මීයෝ ද ඉන්නේ? එහෙනම් දෙන්න පූසෝ

සිනමාස් ප්‍රධානි ජී. පත්මරාජ් අවි අමෝරයි

ජී.පත්මරාජ්

ලාංකේය සිනමා ඉතිහාසය පිරික්සීමේදි කේ. ගුණරත්නම් යනු දැවැන්තම නාමයකි. සිනමාවේ ප්‍රදර්ශනය, නිෂ්පාදනය හා ආනයනයට රුකුල් දුන් ලංකාවේ තිබූ දැවැන්තම සමාගමක් වූ ‘සිනමාස්’ සමාගමට පණ පෙව්වේ කේ. ගුණරත්නම්ය. ඒ 1948 තරම් වූ ඈතිනි. සුජාතා චිත්‍රපටයෙන් ඇරඹි සිනමා ගමනට සංදේශය, චණ්ඩියා, අල්ලපු ගෙදර, වන මෝහිනී, සූර චෞරයා, ආත්ම පූජා, ධීවරයෝ, අප්සරා වැනි අතිශය ජනප්‍රිය සිනමාපට රැසක් බිහි කළ අතර ජනප්‍රිය සිනමාහල් රැසක් ද ඔවුන් සතු විය. මරදානේ ගාමිණී, වැල්ලවත්තේ සැෆයර්, මීගමුවේ රාජ්, මහනුවර වෙම්බ්ලි, කොළඹ ලිඩෝ, කැපිටෝල්, කිංස්ලි වැනි දශක කිහිපයකට එපිට ලංකාවේ අතිශය ජනප්‍රිය සිනමාහල් සිනමාස් සතු විය. එමෙන්ම සිංහල දේශප්‍රේමීන් අතින් 1983 දී ක්ෂණිකව ගින්නෙන් දූලි වූ හැඳල පිහිටි විජය චිත්‍රාගාරය ද සිනමාස් දායාද කරන ලද්දකි. විජය චිත්‍රාගාරය එදා එහි තිබූ චිත්‍රපට සමඟ අළු වෙද්දී ගාමිණී, සැෆයර් හා රාජ් වැනි සිනමාස් සිනමාහල් කිහිපයක් ද අළු වී ගියේය. එදා සුජාතා චිත්‍රපටය සමඟ ලංකාවේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ සිනමා තරු සංකල්පය මෙන්ම ව්‍යාපාර පසින් සිනමාස් මණ්ඩලයක් ද බිහිවීම කේ. ගුණරත්නම්ගේ නම වඩාත් පතල වන්නට හේතු වූ කරුණුය. අද සිනමාස් ප්‍රධානියා ජී. පත්මරාජ්ය. ඔහු සිනමාස් කළමනාකර අධ්‍යක්ෂ සේම ඇන්තනි පේජ් සභාපතිත්වය දරන ඛ්ඡ්ඹ් මණ්ඩලයේ කළමනාකර අධ්‍යක්ෂවරයාය. අදින් වසර 15 කට පෙර වැඩ ඇරඹූ ඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිලෝන් තියටර්ස් හා සිලෝන් එන්ටටේන්මන්ට් සමාගම සමඟ හවුල්කාරිත්වය දරන්නේ ද සිනමාස් සමාගමයි. කේ. ගුණරත්නම්ගේ පුත්‍රයා වන ජී. පත්මරාජ් දක්ෂ ව්‍යාපාර නායකයෙකි. සන්නිවේදනය ගැන බෙහෙවින් උනන්දු ඔහු තමාගේ සෑම සිතුවිල්ලක්ම තම ව්‍යාපාර කෙරෙහි යොමු කරයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු එම විද්‍යාලයේම පරාක්‍රම ජයසිංහ (චිත්‍රපට අධ්‍යක්ෂ) මෙන්ම රාජ් රණසිංහගේ (නිෂ්පාදක) සමකාලීනයෙකි. පත්මරාජ් එම විද්‍යාලයේ සිටි මහා ගුරු අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ද සිසුවෙකි. සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ එතරම් පෙනී නොසිටින ජී. පත්මරාජ් තම උකටලී බව බිඳිමින් එක්වරම ඉදිරියට ආවේ ලාංකීය සිනමාවේ අළු යට ගිනි මෙන් තිබෙන අර්බුද මතු කරමිනි. වර්තමාන චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය ගැන පැහැදිලි විවේචනයක් ඔහු මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ගෙන ගියේය. මෙහි දිග පළල ගැන අවබෝධයක් ලබා ගැනිමට අප ඔහු හමු වීමු.

