රෑ මැදියමෙත් පොතකට

මූණ ඔබාගෙන

සිටිනවිට

”සුදු මැණික”

නිදා ගමුද?

ඇහුවහම

වැඩ දහක් අතැර

තුරුළු වෙන ඇය……..

මට නෙමෙනෙ වැඩියෙන් ආදරේ

කවියටයි…….

පොත් වලටයිනේ…..

ඔයා ලියන,

මට නොතේරෙන කවි

නෝක්කාඩුව මගේ

නිහඬ බව බිඳින………

උදෑසන අවදිව,

තොලගානකොට;

සෙනෙහස වැඩියෙන් මුහු

සීනි පිටි අඩුවෙන් දාපු

ඇය හැදූ රහ තේ කොප්පය

සැරට හැමු සුළඟකට

මා පාමුල වැටිණ

රෑ ලියු ඇගෙ කවිය

”’ මා ලියනා කවි වල

අරුත් නොදැනම

රහයියැයි පසසන

කවි බිජු ලියලන්න

සෙනෙහස් පිණි දිය ඉහින

සිනිදු අත්ලට

පන්හිඳට ඉඩදෙන

අනේ නුඹ නොවන්නට

හුදෙකලා අකුරුවල

කුමන නම් රසයක්ද???

හැම කවියෙම පිදුම,

නෙත් සතරකින් විනිවිද

ආත්මය දුටු

මගෙ පණට!!!!!!

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!