පාසැල් ප්‍රේමය…

කරන අයට මී පැණි වගේ.. පිටින් බලන යට විෂ බදුනක් වගේ …

හරි ගියොත් සුන්දර දෙයක්.. වැරදුනොත් අසුන්දර දෙයක්… වැරදුනොත් කියල කිව්වේ වැරදි දෙයක් එහෙම කර ගත්තොත් කියන එක. ආයේ මොන දෙයියන්ට කියල කියන්නද? ජිවිතේ පටන් ගත්ත තැනින්ම ඉවරයි නේද? පාසැල් ප්‍රේමයේදී තමන් සතු සියලුම දේ පුද කරන්න ගිහින් ජිවිතේ වරද්ද ගතුතු අය අනන්තයි අප්‍රමාණයි. මෙහෙම කියන්නේ එහෙම ජිවිතේ වරද්ද ගතු දෙතුන් දෙනෙක් ගැනම කර්තෘ දන්න නිසා.

එහෙමයි කියල පාසැල් ප්‍රේමය විෂ ගොර වෙන්නෙම නෑ. තමන් ගේ අනාගතය කල්තියාම plan කරගන්න එක හොද අවස්ථාවක්. එත් පාසල් ප්‍රේමයේදී ඇතිවෙන රාගික සිතුවිලි වලට පමණක් මුල්තැන දෙන කින් කීදෙනාද ඒ ලැබෙන අවස්ථාව හරි හැටි ප්‍රයෝජනයට ගන්නේ. අන්තිමට වෙන්නේ මේක මට හොද පාඩම කියා මුළු ජීවිතේම විදව විදව ඉන්න.

අනිත් එක නොතේරෙන වයසේදී කරන ගොඩක් දේවල් පස්සේ කලෙක හිතෙනව කරගත්ත මෝඩ කමක් කියලා. එහෙම හිතෙනකොට ගොඩක් දුර ගිහිලා නම් ආයේ හැරෙන්නේ කොහොමද? ඒ නිසා හොදම දේ තමයි තේරෙන වයසට එනකම් අවදානමක් නොගෙන ඉන්න එක. එක කෝකටත් හොදයිනේ. නොතේරෙන කාලේ නොදන්න පලහිලව් වලට සම්බන්ද වෙලා නිකන් අතපුච්ච ගන්නේ මොකටද?

පාසැල් ප්‍රේමයට ගොඩක් දෙමව්පියන් විරුද්ද වෙන්නේ මෙන්න මේ  හේතුව නිසා. එක තේරුම් ගන්න බැරි ගොඩක් දෙනා අම්මල තත්තලා එක්ක රණ්ඩු වෙනවා. තමන්ගේ කැමැත්තට ඉඩ දෙන්නේ නෑ කියල හිතුවක්කාර වෙනවා. අන්තිමේ ජිවිතේ වරද්දාගෙන අපහු දෙමව්පියන් ගාවටම එනවා. එහෙම ඇවිත්  ඒ අය දෙමව්පියන්ටම  බරක් වෙනවා. මොකද එකපාරක් වැරද්දක් කර ගත්ත අයට සමව දෙන අය මේ සමාජේ ගොඩක් අඩු නිසා.

හොදයි නරකයි දෙකම තියෙන පාසැල් ප්‍රේමය හරියට උණු නිසා බොන්නත් බෑ කැඳ නිසා අහක දාන්නත් බෑ වගේ වැඩක්.

එනිසා කරනවානම් නංගියේ මල්ලියේ පාසැල් ප්‍රේමයේ පල විපාක දෙකම විදින්න බලාගෙනම කරන්න. එත් වැරදි දෙයක් කරන්න කලින් එක පාරක් නෙමෙයි හා දොළොස් වත්වක්ම දෙමව්පියන්ගේ නම්බුව ගැනත් හිතන්න.

ඔබට සදා ජය!

කර්තෘ මේවා කිව්වේ කර්තෘට පාසැල් ප්‍රේමය විදින්නට නොලැබුන නිසා ඉරිසියාවට එහෙම නම් නෙමෙයි ඔන්න හොදේ.  😉

(2012-07-05 කාලෙකට කලින් ලියපු ලිපියක්. පරණ හාඩ් ඩිස්ක් එකක් අවුස්සද්දි හමුවුනේ. ඒ කාලේ ලියමු තිබුනේ නැති නිසා සිතුවිල්ලට හරිහැටි වටිනාකමක් දෙන්න බැරි වුනා. එකයි ආයේ පල කළේ…)

Comments

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!