අල්ලපු ගෙදර

ඔබේ පියා සිනමාවේ දැවැන්තයෙක්. ඔහු ගොඩ නඟපු දේ ක්‍රමිකව ගොඩ නඟන ලද්දක්. අපි එතුමාගේ කාර්්‍යයභාරයෙන්ම පටන් ගනිමුද?

ෂෙනාල්, මම හිතන්නේ නැහැ අපි තාත්තා ගැන කතා කර කර කාලය නාස්ති කරන්න අවශ්‍යයයි කියලා. ඒ යුගය ගියා. දැන් අපිට තියෙන්නේ වෙනත් ප්‍රශ්න.

ඔබ ප්‍රශ්න කියලා කිව්වේ සිනමාවේ හැමදාම තිබෙන ප්‍රශ්න අර්බුද ගැනද?

ඔව්. විසඳුම් දෙන්න පුළුවන් ප්‍රශ්නවලටත් අද විසඳුම් නැහැ. බලධාරීන්ට තියෙන්නේ වෙන වෙන න්‍යාය පත්‍ර. මේ ප්‍රශ්න නිසා සිනමාවට සම්බන්ධ අය, ප්‍රේක්ෂකයන් ඇතුළුව හැමෝටම විඳවන්නයි වෙන්නේ. අර ජැක්සන් ඇන්තනි කිව්වා වගේ සිනමාවට දැන් ඇඩ්‍රස් නෑ. කර්මාන්තය පාඩුයි.

ඔබ සරලවම කියන්නේ කර්මාන්තය පාඩුයි කියලා?

ඔව්. මම මේ කියන්නේ විශාල කාලයක් ගැන නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපයේ විතරක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතික ලත් චිත්‍රපට පනස් ගණනක් තිබුණා. මේ ගොඩ ගැහිච්ච චිත්‍රපටවලින් කිහිපයයි ප්‍රදර්ශනය වුණේ. එනෙක් ඒවා තිරගත වුණේ නැහැ. හිතන්න මේ නිෂ්පාදකයන්ට මොකද වෙන්නේ. කවදාද මේ මුදල් ඔවුන්ට ලැබෙන්නේ. නිෂ්පාදකවරුන් විතරක් නෙවෙයිනේ මේ නිසා අසරණ වෙන්නේ. කලාකරුවෝ, තාක්ෂණ ශිල්පීන් තව කී දෙනෙක් නම් අසරණ වෙනවාද?

කේ.ගුණරත්නම්

ප්‍රශ්නය පැහැදිලියි. නමුත් ප්‍රශ්නය ස්ථානගත වෙන තැන පැහැදිලි මදි?

සරලවම කියනවා නම් චිත්‍රපට බෙදා හැරීම අද අර්බුදයකට ලක් වෙලයි තියෙන්නේ. බෙදා හැරීමේ පිළිවෙළ අද කඩාකප්පල් වෙලා.

නමුත් ළඟදීම සංස්ථාව බෙදා හැරීමේ පිළිවෙළ වෙනසකට ලක් කළා සිනමා ශාලා ධාරා ක්‍රමයකට අනුගත කරමින්?

නමුත් කොහේද බෙදා හැරීම කාර්යක්ෂම වෙලා තියෙන්නේ. නිෂ්පාදකයන් පුළුවන් තරම් පහළට වැටෙන එකනේ තවමත් වෙන්නේ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. කළින් ක්‍රමය තිබුණේ සිනමා මණ්ඩල පහකට බෙදපු එක. ඛ්ඡ්ඹ්,ඡ්ඒර්‍ථ,සංස්ථාවේ රිද්මා මණ්ඩලය, ර්ර්‍ථධ් සහ ඹ්ජ්ච් තමයි මේ මණ්ඩල පහ. නමුත් චිත්‍රපට සංස්ථාව මේ බෙදාහැරිමේ ක්‍රියාවලිය මැද්දට ඇවිත් කරන බාධා අවහිරතා නිසා අද මේ මණ්ඩලවලට පවතින්න බැහැ.

ඔක්කොම කුණු බේරුවල් බොක්කට යනවා වගේ මේ ප්‍රශ්නයටත් වගකිව යුත්තේ සංස්ථාවද?

