හුස්ම ගන්නා මෙන් දැනේ, හුස්ම ගන්නේ ඇයි දැයි නොදැනේ. සියල්ල සිදුවූ සැටි මැවේ. මතකය ඈතට දිවේ. ඔබ සමගින් යාමට පැතූ ගමන තනියම යායුතු බවට හැඟේ, සිතට මහා බියක් දැනේ, පැවසීමට කිසිවක් නොහැඟේ.සියල්ල හැරදා යාමටද සිතේ. එහෙත් ඔබ වෙනුවෙන් සිටිය යුතුවේ. අප දෙදෙනා මැවූ ලෝකය වෙනුවෙන්ම හිඳීමට සිතේ.

+ ඩොකියෝ මේ අහන්නකෝ…

– ඉතින් කියන්නකෝ ඩොලියෝ.

+ මට ලබන සතියේ විභාගයක් තියෙනවා.

– ඉතින් මට කියන්නෙ මොකෝ? ගිහින් ලියන එකයි ඇත්තේ.

+ ඔයානම් හරිම නපුරුයි ඩොකී

– හරි හරි! කවදද ඕක තියෙන්නෙ ඉතින්?

+ ඕනේ නෑ නපුරා, ඔයාට ඒක වැඩක් නෑනෙ…

– හරි ඉතින් තරහ නොගෙන කියන්නකෝ බබා…

+ ඊලඟ සෙනසුරදා ඩොකී තියෙන්නෙ.

– හෙට ඔයා පන්ති එනවද ඩොලී

+ ඔව් ඩොකී මං එනවා, ඔයා මාව බලන්න එනවා නේද?

– ඔව් ඩොලී මං එනවා, අපි දෙන්න හෙට පන්ති පටන්ගන්න කලින් ගමනක් ගිහින් එමු.

+ කොහෙද ඩොකී යන්නේ අපි?

– කොහෙහරි යන්නෙ,පණ්ඩිත ආච්චි නොවී ඔයා එන්නකෝ…

+ ඔයානම් හරිම නරකයි ඩොකී මං ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ. විභාග අස්සෙත් ගමන් යන්න කතා කරනවනෙ…

– හරි හරි මන් නරකයි තමයි, නරකයා එක්ක යන්න එන්නකෝ, පන්තිය පටන්ගන්න කලින් මට පුලුවනි ගෙනත් ඇරලවන්න.

+ හා එහෙනම් යමුකෝ ඩොකියෝ

“විභාග අස්සෙත් ගමන් යන්නමනේ කතා කරන්නේ” ඒ ඇයගේ ගෝරනාඩුවයි. සියල්ලම ඉවසාගෙන ඇයව බෙල්ලන්විල පන්සලට රැගෙන ගියෙමි. ඒ අප දෙදෙනා එක්ව ගිය පළමු පන්සල් ගමනයි. කිසිදා නොමියෙන මතක කන්දක පළමු එකතුවීමයි. එතැන් පටන් අප දෙදෙනාම ගිය පන්සල් ගමන් ප්‍රමාණය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වෙයි. දිනෙක වෙන්වීම ඉඳුරාම සිදුවන්නක් බව අප දැනසිටි නිසාවෙන් එලෙස පන්සල් යාමටම සිතුන බව මට හඟෙයි. ඇය නොමැති නිසාත්, ඇය දැන් වෙන කෙනෙකුගේ නිසාත්, මා හට උරුම එදා රැස්කරගත් ඒ සොඳුරු මතකයයි.

+ අපි කොහෙද මේ යන්නේ ඩොකියෝ?? – කොහේහරි!! ඔයා එන්නකෝ ඉතින් මාත් එක්ක…

+ අනේ මන්දා මේ කොල්ල මාව කොහේ අරන් යනවද කියලා – හරි හරි යමුකෝ ඉතින්.. ” ” “

+ හානේ ඩොකී මේ බෙල්ලන්විල නේද? ඔයා කොයි වෙලෙත් කියන්නේ මෙහේ යමු කියලනේ. මං කවදාවත් මෙහේ අවිත් නෑ ඩොකී.

