(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්)

දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය
මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර…
කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට
ලෙඩ වුනත් නිතරම දොස්තර පුතා ලග මට

කොහෙද හිතේ බය අම්මා කිව්වා නිතර
ඉස්සර ගෙයි මුදුන් පියස්සට කණකොකා ඇඩුවාම
හීනෙකින් හැරෙන්නට මේ භවයේ කිසි දාක
හිතුවෙවත් නෑ ආයේ අම්මේ අපි හමුවෙන්න

හදිස්සියේ අද දවල් පාඩමට පපු කුහරේ
අඩක් විච්චේදනය කර හදවත අරන් එලියට
තිබුනාම ඔබේ රුව මම දැක්කා හුස්මක්
ගල් වෙලා හිරවෙච්ච හිරවෙලා නැවතිච්ච

මගේ ඇස් ඉස්සරහ තාමත් ඉකිගහන
කපපු තැන් කොටපු තැන් මගේ අම්මේ රිදෙනවද
වේලිච්ච ඇස් කුහර තුලින් නුබ අඩනවද මගේ අම්මේ…
හදවත නැවතුනා…
ලේ නහර වේලුනා.

Comments

Written by

Previous article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!