මං උදාහරණයක් කියන්නම්. අපේ ඛ්ඡ්ඹ් මණ්ඩලය යටතේ සිනමාහල් 27 ක් තිබුණාට සමාගම සන්තකයේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තිබෙන්නේ සිනමාහල් 6 යි. ඹ්ජ්ච් සමාගමටත් ර්ර්‍ථධ් සමාගමටත් බලපාන්නේ මේ ප්‍රශ්නයමයි. සිනමා ශාලා ගණනින් අඩුයි. මේ නිසා මේ තත්ත්වයෙන් ප්‍රයෝජනය ගන්නේ ඡ්ඒර්‍ථ මණ්ඩලයයි, සංස්ථාවේ රිද්මා මණ්ඩලයයි. ඒ නිසා ගොඩක් නිෂ්පාදකවරුන්ට සිද්ධ වෙලා තියෙන්නේ මේ මණ්ඩල දෙක පස්සේ යන්න. චිත්‍රපට සංස්ථාව මෙතැනදි කරන්නේ හොඳ චිත්‍රපට මොනවාද කියලා බලලා නීතියට පටහැනිව හිතුමතේ රෙගුලාසි නිකුත් කරනවා ඒ චිත්‍රපට අනෙක් මණ්ඩලවලට සම්බන්ධ වෙන එක වළක්වන්න. චිත්‍රපට වෙනුවෙන් සතයක් ආයෝජනය කරන්නේ නැති සංස්ථාව ඒ චිත්‍රපට තමන්ගේ මණ්ඩලයේ පෙන්න ගෙන ලාභ ලබනවා. මේ තත්ත්වය මඟහරලා බෙදා හැරීම තව පුළුල් කරගන්න අපි කරපු ප්‍රයත්නයන් අසාර්ථක වුණා මේ නිසා.

ඔබ කොහොම කිව්වත් මේ තරඟකාරී වෙළෙඳපොළේ පවතින්න පුළුවන් හොඳ නිර්මාණවලට විතරයි. ඔබ ඒක මට වඩා හොඳින් දන්නවානේ. සංස්ථාවටත් පැත්තකින් ඉන්න කියලා ගොඩ ගැහිච්ච චිත්‍රපට පෙන්වන්න බෙදා හැරීම පුළුල් කරන්න කිව්ව පළියටම මේ අර්බුදය විසඳේවිද?

මගේ තර්කය මේකයි. මේ චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ නිසා නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂවරු දුර්වල වෙන විදිහට කාටවත් නියෝග දෙන්න බැහැ. තීරණ ගැනීමේ නිදහස තියෙන්න ඕනෑ කර්මාන්තයේ නියැළිලා ඉන්න පිරිසට. කර්මාන්තයට සත පහකින් ආයෝජනය නොකරන අයට මේ නිෂ්පාදනය බෙදා හැරීම ගැන තීරණ ගන්න ඉඩ නොදිය යුතුයි කියන එකයි මගේ තර්කය. ඒ නිසා මම කියන්නේ නරඹන්නෝ තමා චිත්‍රපටවල අනාගතය තීරණය කරන්න අවශ්‍යය. ඒ වගේම නිෂ්පාදකයන්ට අයිතියක් තියෙන්න ඕනෑ හොඳ වුණත් නරක වුණත් චිත්‍රපටය පෙන්වන්න. එහෙම හදන චිත්‍රපට හොඳ ද නරක ද කියලා කියන්න, බෙදා හැරලා තිරගත කරන්න නිදහස බෙදා හරින්නන්ට ලැබිය යුතුයි. මොකද ප්‍රචාරණය කියන එක නිෂ්පාදකයාට හරි වැදගත්.

සුජාතා

මම ඔබ ඔය මතු කරන තර්කයට ඌණ පූරණයක් තැබුවොත්, ඔබට කර්මාන්තයේ අර්බුදත් එක්ක ව්‍යාපාර පසමිතුරු භාවයත් එකට එකතු කරනවා නේද?

