විජයකලා පවසන අන්දමට පිරබාහරන්, සමාවෙන්න මිස්ටර් ප්‍රබාකරන් මහතා රනිල්ටත් වඩා මහ මොලකරුවෙකි. හෙතෙම සිංහල දමිල කිසිඳු බේදයකින් තොරව තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක්ද සපයා ඉන් නොසෑහී බාල මහළු වයස් බේදයකින් තොරව ජනගහනයද යම්කිසි තුලනයක් ඇතිව පවත්වාගෙන ගියේය.තමිල් නාඩුවෙන් හක්කේ දත් ගැලෙව්වත් රාජ්‍යමය වශයෙන් එට්කා සීපා හරහා පමණක් නොව ඉන්දීය හමුදාවට පවා හෙතෙම ඇයි-හොදැයියක් පවත්වන්නට ගියේ නැත. එපමණක් නොව රිෂාර්ඩ්ටවත් ගස් කපන්නට නොදී කාලයක් විල්පත්තු කැලයද අරක් ගෙන ආරක්ෂා කළේය. එතැනින් එහාට තව තොප්පිගල කැලයද හෙතෙම පණ නල මෙන් ආරක්ෂා කළේය. මෝඩ මහින්දගේ හමුදා ගෝල බාලයෝ කිලිනොච්චි යන පාර වැරදී , මදවච්චිය්යද අල්ලා ,අන්තිමට තොප්පිගලද අල්ලාගෙන පිස්සු කෙළින්නට වෙඩිතලතිව් ගොස්, ඒ එන අතරමගදී සාදයක් දමන්නට පුදුමාතලන් වලට සැපත්ව නන්දිකඩාල් රෙස්ට් හවුස් එකේ බජව් දමමින් සිටිද්දී පෙර දැනුම් දීමකින් තොරව සාද බූමියට ඇතුළු වූ ප්‍රබාකරන්ව ඉතා කුරිරු අන්දමින් ම්ලේච්චසහගත ලෙස ඝාතනය කරන්නට යෙදුනහ.
මහේස්වරන්ට මිතුරෙක්, ප්ලොට් සංවිධානයට සමීපතමයෙක්, පුතෙක්ට පියෙක්, බිරිඳට ආදරණීය සැමියෙක්, දමිල විමුක්තියක් සෙවූ නායකයෙක් දැයට අහිමි වූයේ මහින්ද ගෙ මෝඩ චූන් වල ප්‍රතිපලයක් ලෙසය.
එනිසා ප්‍රබා ගේ අබාව, බාග්‍යක් ලෙස සැමරිය යුතු නැත.
එතකොට අහිංසක කොටි හිතවාදී මිතුරන්ගේ හිත් පෑරෙන්නට අප ඉඩ තැබිය යුතු නැත.
තම ප්‍රධානතම චන්ද දායකයින්ගේ හිත් රිදවීමට අතිගරු සරල ජනපති සහ ගරු සුකුමල අගමැති තුමන් අකමැතිවා වන්නට ඇත.
අට පාස් ආමි කාරයින්ට කියා පෙරඩ් ගස්සනවා වෙනුවට , අළුත් පරපුරට කියා ඉටිපන්දම් දිනයක් පැවැත්වීම යෙහෙකැයි නළුවන් නොවන මොළකරුවන් සිතනවා වන්නට ඇත.
දනුෂ්ගේ ෆිල්ම් බලන, ආනන්ද බවන් එකෙන් තෝසෙ කන,බුහාරියෙන් බිරියාන කන, ඉඳහිට වැල්ලවත්තෙන් සයිවර් පාරක් අතාරින අපිත් දමිල සහෝදරයින් සමග බොහොම සාමයෙන් කල්ගේවන්නෝ වෙමු.
මා මිත්‍ර මුතුකුමාර්ගේ පෝන් එකේ සිය ගානක් සින්දු අතරේ අදටත් සෙබලානනේ සිංදුව ඇත.
රමේෂ් සහ ධර්මා හමුදාව ගැන ඇත්තේ පුදුම ආඩම්බරයකි.
ඇත්තටම දමිල සහෝදරයන් සමග අපි බොහොම කුළුපගව පොළොවෙ පයගහන එවුන් වන්නෙමු.
කතාව එතන නෙමේය, කොටි උවදුරු නැහැයි කියන ඇමතිලා , අගමැතිලා වෙඩි නොවදින බෙන්ස් ගෙන්නන්නේ අහවල් එහෙකටදැයි?
පරිවාර රථ පෙලට යන්නට අදටත් අපිව පාරේ කොන් කරන්නෙ සරල නිහතමානි කමටදැයි?
පෙරඩ් එකේ අභිමානය ඔය ඉතුරු කොරනවා යැයි කියන සල්ලි වලින් ගන්න පුළුවන්දැයි?
අහන්නට සාධාරණ අයිතියක් අපට ඇත.
අර මැරිච්චි 27000 ගැනත්
අබ්බගාත වුනු සිය දාහක් දෙනා ගැනත්
අවතැන් වුනු දෙනෝ දාහක් දෙනා ගැනත්
ඇත්දළ දෙක මැද පුතුන්ගේ පොටෝ තබාගෙන උදේ හවා හූල්ලන අම්මල තාත්තලා ගැනත්
බස් එකෙන් බිමට බස්සා බත් එකත් ඔබා බලන අතීතයත්
ගමට ආපු ආමි බොඩීස් වල මතකයත් අපට තවම අඳුරු සෙවනැලිය.
අපි එකල මැරී මැරී ඉපැදුනු අතර , අදවන විටත් මැරිල ඉපදිලා නැත.
මැරුණු හමුදාවෙ අයියලා ආයේ ඒ පවුලට එන්නේද නැත.
ඉතුරුවුණු අයියලා පෙරඩ් ගහන්නේද නැත .
කමක් නැත , එතකොට බදු බරෙන් හිරිකිත වුනු ජනජීවිත පෙරඩ් එකෙන් ඉතුරු කරන සල්ලි වලින් සුකිත මුදිත කරන්නට හැකිය.
මේ ඔක්කොමත් හරි චාමර, මට ඇති බය වන්නේ ,
” ලබන සැරේ නිදහස් පෙරඩ් එකේ ග්රාමාරාක්ෂකයින්ට පිටුපසින් , අඩුම තරමෙ, කොටි සුයිසයිඩ් නිරූපන කණ්ඩායමක් ඇතුළු,මුහුදු කොටි සුසෙයි සහෝදරයා සිහිකරවමින් අණ දෙන මුහුදු කොටි නර්තන අංගයක් හෝ එක්කරාවිදෝ ‘ කියාය .

– අදත් පිටපත හරින්ද්‍ර අබේවික්රමගෙන්

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!