්ට දැන් ඔන්න මල පැනලා සිත නිවෙන කතා කියන්නේ පරණ යකා ෆුල් මාර්වලස් ජීවිතයක් ගත කරද්දිලු.  අන්තිමට පොලොව ගැන හිතන්න, පොලොවට ආදරේ කරන්න ඉතුරු උනේ කැහිල්ල තිබ්බ එවුන්ට විතරයිලු. ඒ කැහිල්ලත් හොද වෙච්ච දවසට දෙයියන්ගේම සරණයි ඕන්.

Comments

Written by

Previous article
Next article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!