මේ පොස්ට් එක දාන්න හිතුවෙ එක එක මානසික අසහන කාරයෝ නිසා අමාරුවේ වැටෙන Facebook ගිණුම් හිමියෝ ගැන නිතරම අහන්න ලැබෙන නිසා. එකවුන්ට් එක හැක් කරලා hacker ගොන් අතල් එකක් ගත්තම සේරම ඉවරයිනේ. යාලුවො සේරටම පෙන්න මොනවහරි wall එකේ දැම්මොත් එහෙම  “I’m gay” කියල . ඒක හන්දා එකවුන්ට් එක පරිස්සම් කරගන්න හැටි දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ. මේ කියන්න හදන්නේ ඒ ගැන.

අපේ එකවුන්ට් එක හැක්‌ වෙන්නේ කොහොමද කියන එක දැනගන්න නම් හැක් කරන්නේ කොහොමද කියල දැනගෙන ඉන්න එපැයි මුලින්ම. එකවුන්ට් එක හැක් කරනවා කියන්නේ මාර්ක් සකබර්ග් අයියගේ මුලු Server එකම හැක් කරන එක නෙමෙයි. එහෙම කරොත් මාර්ක් අයිය ජොබක් සෙට් කරලා දෙයි  Fecebook එකේම. ලංකාවේ ඉන්න ලාමක hackersලා භාවිතා කරන්නේ Phishing කියන ක්‍රමය.

Phishing is the attempt to acquire sensitive information such as usernames, passwords, and credit card details (and sometimes, indirectly, money), often for malicious reasons, by masquerading as a trustworthy entity in an electronic communication.

මේක ගැන තේරෙන බාසාවෙන් පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. Phishing කරද්දී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Social Engineering Toolkit (SET) කියන එක. SET ඒකෙ තියෙන ටූල් ගොඩෙන් එකක් තමයි Site Cloner කියන ටූල් එක. මේකෙදි වෙන්නේ හැකර් Facebook Site එකේ Clone එකක් හදන එක. ඒ කියන්නේ Facebook site එකේ Login page එක වගේම එකක් හදන එක. ඒ හදපු Page එක තියෙන්නේ හැබැයි hackerගේ කොම්පුටරේ ඇතුලේ. දැන් දෙයියනේ කියල hacker අපිට එවනවා ලින්ක් එකක්. මේ page එකට ගිහින් ලයික් එකක් දාන්න, මේ පොටෝ එකට ලයික් එකක් දාන්න කියල. ගොඩක් වෙලාවට මේ ලින්ක් මේ වගේ (http://192.164.154.23(එහෙම නැති වෙන්නත් පුළුවන්)).

දැන් ලින්ක් එක දැක්ක ගමන් අපිත් ඉතින් ගොන්නු වගේ එක ඔබනවා, ලින්ක් එක ක්ලික් කරාම අපි Facebook එකට login වෙලා හිටියත් යන්නේ හැබැයි Login Page එකටමයි. ඇත්තටම යන්නේ hacker අර ටූල් එකෙන් හදපු බොරු Login Page එකට. ඊට පස්සේ username එකයි password එකයි ගහපු ගමන් ඒ දෙකම hackerට පේනවා . බඩු හරිනේ ඉතින්.

දැන් hackerට ඕන වෙලාවක ඔයාගේ එකවුන්ට් එකට Login වෙතැකි. hackerලා කොච්චර කපටිද කියනවනම් hack කරපු එකවුන්ට් වලට login වෙන්නේ මහ රෑට. ඊට පස්සේ හතර වටේට messages යවල ඒ ටික ඩිලීටුත් කරනවා. ඔයා දන්නෙත් නෑ එකවුන්ට් එක hack වෙලද කියලා. දැන් තෙරුනනේ වැඩේ.

දැන් කොහොමද අපේ එකවුන්ට් එක පරිස්සම් කරගන්න.

  1. නොදන්න ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
  2. සතියකට බැරිනම් මාසෙකට පාරක්වත් password එක වෙනස් කරන්න.
  3. සමහර වෙලාවට ඔයාගේ එකවුට් එකට හරි password එක දීලත් ලොගින් වෙන්න බැරිනම් ඉක්මනටම Forgot your password? එකට ගිහින් ඔයාගේ password එක reset කරන්න .

මේක Facebook වලට විතරක් අදාල එකක් නෙමෙයි, ඕනෙම User Account එකකට මේ වගේ වැඩක් වෙන්න පුළුවන්, එක හන්දා මීට පස්සෙවත් ඔබන ඒවා පරිස්සමට ඔබන්න.

සදා ජය !


 


Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!