සිතුවිල්ලක් ගලපමි…….

කාටවත් රිද්දන්න හිතාගෙන ලියන දෙයක් නෙමේ. එත් ඕනෙම කෙනෙක් තේරුම් ගන්නවානම් හොදයි කියලා හිතෙන දෙයක්…..විශේෂයෙන් කෙල්ලෝ වෙච්ච අපි මේක තෙරුන් අරන් ජිවත් වෙන්න ඕනේ……

කෙල්ලෙක්ට හිතට fit වෙච්ච අවුරුදු ගානක් තිස්සේ අදුරන, ඕනෙම private දෙයක් බෙදා හදාගන්න , හිතෙන හැමදේම අකුරක් නෑර කියන කොල්ලෙක් ඉන්න පුළුවන් friendship එකට ආශ්‍රය කරන…..(සමහර විට ඉතින් ඒ කොල්ලා ගැන ඒ කෙල්ලගේ හිතේ අදහසක් තියෙන්නත් පුළුවන් තිබුනා වෙන්නත් පුළුවන්)

හිතන්න ටික කාලයක් යද්දී ඒ කොල්ලට වෙන කෙල්ලෙක් එක්ක affair එකක් ඇති වෙනවා කියලා. තමන්ට හිතෙන්න පුළුවන් අයියෝ මෙහෙමත් සක්කරවට්ටමක් එක්කද මෙයා යාලු වුනේ මම හොදයිනේ ඊට වඩා කියලා….ඒක වැරදි නැහැ , මොකද හැම කෙල්ලෙක්ටම තමන්ගේ crush එක වුන කොල්ලාත් එක්ක යාලු වෙච්ච කෙල්ල ගැන තරහක් හිතට එන සාදාරනයි……ම්ම්ම්ම්ම් තරහක්මත් නෙමේ ඒක පොඩි ඉරිසියාවක් වගේ feeling එකක්………(ඔයාලා බලයි මම කොහොමද මෙච්චර ඒ feeling එක ගැන දන්නේ කියලා……… 😉 මටත් crush එකක් තිබ්බලු………කාලෙකට ඉස්සර ) තමන්ට ඒ කොල්ලාගේ කෙල්ල ගැන මොන දේ හිතුනත් ඒක ඒ කොල්ලට කියලා ඒ කොල්ලගේ හිත කඩන්න හදන එක සදාචාරයක් තියෙන කෙල්ලෙක් කරන්න හොද වැඩක් නෙමේ නේද…….?

අනිත් එක්ක මොන තරම් fit එකක් ඒ කොල්ලත් එක්ක තිබ්බත් ඒ කොල්ලගේ පවුල් ජීවිතේ ගැන ඒ කොල්ලා කිව්වත් ඇගිලි නොගහ , එක එක ඒවට opinion නොදී ඉන්න තමන් දැනගන්න ඕනේ. කොච්චර හොද යාළුකමක් උනත් කිසිම කෙල්ලෙක් කැමති නැහැ තමන්ගේ කොල්ලට මහා රෑ තිස්සේ වෙන කෙල්ලෝ කතා කරනවට.  හරි ඉතින් තමන්ගේ හොදම යාලුවට උදව්වක් ඉල්ලගන්න කතා කළා කියමුකෝ ,(software එකක් දාගන්න එහෙමත් නැත්තන් lap එකක් format කරගන්න එහෙමත් නැත්තන් electric මොනා හරි gadget එකක් ගැන උපදෙස් ගන්න වගේ…. )  ඒ හැම දෙකටම සීමාවක් කියලා එකක් තියාගන්න තමන් දැනගන්න ඕනේ…….උදව්වක් ඉල්ලගන්න කියල හැමදාම රෑ ජාමේ ඒ කොල්ලගේ phone එකේ එල්ලිලා ඉදලා හරියන්නේ නැහැනේ.

සමහර විට මම වැරදි ඇති………මේ මට හිතුන දේ………..කවුරු කොහොම උනත් කෙල්ලනේ……කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් එක්ක කරගන්න තියෙන කතාවක් එලිය තියෙන වෙලාවක කරගන්නවා නම් තමා හොද……….මොකද හැමදේකටම වෙලාවක් කලාවක් කියල දෙයක් තියෙනවනේ………..කවුරු හරි මගෙන් අහයි ඇයි මේ කෙල්ලන්ටම බනින්නේ කෙල්ලෙක් වෙලත් කොල්ලාත් දැනගන්න ඕනේ නේද කියල….කොල්ලගේ හිත හොද වැඩි නිසා යාලුවන්ගේ හිත රිදවන්න කොල්ලා කැමති නෑ. අන්න ඒ නිසා කොල්ලට බෑ යාළුවා එක්ක කතා නොකර ඉන්න කතා කලාම……….. කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ අපි දැනගන්න ඕනේ අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී ජිවත් වෙන්න.

Comments

Written by

Sankalpana

Thoughts of a heart ❤️

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!