අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක් එහෙමත් නැත්තන් කෑල්ලක්….office යන්න උනත් කොටට ඇදලා අඩි උස දැම්මොත් makeup දැම්මොත් අන්න ඒකි බඩ්ඩක්….කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉදලා ඒ affair එක නැවතිලා වෙන කොල්ලෙක් එක්ක යාළු වුනොත් කවදා කොහොම මොන හේතුවකට උනත් ඒ කෙල්ල වටේ ගිය එකක්…..(කොල්ලෙක් එක පාරට කෙල්ලො 10ක් 15ක් එක්ක යාළු වෙලා හිටියත් ඌ වැඩකාරයා….) තමන්ගෙ අම්මාට සලකන්නෙ නැති ගෞරවයක් නැති කොල්ලෙක් ගෙන් කෙල්ලෙක්ට ගරු කරන එක බලාපොරොත්තු වෙන්න බැහැ කවදාවත්…..තමන්ගෙ අම්මට ගෞරව කරන කොල්ලා අනිත් හැම කෙල්ලෙක්ටමත් ඒ ගෞරවේ දෙන්න දන්නවා…..ආදරය රැකවරණය ගෞරවය කෙසේ වෙතත් අවස්තාවෙන් උපරිමේට ප්‍රයෝජන අරගෙන කෙල්ලන්ගෙ අහින්සකකම , අසරණකම පාවිච්චි කරන්න බලන් ඉන්න සමාජෙකයි අපි ජීවත් වෙන්නෙ….විකෘති මානසිකත්ව පිරිලා තියෙන වර්තමාන සමාජයේ තාත්තා දුව ව එහෙමත් නැත්තන් අයියා නංගිව එහෙමත් නැත්තන් ගුරුතුමා සිසුවිය ව දූශණය කලා කියලා අහන්න ලැබෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහෑ…පොඩ්ඩ ඇත්තන් කෙල්ලොන්ට බඩ්ඩ , බඩුව , කෑල්ල ,ගෑනි කියලා කතා කරන එකම එක කොල්ලෙක්ටවත් මතක නැතුව ඇති තමන්ව හදපු වඩපු අම්මත් ගැහැනියක් කියන එක….කෙල්ලො වෙච්ච අපිට සමාජයේ සම තැන ඉල්ලගෙන board උස්සගෙන හන්දියක් හන්දියක් කෑගහන්න ඕනෙ නැහැ නිසි තැන දෙනවනම්….ලැබෙන ඕනෙ ගෞරවය රැකවරණය දෙනවානම්…..

ආදරණීය සංකල්පනා

Comments

Written by

Sankalpana

Thoughts of a heart ❤️

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!