මෙහෙමනේ, කොච්චර සිනමා ශාලා බෙදලා මණ්ඩල හැදුවත් ඒක අද පලක් නැති තත්ත්වය ඇවිල්ලනේ තියෙන්නේ. ර්ර්‍ථධ් සමාගමත් ඹ්ජ්ච් සමාගමත් තනි තනියෙන් චිත්‍රපට බෙදා හැරගන්න බැරි නිසා ඔවුනුත් ඡ්ඒර්‍ථ සමාගම එක්ක හවුල් වෙලයි ඉන්නේ. ඒ සමාගම් දෙක එකතු වෙලා එක මණ්ඩලයක් හදන්න ගත්ත උත්සාහයත් අද අසාර්ථකයි. එහෙම බලන කොට ඡ්ඒර්‍ථ මණ්ඩලය තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරනවා. ඒ අතරේ සංස්ථාව පුළුවන් තරම් සිනමා ශාලා තමන්ගේ ග්‍රහණයට හසු කර ගන්නවා. එතකොට ඔවුන් සමඟ සිනමාහල් 60 ක් විතර එකට ඉන්නවා. එතකොට සිනමාහල් 6 ක් විතරක් තියාගෙන ඛ්ඡ්ඹ් මණ්ඩලය කොහොමද චිත්‍රපට බෙදා හරින්නේ. ඡ්ඒර්‍ථ මණ්ඩලය අනෙක් සමාගම් එක්ක එකතු වෙලා ඒකාධිකාරයක් ගොඩ නඟද්දී සංස්ථාවත් තමන්ගේ සිනමාහල් ඡ්ඒර්‍ථ සමාගමට නිකුත් කරනවා. එතකොට කොහොමද ඛ්ඡ්ඹ් සමාගම බෙදා හැරීමට හවුල් වෙන්නේ. අනික සංස්ථාව අපේ සමාගමට එන නිෂ්පාදකවරුන්ට කතා කරලා ඉක්මන් දින දෙනවා චිත්‍රපට ප්‍රදර්ශනයට. තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ වැඩෙන් නිෂ්පාදකයයි අපියි අතර තියෙන හොඳ හිත පවා මේගොල්ලෝ බිඳලයි තියෙන්නේ. මේ හවුල් ඒකාධිකාරය කරන නරකම වැඩේ තමයි චිත්‍රපටවලට දින වෙන් කරලා කාල සටහනක හදන්න කරන බාධාව. මොකද තමන්ගේ උවමනාවට ශාලා එහා මෙහා කළාම කොහොමද අපි නිෂ්පාදකයන්ට දින දෙන්නේ.

ඔබ ඉල්ලන්නේ නිසි බෙදා හැරීමේ ක්‍රමයක් බව පැහැදිලියි. නමුත් සිනමාවට තිබෙන එකම ගැටළුව බෙදා හැරීම කියලා හිතන්න අමාරුයි නේද?

ඔබ හරි. ප්‍රදර්ශනය ඩිජිටල්කරණය නොවීිම අද විශාල ගැටලුවක්. ඒ ගැටලුව උපයෝගී කරගෙන දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කරන එක ඊටත් වඩා ගැටලුවක්. සිනමාව ඩිජිටල් නොවීම නිසාත් දෙමළ චිත්‍රපට ගලාගෙන ඒම නිසාත් අපේ කර්මාන්තයට සිද්ධ වෙන පාඩු බොහෝමයි.

ඔය කියන ඩිජිටල්කරණ ප්‍රශ්නය සෑහෙන පරණ ප්‍රශ්නයක්. ඔබ හිතන විදිහට මේ ප්‍රශ්නය කොහොමද කර්මාන්තයට පාඩු කරන්නේ?

ඔබ නිකං හිතන්න මිලි මීටර් මි. මී. 35 සිනමා පිටපතක් මුද්‍රණය කරන්න දළ වශයෙන් රුපියල් 150,000 ක් යනවා. චිත්‍රපට පිටපත් 30 ක් වසරකට චිත්‍රපට 25 බැගින් වසර 12 කට ගණන් බැලුවොත් අපි රුපියල් බිලියන 13.5 ක් පාඩු කරගෙන ඉවරයි.

දැන් ඩිජිටල් යුගයේත් සෑහෙන දියුණු අවධියක ඉන්නේ. ‘ඊ’ සිනමා තාක්ෂණයත් බැහැරට ගිහින් දැන් දියුණු 2ම් ‘ඩී’ සිනමා ප්‍රක්ෂේපන තාක්ෂණයත් තමා අපේ කලාපයේ වැඩියෙන් භාවිත වන්නේ. එහෙම බලද්දී අපි මූල්‍ය පාඩුවකුත් කරගෙන චිත්‍රපටයේ ගුණාත්මකභාවයත් හෑල්ලු කරගෙන නේද?

