“සිල් බිඳ ගැනීම” ප්‍රතික්ශේප කරන්නවුන් උදෙසා,

රන්ජන් සාලිය මහතා හා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ගායනා කරන,  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල මහතා  රචනා කළ ඉරාජ් වීරරත්න මහතා සංගීතවත් කළ “මම සිල් බිඳගත්තෙ”  ගීතය හා එහි වීඩියොව  වර්තමානයේ  වඩාත්ම  ජනප්‍රියත්වයට පත්වූ ගීතයක් බවට පත්වී අවසානය. ඊට හේතුව ධනාත්මක නොකොට සෘනාත්මක  හේතුවක් කරන්නට වත්මන් සමාජය උත්සාහ  දරති. මාගේ මේ අරමුණ මෙම ගීතය ප්‍රතික්ශේප කරන්නන්ට එය පිලිගැනීමට හේතුවක් පෙන්වා දීමයි.
සිල් බිඳගැනීමේ  සිදුවීම  බටහිරයන්ගෙන්  අපට  ලැබුණු අධම සංස්කෘතික සිරිතක් ලෙස සදාචාරවාදීන් පෙන්වා දෙයි. නමුත් අප අමතක  කළ  ඉතිහාසයේ  ද  මේ  ලිවින්  ටුගෙද  සංකල්පය පැවතී ඇත. එසේ නැතැයි කියන ඔබට ඔබගේ හිත අතීතයට ගෙන යෑමට පුළුවන. රජවරුන්ට  අන්තඃපුර  තිබුනේ  ශ්‍රී  ලාංකේය  අතීතයේ ය. අප  නොදන්නවා උනාට අතීත ග්‍රාමීය නායකයන් ගමේ ළැමිස්සියන් කීයක් දූෂණය කරන්නට  ඇති ද?  කී දෙනෙක්  අතවරයට  ලක්  කරන්නට  ඇති ද?  අතීත  පිරිමි  බින්න  බැස්සෝ ය.  ඔවුන්  බින්න  බැස්සේ ස්වාමින්  නැති බිරින්දෑවරුන්ගේ නිවෙස් වලටය. එබැවින් වර්තමාන  සමාජයට වඩා අතීත සමාජයේ ලිවින් ටුගෙද වැඩිපුර තිබුනේ ය. මේ සිදුවීම අයිති සුද්දට නොව  අපට ය.  නමුත් සිදුවුයේ කුමක්ද?  අනාගතයක්  සෑදීම  සඳහා  ඉතිහාසයේ  අඳුරුතැන්  (සදාචාර සම්පන්න නොමැති යැයි කියන තැන්) සදාචාරවාදින්  විසින් අළු කර දැම්මොය. ඒ අතීතයේ සිට වර්තමානය දෙස බලන විට ඊයෙට වඩා අද හොදය, අදට වඩා හෙට හොඳ වනු ඇත. නමුත් මේ වර්තමානයේ සිට අපට පෙන්වන්නට තනන අතීතය දෙස බලූ විට ප්‍රතිඵලය හාත්පස වෙනස් ය.
සිල්  බිඳගැනීම  හොඳයැයි මා  කීමට  උත්සහ කරනවා කියා ඔබ මේ වනවිට සිතා අවසන් ය. නැත. එය එසේ නොවේ.  මා ද සිල් බිඳගැනීම  ප්‍රතික්ෂේප  කරමි. නමුත්  මේ ගීතයේ දෙබස් හි අඩංගු එක් සුවිශේෂි කරුණක් මා හදවත පසාරු කළ බව ඔබ දැනගත යුතුමය. එනම් ගීතය අවසානයේ නදීශාට තම ස්වාමි පුරුෂයා පවසන දෙබසයි.  “වෙච්ච  දේවල්  ඔක්කොම අමතක කරලා දාන්න, ජීවිතේ අපි ආයෙත් පටන් ගමු.” මෙතරම් දෙයක් සිදුකළ තම බිරිඳට සමාව දීම අමාරු වැඩක් නොව කරන්නට බැරි වැඩකි. සිරාවටම කිවහොත් මට නම්  මෙවන්  දෙයක් වුවහොත් කනට දෙකක් දී ඇයව එලවා දැමීමෙන්වත් නතර නොවනු ඇත. ඔබත්  එසේම ය.  එහි  කතා  දෙකක්   නැත.  නමුත් මෙවැනි  උතුම් චින්තනයක් සමාජගත කිරිමට මෙම ගීතයේ සංගීත නිර්මාණකරුවා වූ ඉරාජ් වීරරත්න මහතා දැක්වූ යත්නය ඉතා උතුම් කොට සැළකිය යුතු බව මාගේ මතයයි. (මගේ මතය යනුවෙන් අදහස් කළේ ඔබේ මතය මගේ මතයට වඩා හාත්පස වෙනස් වන බැවිනි.)
අවසන් වරට කිවයුත්තේ සිල් බිඳගත්තේ නදීශාවත් ඉරාජ්වත් නොවේ. ඔබමය. මෙම වීඩියෝවට බනිනවුන්  මේ  වනවිටත්  සිල්  බිඳගනිමින්, සිල් බිඳිමින් සිටිනවා ඇත.සදාචාරය, සංස්කෘතිය නම් වූ සුදු පිරුවටයට මුවා වී සිල් ගන්නා ලෙස ඔවුහු සිටිති. නමුත් ඒ කිසිවෙකුට තම සිල්  බිඳගත් බිරිඳට ස්වාමියාට සමාව දිය  නොහැක.  “නහී වේරේන වේරානී,  සම්මන්තීධ  කුදාචනං,  අවේරේන  සම්මන්තී  ඒස  ධම්මෝ සනන්තනෝ” යනු බුද්ධ ධර්මයයි.  “ඔබ මිනිසුන්ට  ඔවුන්ගේ වරද  කමා කරන්නහු නම් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.” (මතෙව් 6:14) යනු ක්‍රිස්තු ධර්මයයි. “වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් යනු ලෝක ධර්මයයි. (සැ.යු.- ඉස්ලාම් ධර්මය පිළිබඳ මා තුළ හැදෑරීමක් නැත.)  ආගම්  හතරක් විරාජමානව රජකම්  කළත් “සමාව දීම” නම් වූ උතුම් ගුණාංගය අද වන විට  නැතිවී ගොස් ය. එබැවින් ඝාතන රැල්ල සුනාමියක් වී ඇත. සදාචාරවාදින් දැකිය යුත්තේ මෙය මිස නදීශාගේ ලවන් නොවන බව කියනු කැමැත්තෙමි.

maxresdefault

හැඟුම- චනිර දුලංජය රණතුංග

Comments

Share

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!