– ඔව් ඩොලී ඔයාට ලබන සතියේ විභාගෙනෙ. ඒකයි මෙහෙ එක්කන් ආවේ. අපිට භාරයක් වෙලා යන්නත් පුලුවනි.

+ ඒත් ඩොකී ඔය කවදාවත් භාර වෙන්නෙ නෑ කිව්වනේද ? – හරි හරි ළමයෝ ඔයා වෙනුවෙන් ප්‍රතිපත්තියක් කැඩුවා කියලා මොනවත් වෙන්නෙ නෑනේ. අනික මේක වෙන්නේ මගේ සුදුනෝනා වෙනුවෙන්නේ.. ඉන්න ඩොලී මං ගිහින් මල් ටිකකුයි, පහන් දෙකකුයි අරන් එන්නම්.

– ඩොකී අපි නිල් මානෙල් මල් ගමුකෝ… ඔයා දම් පාටට ආසයිත් එක්කනේ. අනිත් එක ඔන්න මං තමයි හඳුන්කූරු ගන්නේ. ඔයා දන්නවනේ ඔයගෙ කෙල්ල හඳුන්කූරු පෙරේති කියලා. අනික මේක මගෙ විභාගෙ වෙනුවෙන් ආපු ගමනක්නෙ, මටත් කීයක් හරි වියදම් කරන්න ඕනේ ඩොකී.

– හරි හරි පණ්ඩිත ආච්චි ඕනේ දෙයක් ගන්න ඉතින්…

” ” ” ” ඩොකී පහන් දෙක ලඟින්ම පත්තු කරමු! අපි ඒ පහන් දෙකේ දැල්ල එක ලඟින්ම තියමු. හරියට ඔයයි මමයි වගේ, දෙන්නම එකතු උනාම තමයි ලස්සනට බැබලෙන්නේ”

එදා අහම්බෙන් මෙන් ඔබ යෙදූ උපමාව අදට බොහෝ සෙයින් ගැලපෙයි. අප දෙදෙනාම එක් යුගයක එකට එක් වූ පහන් දෙකක් මෙන් බැබළුනෙමු, එක්වී ආදරය කළෙමු. එකට එක්වී, එකට දල්වී කාලයාගේ ඇවෑමෙන් අප දෙහෙනාගේ ආදරය අද දැවී ගොස් අවසන්ය. ඔබගේ පහන වෙනකෙකු රැගෙනගොස්, එය ඔහුගේ පහන සමග දල්වා අවසන්ය. තෙල්ද, තිරයද ක්ෂයවූ මාගේ පහන තවමත් තිබූ තැනමය. ජීවිතය යනු එයයි, පන්සල් යාමෙන් අප දෙදෙනාම ඉගෙනගත් යථාර්තය එයයි. ඔබගේ පහන වෙනකෙකුගේ පහනක් හා දැල්වී බැබලෙනු බලා සතුටුවීමට තරම් මාගේ සිත මුදු වීම ගැන මා ඉතා පුදුමවෙමි. එලෙසින් මුදු සිතක් තැනීම වෙනුවෙන් මම ඔබට සදා ණයගැතිවෙමි.

“අදනම් හරිම ෂෝයි ඩොකී. අපි දෙන්නම එකතුවෙල බුදුන් වැන්දා, මල් පහන් පූජා කළා, බෝධිය නෑව්වා. ඔයා මේ ඩොලී නිසා ඔයාගේ ප්‍රතිපත්තිත් කඩාගෙන භාර වුනා. අදනම් හරිම පුදුම දවසක් ඩොකී. මට හිතාගන්නවත් බෑ ඩොකී, මමනම් හරිම වාසනවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න. කව්ද හිතුවේ මේ මැට්ට එක්ක මෙහෙම පන්සල් එන්න ලැබෙයි කියලා. ‘ අනේ ඩොකී මේක මටනම් හීනයක්, වඳින්නම් ඩොකී මාව කවදාවත් මේ හීනෙන් ඇහැරවන්න එපා’ ” ” නෑ සුදුනෝනා, මං කවදාවත් ඔයාව මේ හීනයෙන් ඇහැරවන්නෙ නෑ. මොන ප්‍රශ්නෙ ආවත් අපි දෙන්නා එකතුවෙලා එවට මුහුණදෙමු.”

