මට මතකයි ඉස්සරෝම මම ඉස්කෝලෙ යන කාලේ මට කියල දුන්නා, ඇස්, කන්, නාස්, අත්, කකුල් තියෙන රූපයක් පෙන්නලා මේ තමයි ‘මිනිසා’ කියල. එතකොට මම හිතුව මගේ අම්මා මිනිසෙක් මගේ තාත්තා මිනිසෙක් මගේ අයියත් මිනිසෙක්. ඒත් මම ඒ වගේ හැබැයි ටිකක් වෙනස් අයවත් දැක්කා ඒ අයටත් ඇස්, කන් නාස් තිබුණා හැබැයි අත් වෙනුවට තිබුනෙ කකුල් පිටිපස්සෙන් දිගට මොනවදෝ තිබුනා. අපි වගේම අවිදිනවා කනවා බොනවා ඉතිං පුංචි හිතට ලොකු ප්‍රශ්ණයක් මේ අය කව්ද?
“මේ කව්ද තාත්තේ? මේ අයට කියන්නේත් මිනිසා කියලද?…” මම ඇහුවම තාත්තා හිනා උනේ ආදරෙන්.
“නෑ පුතේ මේ සත්තු,, කෑවට බීවට අපි තරම් දියුණු නැහැ,, මුන්ට තිරිසන්නු කියලත් කියනවා… ඒත් පුතේ මේ තිරිසන්නු හොදයි ඔයා ඔය කියන මිනිස්සුන්ට වඩා….” අන්තිම වචන ටික තාත්තා කිව්වේ ලොකු හුස්මක් එලියට දාලා කට හඩ බර කරලා. මගේ පුංචි හිතට ඒ වචන තේරුනේ නැහැ මම හිණාවුනෙත් නැහැ.

අපි හැමදාම පුංචි එවුන් වගේ ඉන්නවානම් කොච්චර හොදද? මට දැන් නිතරම හිතෙනවා. තාත්තා නොකියා කියල දුන්නු කතාව අද මට තේරෙනවා. මම හැමදාම ජනෙල් පොලු අතරින් අල්ලපු ගෙදර සිරියා නැන්දා දිහා බලන් ඉන්නවා පොඩි කාලේ ඉදන්ම පුරුද්දට වගේ. මම දැක්ක සිරියා නැන්දා එයගේ පුතාට ආදරේ කරන හැටි. අත මිට සරු නැතත් ආදරේ අඩුවක් තිබුණෙ නැහැ. හොදට උගන්නල ලොකු මහත්තයෙක් කලා. ඒ වගේම සිරිය නැනදලා ගෙදට්ට ගෙනාපු පුංචි බලු පැටියවත් සිරිය නැනද බලාගත්තෙ ආදරෙන්. ඌ දැන් ලොකුයි. අද සිරිය නැනදයි ඒ බල්ලයි තනිවෙලා, සිරිය නැන්දගේ පුතාට අම්මෙක් ඉන්නවද කියලත් මතකද දන්නෙ නැහැ. මට දැන් කොයි වෙලාවෙත් පේන්නේ වැ‍රැහැලි අදගත්තු ඇස් වල කදුළු පුරවන් පාර දිහා බලන් ඉන්න බල්ලෙක් එක්ක තනි උන වියපත් ගැහැණියක්. ඒ බල්ලා නම් පුදුමාකාරයි සිරියා නැන්ද පොඩ්ඩ්ක් පේන්න හිටියෙ නැත්තම් වත්ත වටේම බුර බුරා හොයනවා,, සිරිය නැන්දව දැක්ක ගමන්ම නගුටත් වන වන සාරි පොටේ එල්ලෙන්නෙ ලෝකෙ ලොකුම වස්තුව හම්බවුණා වගේ. තම කුසින් වැදූ පුතාට නැති ආදරයක් මේ තිරිසන් සතාට කොහෙන්ද? මම පුංචි කාලේ තාත්තා කියපු කතාව ආපහුත් මට මතක් උනා. පිටවුනේ සුසුමක් විතරයි.
ඉතින් ජීවිතය කියන්නේ ඒකට නේද? මමත් අද මේ කාමරේ තනිවෙලා. මම සතුටින් උන්නු කාලේ මගෙත් එක්ක හිණාවුනු අය අද නෑ ඒ ම්ං දුකින් නිසා,, මගේ දුක දැන් එයාලට කරදරයක්. ළගින් උන්නු හැමෝම පැදුරටත් නොකියා ගිහින්. ඒ ගැන මට දුකක් නැහැ මොකද මම තනිවෙල නැහැ දුක් ගත්ත මගේ හිත ළග අල්ලාහ් ඉන්නවා. මේ අල්ලාහ් මාව පරීක්ෂා කරන කාලයක් ඒත් කවදාවත්ම මම අල්ලාහ් කෙරෙහි විශ්වාසයවත් අල්ලාහ් මාව වත් අත හරින්නේ නැහැ මම දන්නව. අල්ලාහ් මට ගොඩාක් දේවල් කියල දුන්නා මං ළගින්ම ඉදලා හරිම ලස්සනට ජීවිතේ කියන්නෙ මොකක්ද කියල,, මේ ජීවිතේ සැබෑ අර්ථය මට කියල දුන්නා… ඒ හැමකටම වඩා මම අද අදුරගත්තා මිනිසාව– සියලු ප්‍රසංශා දෙවියන්ටමයි!

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!