සරසවියේ නිවාඩුවට

මං ආවා ගම්මානෙට

සිග්නල් නැති හන්ද මෙහෙට

ඇසුරු කළා මිනිසුන් මම

 

නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග

තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ

නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය

සල්ලි පස්සේ දිව ගියාට නෑ උන් ළග මනුස්සකම

 

වෙලේ සුළග වැදෙද්දී මට

නැවුම් හුස්ම ගනිද්දී මම

දැනුනා නගරේ නොවටිනාකම

ගමේ හිටපු දවස් 3ට

 

ඇයි අම්මේ නගරේ අය දන්නේ නැත්තේ මනුස්සකම

ගමෙන් එද්දී නගරේ තුලට මඟ ඇරුනද මනුස්සකම

මැටි ගෙදරත් තට්ටු ගෙයිත් ඉන්නේ මිනිසුන්ම නේද

ගේ ලොකු වෙනකොට අම්මේ පැන යනවද මනුස්සකම

 

ආයිත් බෑ ඔහේ එන්න

ආසයි මං ගමේ ඉන්න

සල්ලි පස්සේ අපි දිව්වට

ලැබුණේ අපිට නොමිනිස්සකම…

 

https://simaweneha.wordpress.com/2015/12/31/ගම්මානේ-මනුස්සකම/

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!