එදා එලෙස පැවසූ ඔබ අද මා ගැඹුරු නින්දක දමා, ඒ සිහිනයේ සොඳුරුම අවස්ථාවන් විඳිනවිට, මටත් නොකියාම නින්දේ මා හැරදාමා ගොස් අවසන්ය… කිසිවක් සිතාගත නොහැකි මා තවමත් අඩ නින්දේය. මේ නින්දෙන් අවදිවිය යුතුද, නැතහොත් නින්දෙන්ම මියදිය යුතුද යන්න මාහට නොතේරෙයි. මාගේ දිවියේත්, අපගේ සිහිනයේත් අසීරුම අවස්ථාව මා දැන් ගෙවමින් සිටියි. එක් වරක් මා හැරගිය ඔබ නැවත පැමිනියාක් මෙන්, මෙවරද පැමිනේවි යැයි සිත කියයි. දෙලොවක සිරවී ඇති බවක් හැඟෙයි, කුමක් කරම්ද නොදැනෙයි.

– ඩොලී අපි කෝච්චියේ යමුද?

+ දෙහිවල ඉඳලා බම්බලපිටියට කෝච්චියේ යන්න මේ කොල්ලට පිස්සුද මන්දා… මොනා කරන්නද ඉතින් ඔය පිස්සුවටනේ මාත් ඉතින් ආදරය කළේ, යමු යමු ඉතින්… එදා දෙහිවල දුම් රිය පාරේදි හමා ආ සුළඟ ඔබට තවමත් මතක ඇතැයි සිතමි. ඔබ පැවසූ පරිද්දෙන්ම එය අප දෙදෙනා වෙනුවෙන්ම හමා ආ සුළඟකි. නොකඩවා විනාඩි 5ක් පමණ මුළු ගතම සලිත කරමින් හමා ආ සුළඟ ගෙන ආ ඒ හැඟුම මා හට කිසිදා අමතක නොවේ. සුළඟ දරාගත නොහැකිව ඔබ මා වෙත තුරුල් වූ සැටිත් මට සිහිනයෙන් මෙන් මැවී පෙනේ. එහෙත් අද එවා හදවත පාරන සොඳුරු මතකයන් පමණි.

+ මාරයි ඩොකී ඒ හුළඟ, අපි දෙන්න වෙනුවෙන්ම ආව වගේ. ඉවසගන්න බැරිම තැනයි මන් ඔයව බදාගත්තේ. පුදුම හැඟීමක් ඩොකී ඒකනම්. මේ හීනේ නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඔයාට ගොඩාක් පිං මගෙ ඩොකියෝ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරනවට. මේ ලෝකෙ ඉන්න වාසනවන්තම කෙල්ල මමයි.

– අනේ මොන පිස්සුද ඩොලී, ඔයා පව් කරල මං වගෙ මෝඩයෙක් ලබන්න. එක නෙමෙයි; මට සින්දුවක් මතක් වෙනව ඩොලී, එකනන් ඔයාටම ලියල වගේ

+ මොකක්ද ඩොකී ඒ?

සුළඟ වගේ දඟ කරන

එති එතී ලඟ රැඳෙන ඔයා

වගේ සිත නිවන

භාවනවක් කොහෙද…

විටෙක ඇවිත් සිත සිඹින

ආයෙමත් දුර දුවන…

හිමින් හිමින් කිති කවන

ඔයා මගේ පෙම් කවිය…

වෙලා ඇවිත් සුළි සුලඟ

පාරවයි සිත සුවඳ…

තරහා නෑ මං තවම

හෙටත් ඔයා මගෙ මැණික….

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!