මීට අවුරුදු 12 කට කළින් කර්මාන්තය ‘ඥ’ සිනමා තාක්ෂණය සලකා බලමින් ඉන්න කොට සිනමාවේ සුප්‍රසිද්ධ තාරකාවන් දෙන්නෙක් තමා කිව්වේ ‘ඥ’ සිනමා ලංකාවට එපා කියලා. එතැනින්ම මේක කඩාකප්පල් වුණා. නමුත් ප්‍රශ්නේ ආවේ දෙමළ චිත්‍රපට නිකුත් කිරීමේදී ඒවාට සරිලන ලෙස ‘ඥ’ සිනමා ප්‍රක්ෂේපන හයි කරගන්න නියමයක් ආපු වෙලාවේ. මොකද ඩිජිටල් ඊ සිනමාව නැතුව දෙමළ චිත්‍රපට දුවන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ අනුව දෙමළ චිත්‍රපට පෙන්වන ශාලාවලට විතරක් ඊ සිනමා දාගන්න අවසර ලැබුණා. නමුත් සිංහල චිත්‍රපට පෙන්වන ශාලාවලටත් මේ අවසරය ඉල්ලපුවාම ඔවුන් කිව්වේ කොහොමටත් ඒකට ඉඩ දෙන්න බැහැ කියලා. සරලවම දකුණු ඉන්දීයන් නිෂ්පාදකයෝ තමන්ට ඩිජිටල් ඕනෑමයි කියලා කියනකොට සංස්ථාව හා කිව්වා. අපි ඉල්ලන කොට බෑ කිව්වා.

චණ්ඩියා

ඔබ කියන්නේ නැවතත් සාධාරණ ව්‍යාපාර තරඟයක් ඇතිවීමට සංස්ථාව බාධා කළා කියලද?

අනිවාර්යයෙන්ම. එකම නගරයක එකම වේලාවක සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගන්න කොච්චර අමාරුද. නමුත් මේ දෙමළ චිත්‍රපටවලට ඒක බලපාන්නේ නැහැනේ. පසුගිය කාලේ ආපු විජෙයි රඟපාන ‘තෙරී’ දෙමළ චිත්‍රපටය අනුරාධපුර නගරයේ සිනමාහල් 3 ක එකවර ප්‍රදර්ශනය වුණානේ. අනික දෙමළ චිත්‍රපට නිකුත් කරන සිනමාහල් හැටියට හඳුන්වන සිනමාහල් තිබෙන්නේ තිස් ගණනක්. නමුත් චිත්‍රපට ප්‍රදර්ශනයේදී ඊට වඩා ගණනක දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. එහෙම වුණේ ඩිජිටල් නාමෙන් ඊ සිනමාව අනෙක් සිනමාහල්වලත් සවි කර ගත්ත නිසා. එහෙම සවි කරගෙන දෙමළ චිත්‍රපටත් සිංහල චිත්‍රපටත් සම සමව දුවනවා ඒවයේ. එතකොට කෝ දැන් සාධාරණය? සංස්ථාව කිව්වේ එහෙම ප්‍රදර්ශනයට ඊ සිනමාවෙන් ඉඩ දෙන්නේ නැහැ කියලානේ.

ඊ සිනමාවේ ආර්ථික වාසිය ඇති හැකි අය ලබාගත්තා කියලයි මට හිතෙන්නේ?

මි. මී. 35 හේ පිටපතක් වෙනුවෙන් වියදම රුපියල් 150,000 ක් වෙද්දී ඥ සිනමා පිටපතක් රුපියල් 5000 ක වියදමෙන් ආවරණය කරන්න පුළුවන්. නමුත් මෙතන ජාවාරමක් කරගෙන යනවා එක්තරා සමාගමක්. මේ සමාගම තමා ලංකාවට එන දෙමළ චිත්‍රපටවලින් 95% ක්ම ආනයනය කරන්නේ. මේ අය කරන්නේ එක චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සිනමාහල්වලට දාන්න රුපියල් 20,000 ක් විතර අය කරන එක. ඒ අනුව එක ඥ සිනමා පිටපතක් සිනමාහල් 15 කට විතර දාලා රුපියල් ලක්ෂ 3 ක් විතර හොයනවා. මේ කරන්නේ එක චිත්‍රපටයකට පමණයි. ඒ මේ ඊ සිනමාව ඉලක්ක කරගෙන. මේවා මෙහෙම කරගෙන යද්දී සංස්ථාව නිකං බලන් ඉන්නවා. ඒ කරන්නෙත් දෙමළ හා සිංහල හවුලේ පෙන්වන ශාලාවලට විතරයි.

