port-city-colombo-chec-2-1 copy

ඩුබායි වලයි කටාර් වලයි මූද ගොඩකරලා හැදුවා දූපත් ඔයාටත් ඕනෑ වුනා හදන්න ගත්තා ලංකාවෙත් දූපතක්. ඉරානේ, මැලේසියාවේ, චීනේ, රුසියාවේ සංචාරය කරද්දී දැක්කා අහස උසට ගහපු විදුලි සංදේශ කුළුණු ඔයාටත් ඕනෑ වුනා එකක් ඉතින් ගහන්න ගත්තා මෙහෙත් එකක්. ලෝකේ එක එක රටවල් වල උන් සැටලයිට් අරිනවා දැකා ඉතින් ඒ විදියමයි.. මේවා කතා කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා ඒක නිසා දැන් නවත්තමු. අන්ත් ඒවා ගැනත් කිව්වයි කියලා හිතා ගන්නකෝ.

ඔහෙමම තමයි ලෝකේ ප්‍රධාන පෙලේ නායකයෝ හැම එකාටම තියෙනවා පොලවයට බංකර් ඉතින් ඔයාටත් ඕන වුනා එකක් ඒකහන්දා තමයි ඕක හැදුවේ නැතුව වෙන කෙහෙල්මලකට නෙමෙයි.”

– අන්තර්ජලයෙන් උපුටා ගන්න්නා ලද්දකි.

…………………………………………………………………………………………………………………………..

ඉතින් හැදුව කියල මහත්තයෝ මක් වෙනවද? ඒ ඔක්කොම හැදුවේ ලංකාවටනේඑහෙම නැතුව මහින්ද මහත්තයට යනකොට අරගෙන යන්න නෙමෙයි නේ. ඔන්න මහින්ද මහත්තය ඔය දුපත හම්බන්තොට කුබුරක් ගොඩකරලා හදාගත්තනම්, ඔය කියන කුලුන බෙලිඅත්තේ ටවුන් එක මැද්දේ හදාගත්තනම් ඔන්න අපිට එහෙමවත් හිතන්න තිබුනා.

භූගත බංකරේ ගැන වුනත් එච්චර තමයි. මහින්ද මහත්තයා එක හැදුවේ කාල්ටන් වල තමන්ගේ වත්ත ඇතුලේ නෙමෙයිනේ. අනාගතයේ තේරී පත්වන සියලුම ජනදිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන හිතලා තමයි අප්‍රසිද්ධව අරලිය ගැහ මන්දිරය ඇතුලේ බංකරයක් හදන්න ඇත්තේ. රාජ්‍ය ආරක්ෂාව ගැන මෙලෝ හසරක් දන් නැති අර සිරිසේන උන්නැහේ ආව ගමන් මොකද්ද කරේ තමන් ඇතුළු ඉදිරියේදී පත්වෙන සියලුම ජනදිපතිවරුන්ගේ ආරක්ෂාව බලුබල්ලට දාලා තමන් මහා සොයාගැනීමක් කරා වගේ භූගත බංකරේ ගැන අඩබෙර ගහපු එක , පෝස්ටර් ගහපු එක.

දැන් ඉතින් කොටි ත්‍රස්තවාදියාගේ ඉදල ISIS සටන්කාමිය දක්වා දන්නවා අරලිය ගහ මන්දිරේ ඇතුලේ භූගත බංකරයක් තියෙනවා කියල. සිරිසේන ඔයාගේ මොලේ තමයි මොලේ . අර ඔයාගේ නළුවෙක් නොව මොලයක් කියන අගමතිතුමවත් කියල දුන්නේ නැද්ද ඕක කියන එකේ තියෙන බරපතලකම?

මහින්ද මහත්තයා ඉන්න කලේ නම් අඩුම ගානේ රට රට වල සංචාරය කරලා එතුමා දැකපු දේවල් මෙහෙ ඇවිල්ල හදන්නවත් උත්සහ කරා. එකට දැන් ඉන්න එක්කෙනාරට රටවල ගිහිල්ලා ඇවිල්ල රැජින අත්මේස් ගලවල අතට අත දුන්න එවයි වෙන වැඩකට නැති කතා කියන්න ජාතිය අමතනවා ඇරෙන්න වෙන කරන දෙයක් නැනේ.

පසුව ලියමි :- මහින්ද මහත්තය නම් බංකරේ හැදුවේ අරලිය ගහ මන්දිරේ ඇතුලේ කාගේත් ප්‍රයෝජනය පිණිස මිසක් යනකොට අරගෙන යන්න නෙමෙයි. එත් අර සිරිසේන උන්නැහේ තමන්ගේ නිවාස අලුත් වැඩිය කරන්න කොටි 90ක් වෙන්කර ගත්තේ ජනාධිපති කමෙන් පස්සේ අරගෙන යන්න නෙමෙයිද කියල නම් හොයල බලන්නම වටිනවා.

– පැතුම් විදානගමගේ

Comments

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!