ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.

 

පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස හිතුනම call එකක් ගත්තොත් කරදරයක් ද කියලා අහන්න වෙද්දී හිතට දැනෙන අසරණකම වචන වලට ගලපගන්න බැරි තරම් කියල දන්නේ ඒ දේ විදපු කෙනෙක් විතරයි…

 

තමන් ඉස්සර වගේ කතා කරන්න ගත්තොත් තියෙන සම්බන්දයත් නතර වෙයිදෝ කියලා හිතේ තියෙන තිගැස්ම වගේම බැරි වෙලාවත් ඒ number එක busy උනොත් , එහෙමත් නැත්තන් call එකක ඉද්දි hold වැටුනොත් පපුව පිච්චෙන්න ගන්න තරම දන්නෙත් විදවන හදවතක්ම විතරයි…

 

පුංචි වෙනසක් ගැන උනත් දවස් ගානක් හිතන්න තරම් ආදරේ ඉස්සරහ බොලද වෙද්දී , වෙලාවකට තමන් ගැනම දුකයි.

 

ලෝකේ ඉස්සරහ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති care කරන්නේ නැති ජීවිතේ විදිනව කියල පෙන්නන ගොඩක් අය එහෙම හැසිරෙන්නේ ආදරේ හින්ද විදවන ගමන් ඒ දුක නැති කරගන්නයි.

 

ආදරය කියන්නේ විදින්න ඕනේ දෙයක්….ජීවිතෙත් එහෙමයි…විදින්න පුළුවන් ආදරේ විදවලා ජීවිතේම නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ ආදරේ විශ්වාස කරගෙන දුකක් උනත් උහුලගන්න පුළුවන් නම් කවදාවත් ඔයාට ඔයාගේ ආදරේ නැති වෙන එකක් නැහැ. හිනාවෙලා ඒ ආදරේ විදින්න පුළුවන් දවසක් එයි…ඒ දවස වෙනකන් තමන්ගේ ආදරේ විශ්වාස කරන්න….තමන්ගේ ආදරේ අයිතිකරයව එහෙමත් නැත්තන් අයිතිකරියව විශ්වාස කරන්න….

 

 

සමාධි සංකල්පනා මලලවීර

 

(ආදරණීය සංකල්පනා )

2015/12/12

Comments

Written by

Sankalpana

* samadhi sankalpana malalaweera * http://writer-sankalpana.blogspot.com/ * Proud of being a daughter of mother ANULA * https://www.instagram.com/sam_sa_93

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!