ධීවරයෝ

නමුත් බොහෝමයක් ඩිජිටල් සිනමා ශාලාවල ජනප්‍රියම තේරීම දෙමළ චිත්‍රපට බව බැලූ බැල්මට පේනවා?

ඔය දෙමළ චිත්‍රපට බෙදා හැරීම කියන්නේ ජාත්‍යන්තර ඒකාධිකාරයක්. ඔවුන් ලංකාවට කියා වෙනම චිත්‍රපට බෙදා හරින්නන්ට නිකුත් කරන්නේ නැහැ. ඒ ඒකාධිකාරයටම හරියන ලෙස ලංකාවෙන් චිත්‍රපට ඉහළ මිලක් ගෙවලා ගන්න අය ඉන්නවා. මං කළින් කියපු සමාගම තමා ලංකාව වෙනුවෙන් මේ දේ කරන්නේ. ඔවුන් අර පිටරට ඒකාධිකාරයත් එක්ක දැඩි සම්බන්ධකම් තියාගෙනයි ඉන්නේ. ඔවුන් කරන්නේ ජාත්‍යන්තරයේ චිත්‍රපට නිකුත් කිරීමට පෙර චිත්‍රපටය ගෙනැවිත් අදාළ දිනයේදී සමගාමී ප්‍රදර්ශනයක් කරන එක. ඒ සඳහා ඔවුන් මේ ශාලාවලින් අධික මුදලක් අත්තිකාරම් හැටියට එකතු කරනවා. නිකං හිතන්නකෝ සිංහල චිත්‍රපට නිෂ්පාදකයෙක්ට ඔය වගේ අත්තිකාරමක් එකතු කරගන්න හැකියාව තියෙනවාද? නැහැනේ. සංස්ථාවත් මේ දේ දිහා බලං ඉන්නවා. ඔවුන් කලින්ම අත්තිකාරම් එකතු කරලා තමන්ගේ අවදානම අඩු කර ගන්නවා. ඒකට සංස්ථාව උදව් කරනවා. අනික මේ එක චිත්‍රපටයකින් 5% වගේ මුදලක් සංස්ථාවටත් යනවා. එතකොට බලන්න සංස්ථාව කොච්චර මේකෙන් හම්බ කරනවාද කියලා. අනික ඔය ගේන චිත්‍රපට සමහරක් නියමිත දිනට පෙර පෙන්වලා කළු කඩ විදිහට හම්බ කරනවා ටිකට්පත් විකුණලා. මේක දෙමළ චිත්‍රපට රසිකයන්ටත් කරන අසාධාරණයක්. ඒත් සංස්ථාව මේවා වළක්වන්න ක්‍රියා කරලා නැහැ.

ඔබ කියනා ආකාරයට සංස්ථාව හැසිරෙන්නේ වැරැදි අයුරකින් නම් සංස්ථාව මේ මොහොතේ හැසිරිය යුත්තේ කෙසේද?

අපි දැනටත් කියන්නේ සංස්ථාව හැසිරෙන්නේ දෙමළ චිත්‍රපට මාෆියාවේ සුඛවිහරණය වෙනුවෙන්. තනි පුද්ගලයන්ගේ උවමනාවට වැඩ කරන එක නවත්වලා සංස්ථාව අපක්ෂපාතී වෙන්න ඕනෑ. එහෙම වෙලා මේ අක්‍රමිකතා නවත්වන්න ඕනෑ. කරන්න තියෙන්නේ එකම දිනයක දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කරන පදනම නවත්වලා මේ මුදල් එකතු කිරීමේ ජාවාරම නැවැත්වීමයි. එහෙම කරලා සිංහල චිත්‍රපට බෙදා හැරිම ක්‍රමවත් කරන්න පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුයි. ඒ වගේම ශාලා ගොඩ ගසාගෙන කරන මේ බලහත්කාරී වැඩෙත් නතර විය යුතුයි. එහෙම වුණොත් දෙමළ සිනමාවේ බලහත්කාරයෙන් සිංහල සිනමාව මුදා ගොඩගන්න පුළුවන්. පිටපත් 30 ක් 35 ක් පෙන්වපු දෙමළ චිත්‍රපට හෙට අනිද්දා එන රජිනි කාන්ත්ගේ ‘කබාලි‘ චිත්‍රපටයත් එක්ක 50 කටත් එහා සිනමාහල් ගණනක පෙන්වනවා. මේවා කිහිප දෙනෙක්ගේ වාසියට උවමනාව වෙනුවෙන් සිංහල තිර කාලය නැති කිරිමක්.

