ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා…..

සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී අපිත් ඒ සාම්ප්‍රධායික ගොඩට වැටෙනවා. හැබැයි අපි දන්නෙත් නැහැ අපි ඒ ගොඩට වැටිලා කියලා……….

ආදරය ගැන ප්‍රශ්න ආවම කොච්චර රැඩිකල් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ  උනත් සාම්ප්‍රධායික මානසිකත්වයකින් හිතන්න ගන්නවා…… බොලද වැඩ කරන්න ගන්නේ හරියට තුන හතර වසරේ පන්ති වල ඉන්න පොඩි එවුන් වගේ….

ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අදහස් හණමිටි අදහස් කියලා ගණන් නොගන්න ,  අපිට අපේ වැඩ තනියෙන් කරගන්න පුළුවන් කාගේවත් උදව් ඕනේ නැහැ කියලා කෑගහන ගොඩක් කෙල්ලොන්ට කොල්ලොන්ට පොට වැරදුනාම තමා ගෙදර ඉන්න අම්මාව තාත්තව මතක් වෙන්නේ. හොට බිම ඇනුනම තමා තේරෙන්නේ දෙමව්පියන්ගේ හණමිටි අදහස් වල සත්‍යතාව 100% කියලා.

ගෙවල් වල ඉන්න අහිංසක අම්මා තාත්ත ගෙන් opinions ගන්න එක youth generation එකේ අපිට මදිකමක් කියලා හිතෙනවා ඇති.  චුට්ටක් හිතලා බලන්න ලී බඩුවක උනත් වටිනාකම වැඩි වෙන්නේ modern designs වලට වඩා classic designs වල නේද කියලා…..පණ්ඩිතකමට තනි තීරණ අරගෙන අපි කොච්චර නම් දුක් විදින අවස්ථා තියෙනවද. නැවතිලා හිතලා බැලුවම වෙලාවකට modern youth generation ඒක කියන්නේ modern විදියට දුක් විදින ජාතියක්.

හිතට බරක් දැනෙන ප්‍රශ්නයක් ආවහම ගිහිල්ලා නතර වෙන්නේ ගමේ පන්සලේ බෝ ගහ යට. ඇත්ත බෝ ගහ යට ඉද්දි හිතට මහා සැනසිල්ලක් දැනෙනවා තමයි. පන්සල් යන්න ඕනේ කියලා අම්මලාට කිව්වම එයාලා හිතන්නේ අපි එකත් කරන්නේ style එකට කියල. එහෙම නෙමේ modern stylish අපිත් classic වෙන වෙලාවල් එනවා.

තරුණ අපේ ජිවිත වෙලාවකට පාවෙන සරුංගල් වගේ…..අරමුණක් නැතුව ඔහේ පාවෙවී තියෙනවා. අරමුණක් හදාගෙන ඉස්සරහට යන්න උත්සහ කරද්දී අපේ කකුල් වලින් අදින කල්‍යාණ මිත්‍රයෝ මේ සමාජයේ අනන්තයි අප්‍රමාණයි. එහෙමයි කියලා අපි නවතියිද ? නැහැ. එන ඕනෙම ප්‍රශ්නෙකට කෙලින් මුහුණ දීල අම්මලා තාත්තලාගේ හිත නොරිදා අපේ අරමුණු වලට යන එකයි තරුණ අපේ ඉලක්කය…. වපර ඇස් වලින්ම අපි දිහා නොබලා යහපත් දෘෂ්ටි කෝණයකිනුත් අපි දිහා බැලුවොත් සමාජයට නරකක් වෙන එකක් නැහැ !

සමාධි සංකල්පනා මලලවීර

Comments

Written by

Sankalpana

* samadhi sankalpana malalaweera * http://writer-sankalpana.blogspot.com/ * Proud of being a daughter of mother ANULA * https://www.instagram.com/sam_sa_93

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!