ආපදා කළමනාකරණ අමාත්‍යංශය දීපන් ආමි එකට !
විමද්‍යගත සහන අරමුදල දීපන් සයිබරේ වැඩ කරන සෙට් එකට.
___________________________________________

මහජන නියෝජිතයො කියල සෙට් එකක් හිටියට එකෙක්ටවත් පීනන්න බෑනේ ? පුළුවන් උනත් උන් එකෙක්වත් මාතර ශෂීන් වගේ, ආමි එකේ නේවි එකේ කොල්ලො වගේ වතුරකට පැනල වැඩක් කරන්නෙ බෑනේ. අඩුම තරමෙ කැමරා දෙක තුනක් වටේ නැතුව, ඩ්රෝන් එකක් උඩින් නැතුව එවුන් මඩ වතුරට අඩිය තියන්නෙ නැහැනෙ, එහෙම තියල බෝට්ටුවෙන් ඇවිත් ඇටි කෙහෙල් බෙදල ගිහින් වැඩකුත් නැහැනෙ.

“යොවුන් පාර්ලිමේන්තුව” කියයි, බල මණ්ඩලය කියයි, සම්මේලනය කියයි, අර බලකාය කියයි, අහවලාගේ පදනම කියයි මේ කිසි දෙයක් නෙමෙයි, ගංවතුර ගොඩ දැම්මෙ සයිබර් එකේ මනුස්සකම ගොඩනගාගත් මිනිස්සු පිරිසක් කියල හැමෝටම ඒත්තු ගිහින් හමාරයි. සිරාවටම කියන්නෙ ඔය යොවුන් පාර්ලිමේන්තු වගේ දේවල් වලට දේශපාලන බලුගැත්තන්ට රිංගන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ වැඩක් කරන මිනිස්සු කසිකබල් දේශපාලනයට අතගසන්න අකමැති නිසාවෙන්. ලංකාවෙ මෙච්චර කාලෙකට උනෙත් වෙන්නෙත් නුසුදුස්සට කැන්වසින් එකෙක් තැනක් ලැබීම.

ආපදා තත්වයකදී කැඳවන්නේ හමුදාව නම්, මොන එහෙකටද ඒකට වෙනම අමාත්‍යාංශයක්. ඒක හමුදා සිවිල් සේවක අංශයටම අනුබද්ධ කරානම් ඉවරනෙ. එතකොට ඒ අමාත්‍යාංශයටයි ඒ අදාළ ඇමති ගෝල බාලයින්ටයි යන වියදම අවුරුද්දකට මිලියන ගානක් ඉතුරුයි නෙ?
ඒ ඒ ප්‍රදේශ වලට අනුයුක්ත කරන්නෙ හමුදා ඛණ්ඩ නම් මොන එහෙකටද ප්‍රාදේශීය සබා ප්‍රභූවරු? වතුර බහින්න පුළුවන් හරිහමන් කාණු පද්ධතියක් නඩත්තු කරන්න බැරි නගර සබාවට ඇයි අපි වරිපනම් ගෙවන්නෙ?

කොරියාවෙ දුක් විඳින කොල්ලො එකතුවෙලා කෝටියක් එකතු කරලා ලංකාවට එවද්දි යුරෝපා රටවල තානාපති කාර්යාල වල තවම බත් පැකට් කරනවද!

ආපහු චන්දයක් එද්දි නම් ටැග් කරල පොටෝ දාන්න, මීටීම තියෙන දිනය වෙලාව පබ්ලිසිටි එක දෙන්න නම් ඔවුන්ට ඔබව මතක් වෙයි.
දේශපාලන බුකි වීරයො වෙන්න හදන ඒ පාදඩයන්ට වඩා, වචන දෙක තුනක ස්ටේටස් එකකින් බත් පැකට් ටික, වතුර බෝතල් ටික, අඳින්න ඇදුම් ටික, ලබාදෙන, එකතු කරන, බෙදා දෙන සයිබර් අවකාශයේ හැමදෙනේක්ම දාහෙන් සම්පතයි.

මේ තුති මල් මිට ඒ හැමෝටම බොහොමත්ම ආඩම්බරෙන් ගෞරනීයව!

අදත් පිටපත හරින්ද්‍ර අබේවිරමගෙන්.

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!