අතුරා සුදු රෙද්ද
සොයයි මංගල රෑ පුරාම
ඇය බඩුවක් නොවන බව
සැක හැර දැන ගන්නට
අමතකද පෙර දිනය
නොඅතුරාම සුදු රෙද්ද
පැල්ලම් පිරෙව්වා ඇඳ ඇතිරිල්ලේ නුඹ
සොයන්නෙත් නැතිව ඇය ගැන
නුඹ යයි කියන බයට
දුන්නා ඇගේ පතිවත නුඹට
ඒත් නුඹ ගියා තනිකර ඇයව
ගෙදරින් අකමැති කියාගෙනම
දැන් හොයනවා පැල්ලමක්
උජාරුවට මනාලිට බැන බැන
පැල්ලම් කෙසේ ඉතිරි වෙයිද කෙල්ලන් ළඟ
නුඹ වගේ කොල්ලන් සිටින කල