ඔබේ තර්කය අසාගෙන සිටින විට මට මෙහෙම දෙයක් හිතුණා. ඔබ කියපු සේරම ප්‍රශ්නවලට මුල ඩිජිටල් සිනමා (ඥ සිනමාව) කියන පුංචි සිදුරෙන් ඇතැම් පාර්ශව රිංගා යෑමට උත්සාහ කළ නිසයි කියලා?

ඔව්. මේක ලොකු ගැටළුවක්. සංස්ථාව තමයි කියන්නේ ‘ඥ’ සිනමාව නැතුව ‘ච්’ සිනමාව (2ඬ)පාවිච්චි කරන්න කියලා. ඒ තාක්ෂණය දියුණුයි. නමුත් ඊ සිනමාව ලංකාවට ඇවිත් කරපු හානිය වහන්න සංස්ථාව ඉදිරිපත් වුණාද, නැහැනේ. දකුණු ඉන්දියාවේ පාවිච්චි කරපු පරණ ඥ සිනමා සර්වර් (පරිඝනක උපාංග) මෙහේ ගෙනල්ලා ඒවායින් ජාවාරම්වලට උල්පන්දම දුන්නා. සංස්ථාව කරනවා නම් වහාම කරන්න ඕනෑ මේ ඥ සිනමා බලපත්‍ර අවලංගු කරලා ඩී සිනමාව වෙනුවෙන් කටයුතු කරන එක.

සංදේශය

(ඥ සිනමා ච් සිනමා ප්‍රක්ෂේපන ගැටලුව ප්‍රේක්ෂකයාට වඩා නිරවුල් වීම පිණිස මම මීට පෞද්ගලිකව යමක් එකතු කරමි. ඛ්ඡ්ඹ් මණ්ඩලය ඉදිරිපත් කරන ජනප්‍රියම චිත්‍රපටයක් වන ‘ආදරණීය කතාවක්’ මේ දිනවල අති සාර්ථකව තිරගත වේ. මහරගම ප්‍රදේශයේ සිනමාහලකදී 2ම් හෙවත් ඩී සිනමා තාක්ෂණයෙන් චිත්‍රපටය නරඹද්දී ඉතාම හොඳ ශබ්ද හා රූප අත්දැකීමක් ලැබුවෙමි. එයම ඊට පසු ගල්කිස්ස ප්‍රදේශයේ සිනමාහලකදී ඒ චිත්‍රපටයම ඊ සිනමා තාක්ෂණයෙන් මාගේ මිතුරන් පිරිසක් සමඟ නැරඹුවෙමි. ඒ අත්දැකීමේ දැඩි වෙනසකි. කළින් බැලුවේත් මේ චිත්‍රපටයමදැයි සිතෙනා ආකාරයටම අත්දැකීම වෙනස්ය. සරලවම කියනවා නම් ගල්කිස්සේ අත්දැකීමට අනුව හේමාල් රණසිංහ සුදුමැලි වෙලාය. රොක් ගීතයක් කියූ චිත්‍රාල් සෝමපාල කවි කියනවාය. ඥ සිනමාවේ හැටි එහෙමය).

කෙසේ නමුත් පැහැදිලි වන එක් කාරණයක් තමා සිනමාවේ ස්වර්ණමය යුගයේ ඔබේ පියා ව්‍යාපාර කළා සේ අද ඔබට මේ ක්‍රමය තුළ ව්‍යාපාර කරන්නට නොහැකි බව?

අපිට මේ ව්‍යාපාරය තුළම ඉඳගෙන සල්ලි හම්බ කරන්න කිසිම උවමනාවක් නැහැ. මොකද අපිට එහෙම අහේනියක් නැති නිසා. අපිට දෙයියෝ මොළේ දුන්නා බිස්නස් කරන්න. සිනමාව දරුවෙක් නම් මේ දරුවා වැදුවෙත් අපි, හැදුවෙත් අපි. මේ දරුවා බලහත්කාරයෙන් අපෙන් අරන් හදන්න බාර ගත්තේ සංස්ථාව. දැන් සංස්ථාව දරුවා හදන එක පැත්තකට දලා දරුවා පෙන්න පෙන්න ට්‍රැෆික් ලයිට් ළඟ වාහනවලින් හිඟා කනවා.

