සයිටම් එකට සෙනිකවම සරල තර්ක ටිකක් දෙන්නද

SAVE SAITM FOR THEM AND THEIR FAMILY MEMBERS !

___________________________________________
.
දැන් මෙහෙමනේ ,
“ඕනි ගොනෙකුට පුළුවන් කෝටියක් දීල දොස්තර කෙනෙක් වෙන්න ”
මේක සල්ලි පිලිබඳ ප්‍රශ්නයක් නෙමේ , සයිටම් එක ගුණාත්මක කම පිලිබඳ ප්‍රශ්නයක් ,මෙඩිකල් කොලේජ් යන්නෙ දිස්ත්‍රික් රෑන්ක් 60 ක් කියල හිතමු .
අන්න ඊ ළඟ 61 වෙනියගේ ඉඳල 100 දෙනෙක්ට වගේ චාන්ස් දුන්න නම් කමක් නෑ. එහෙම නැතුව පෙරේත පාදෙන් alevel පාස් අය , ඉහලින්ම සමත් අය එක්ක එකට දාන එක වැරදියි , එහෙනම් ඉතින් සයිටම් එකේ ඉන්න අය ඔච්චර දක්ෂ නම් එයාලට පුළුවන් කම තිබුනනේ අඩුම තරමේ alevel වලින් B 3ක් වත් ගන්න.
එහෙම එහෙම ගත්ත අය ඇත්තේ එක්කෙනයි දෙන්නයි . අනිත් යට ඕනේ සමාජ තත්වය ට ” ඩොක්ට ” කියල කියෝගන්න .
.
උඹලා සයිටම් එක දාගෙන ඕකෙම ඉගෙනගෙන , ඔකෙම්ම අවුට් වෙලා , ඕකෙම වැඩ කරපල්ලා ,ඕකට එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරපල්ලා ඉතින් ,අපේ කිසිම අවුලක් නෑ.කිසිම කුහක කමක් නෑ .රජයේ රෝහල් වලට රිංගල අපෙ අප්පෝ අපිටනම් බෙහෙත් දෙන්න එන්න එපා. යකෝ ඔයිට වැඩිය අපිට ෆාමසියෙ අයියා විස්වාසයි.
ඇයි ඉතින් සයිටම් එකේ අය රජයේ රෝහල් වලට රිංගන්නම දත කන්නෙ ?

අදාළ නැනේ ඉතින් , සයිටම් එක ප්‍රමිතියට තියෙනවනම් ඒකෙම ඉන්න පුලුවන්නෙ .
නෙවිල් ප්‍රනාන්දු ඇයි දැන් තකහනියක් සයිටම් බෝඩ් එකට ” ශික්ෂණ ” කෑල්ලක් එකතු කරන්න වලි කන්නෙ ?
.
අඩේ බාර් පෝමිට් දෙනව වගේ ” ශික්ෂණ ” පට්ටම් ගන්න බෑ ,
ඔය නවලෝක , ආසිරි වගේ පුද්ගලික රෝහල් වල නමටත් නිගා කරන්න එපා
ඒ මිනිස්සු පාඩුවේ පුද්ගලික රෝහල් විදියට තමන්ගෙ තත්වය තියාගෙන බිස්නස් එක කරගෙන යනවනෙ .
කැමති අයට මුදල් ගෙවල බෙහෙත් ගන්නත් නැත්නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝලිමට එකතු වෙන්නත් පුළුවන්.
ඔහෙලත් සයිටම් 1ක් බැරි නම් 10 ක් හරි හදාගෙන ලංකාව පුරා බෙහෙත් දෙන්න ,
හැබැයි රජයේ රෝහල් වලට රිංගල අර නියම පාත් එකේ ආපු දොස්තර මහත්තයල අස්සට වෙලා එයාලගෙ පානෙන් එලිය බලන්න වගේ , එයාලගේ ලේබලේ අලවගන්න හදන්න එපා .
ඔයාල සයිටම් ලේබලේ ම අලවගෙන ඉන්න .
එතකොට සයිටම් එකට කැමති මිනිස්සු සහ එයාලගේ පවුල් වල උදවිය ඒවි ඔහෙලගෙන් බෙහෙත් ගන්න.
ඉස්ට්‍රයික් කරත් අපි නම් බෙහෙත් ගන්නෙ ඒලෙවල් ඉහලින් ඉහලින් සමත් වයිද්‍ය සබාවේ අනුමැතිය ලත් දොස්තර කෙනෙක්ගෙන් විතරයි.
මං නම් හිතන්නෙ නෑ සයිටම් එකේ එකෙක් ලෙඩ උනොතින් තවත් සයිටම් එකේ එකෙක්ගෙන් බෙහෙත් ගනීවි කියල .
මොකද අම්ම කෙනෙක් හැරෙන්න අනිත් හැමෝම තමන්ගෙ ජීවිතේට ආත්මරතකාමීව ආදරෙයි .
.
අනික ඉතින් ඔහෙලා මාලඹේ බැරි නම් ඕන තුත්තූ කුදියක කුඩියක තොලොන්චි වෙලා ගිහිං ඩිග්රි කොලේ අරන් ඇවිත් , අර වයිද්‍ය සබාවෙන් ලියන්නෙයි කියන විබාගෙ ලියල පෙන්නුවනම් ඉවරයිනෙ. එතකොට ඔහෙලගෙ කොලිටිය ගැන ඔහෙලටත් සැකයක් නැහැනෙ.
ඔහෙල ෂෝර්ට් කට් එකෙන් දොස්තරල වෙලා උඩ පැනගෙන ආවට හිතට එකඟව සුදු කෝට් එක දාල ඉස්සරහ ගේට්ටුවෙන් එන්න නම් ඒ විබාගෙ ලියල එන්න .
.
drving පුළුවන් කිව්ව පලියට මෝටර් රථ වාහන කමිෂනර් ලයිෂන් එක දෙන්නෙ නෑනේ ට්‍රයල් පෙන්නන්නෙ නැතුව.
අනේ නිකා පලයන් මහ -තුං යන්න !
.
මාලඹේ ට ලෙඩ්ඩු ගෙන්න ගන්න අත් පත්‍රිකා බෙදන වෙලාවෙ , පුයර බබ්බු ටික පාඩම් කරල අර විබාගෙ ලියල ඉඳපන්.

 

– පිටපත  හරින්ද්‍ර අබේවික්රමගෙන්

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!