හැමදාම එක වගේ ඉර බැහැල ඉර නැගල අලුත් දවසක් පටන් ගන්නවා. ඇස් දෙක ඇරුන ගමන් මම phone එක අතට අරන් බලනවා.එයා online. ඒත් මගේ ආදරේ offline. මම එයාගේ profile එක දිහා බලාගෙන ඉන්නවා.එක පාරම කොහෙන්දෝ වැටුන වතුර බිංදුවක් මගේ phone එකේ  screen එකට වැටිලා හැමදේම බොඳ වෙලා යනවා. ඒ වැටුණේ මගේම කඳුලු කියලා තේරෙනකොට ඒවා වේලිලත් ඉවරයි. මම ඒ කඳුලු එක්කම පරණ දේවල් මතක් කරනවා.

අවරුදු පහකට කලින් එයා මගේ ජීවිතේට ආවා. ආදරේ කියන්නේ මොකද්ද කියලා මට කියලා දුන්නා. මාව දාලා යන්න හේතු දාහක් මැද්දේ උනත් එයා ආදරේ වෙනුවෙන් මං එක්කම හිටියා. ඒත් ප්‍රශ්න වැඩි වෙනකොට එයාට තීරණයක් ගන්න වුණා. එයාගෙ කැමත්තෙන් මම එපා කියද්දි එයා මාව දාලා ගියා. එයා එයාගෙ ජීවිතේ ඉස්සරහට ගියා. අයේ කවදාවත් හැරිල බැලුවෙ නෑ. මමත් මගේ ජීවිතේ ඉස්සරහට ගියා. එයා ආයෙත් ආදරේ හොයා ගත්තා.මම මාස හයක් විතර එයා මට දුන්න ආදරේ මතකයක් එක්ක ජීවත් උනා.

අවුරුදු එක හමාරකට විතර පස්සෙ මම අයේ එයාගේ ජීවිතේට එකතු වෙන්න හැදුවා. එතකොට මම තේරුම් ගත්ත එයාගෙ ජීවිතේ තවදුරටත් මට ඉඩක් නෑ කියල. එයා ඒ වෙද්දි මම නැතුව සතුටෙන් හිටියා. මට එයාගෙ ජීවිතෙන් පොඩි ඉඩක් හම්බවුණා. එයාගෙ යාලුවෙක් විදිහට. ඒත් කාලයක් ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවො විදිහට ඉන්න බෑ කියනවා වගේ එයාටත් දවසින් දවස මාව එපා වුණා. මට එයාගේ ජීවිතෙන් ඈත් වෙන්න කිව්වා. හැමදාම එයාගෙ සතුට විතරක්ම ප්‍රාර්ථනා කරපු නිසා මම එයාගෙ ජීවිතෙන් ඈත් වුණා.

තවත් මාස හයකට පස්සෙ දවසක මට එයාගෙන් msg එකක් ඇවිත් තිබුණා. මට අන්තිමට එයා කිව්ව දේවල් මතක් කරල ඒ msg එක delete කරල දාන්න හිතුණත් මම එයාට reply කරා. ආයෙමත් සැරයක් එයා මගේ ජීවිතේට ආවා. එයා මගෙන් බලාපොරොත්තු උනේ අවංක friendship එකක්. මමත් try කරා මෙච්චර කාලයක් මම ආදරේ කරපු ගෑණු ළමයා වෙනුවෙන් එයා බලාපොරොත්තු උන දේ දෙන්න.එයාගෙ ප්‍රශ්න, එයාගෙ අලුත් boyfriend ගෙ ප්‍රශ්න මේ හැමදේම එයා මට කිව්වා.මම එයාගේ ප්‍රශ්න වලට මට පුලුවන් විදිහට උදව් කරා.ඒත් අයේ කවදාවත් මම එයාට ආදරෙයි කිව්වෙ නෑ.

තාමත් අපි යාලුවො විදිහට ඉන්නවා. තාමත් උදේට මම නැගිටින්නේ එයාගෙ good morning message එක බලලා. හැම පැත්තෙන්ම කරුවල වෙලා වහින්න වගේ අහස කලු කරගෙන එන වෙලාවට තාමත් මම අපේ ආදරේ මතක් කරල අඬනවා. එයාගේ හිනාව වෙනුවෙන් තාමත් මම මට පුලුවන් දේ කරනවා. පැය විසි හතරම තාමත් මම එයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඉස්සරහටත් එහෙමයි.

මෙය කියවන ඔබට හිතෙයි එයා මාව රැවැට්ටුවා කියලා. ඒත් එයා තරම් අවංකව ආදරෙ කරන කෙල්ලෙක් කිසිම කෙනෙක්ට කොහෙන්වත් හොයා ගන්න ලැබෙන එකක් නෑ. ඒ ආදරේ අයිති කරගන්න තරම් වාසනාවක් මට තිබුනෙ නෑ. ඒත් මං දෙවියන්ගෙන් ඉල්ලනවා ඒ හිනාව, ඒ ඇස් දෙක, ඒ ආදරය මං ඉපදෙන හැම අත්මෙකම මගේ විතරක් වෙන්න කියලා.

Comments

Share

Written by

Next article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!