නමුත් 70 දශකයේ ඔබ ඇතුළු සමාගම්වලට එල්ල වුණු ලොකුම චෝදනාව තමා ඔබ අද මෙතැන ඉඳගෙන සංස්ථාවට කරන්නේත්?

හරි මට කියන්න අපි වැරැදි කරලා අහු වුණා නම් අපට චෝදනා දාලා තියෙනවාද? සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් හරි අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් හරි නඩු දාලා අපිව උසාවි කැඳවලා තියෙනවාද? සමාගම් පනතෙන් හරි, බුද්ධිමය දේපළ පනතින් හරි අසාධාරණ වෙළඳ පරිචයක් පිළිබඳ පනතින් හරි අපිට චෝදනා එල්ල කරලා තියෙනවාද? නැහැ. මේවාට තනිකරම හේතු වුණේ සමහර අයගේ ඊර්ෂ්‍යාවයි. කුහකකමයි. මම අහන්නේ මෙච්චරයි. කර්මාන්තයේ යහපත වෙනුවෙන් එක සතයක් දාලා තියෙනවාද මේ අය? නැහැ. අඩුම ගාණේ ඔය සංස්ථාවේ මිනිස්සු දන්නේ නැහැ ඊ සිනමාව මොකක්ද කියලා. සංස්ථාව පවසන්නේ සමහර හෝල්වල මීයෝ ඉන්න හින්දයි චිත්‍රපට ලැබෙන්නේ නැත්තේ කියලා. මීයෝද ඉන්නේ? එහෙනම් පූසෝ දෙන්නා දෙන්නා හෝල්වලට දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරනේ. සත පහක් කර්මාන්තයට දාපු නැති එකේ පුසන්ටවත් ආයෝජනය කරන්න දැන්වත්.

ආත්ම පූජා

නමුත් ඔබේ ප්‍රශ්න විසඳගන්න වෙන්නෙත් මේ නීතියෙන් පිහිටවපු බල අධිකාරියත් එක්ක නේද?

අපි ඇති වෙන්න ඔතැනට ගියා. ඒත් පලක් නැහැ. මම ආයෙත් සංස්ථාවට යන්නේ නැහැ චයිනීස් රෝල් කාලා තේ බීලා එන්න. මේගොල්ලෝ හරකා මරලා මස් ගාතේමත් බදාගෙන ඉන්න කට්ටිය. මේගොල්ලන්ට කතා කරන්න ඕනෑ මෙහෙම නෙවෙයි. මින් මත්තට අපි මේවා කතා කරන්නේ ප්‍රසිද්ධ සභාවල, ප්‍රසිද්ධ වේදිකාවේ. දැන් අපි බොක්සිං වළල්ලට ඇවිත් ඉන්නේ. දැන් කරුණාකරලා වළල්ලට එන්න කැලෑ පනින්නේ නැතුව. මින් මත්තට අපේ ක්‍රියා මාර්ග ගන්නේ එකමුතුව, සහයෝගයෙන්, පුළුල් අරමුණක් ඇතුව, පුළුල් පෙරමුණකින්.

ජී. පත්මරාජ් නම් ව්‍යාපාර නායකයාගේ කතාව එසේය. ඔහුගේ කාර්යාලයේ පසෙක අලවා තිබූ උදාන වැකියක් සටහන් කිරීමට කැමැත්තෙමි. එය පවසා ඇත්තේ හැරල්ඩ් එස්. ජෙනීන් නම් සුප්‍රකට ඇමරිකානු ව්‍යවසායකයාය. ඔහුට අනුව ‘ධ්ද ඡභඵඪදඥඵඵ බඩචබ ඹධපඤඵ චපඥ ඹධපඤඵ, ඥයනතචදචබඪධදඵ චපඥ ඥයනතචදචබඪධදඵ, නපධථඪඵඥඵ චපඥ නපධථඪඵඥඵ ඡභබ ධදතර නඥපටධපථචදජඥ ඪඵ පඥචතඪබර’ (ව්‍යාපාරයකදී වචන යනු වචනය, පැහැදිලි කිරීම් යනු පැහැදිලි කිරීම්මය, පොරොන්දු යනු පොරොන්දුමය, නමුත් ක්‍රියාකාරිත්වය යනු යථාර්ථය පමණක්මය).

Comments

Written by

Previous article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!