අපිට මාළිගාවත්ත අකැපද හීන් බබා සීයේ ?
___________________________
.
ලෝකේ ජනප්‍රියතම ක්‍රීඩාව ෆුට් බෝල්.
ලංකාවෙ අපිට නම් ක්‍රිකට්.
මැච් එකක් බලන්න යන්න ඉන්නෙ පුදුම ආසාවකින් , ටිකට් ගන්න ට්‍රයි කරන්නෙ සතියක් දෙකක් කලින් ඉඳන්. ඒත් ටිකට් විකිණිලා ඉවරලු. ඒත් බලද්දි ටිකට් අරන් තියෙන එවුනුත් නැහැ. බ්ලැක් මාර්කට් නම් ගන්න පුළුවන් එදාට ඕන තරම්.
එදා උදේ ඉඳන් අපේ බහුතර මාලිගාවත්ත මුස්ලිම් සහෝදරවරු ළඟ ටිකට් අට්ටි ගණන් බලාගන්න පුළුවන්.
සංහිඳියාව කියල මන්තරයක් ජපකරගෙන යන රටක මේ ටිකට් මාෆියාව නම් හරිම සක්කිලි තුප්පැහි වැඩක් මගේ ආදරණීය මිත්‍රයා.
ඔහෙල ඔතන සමෝසා පැටිස් ටික විකුණගන්න
වඩේ , කඩල ටික විකුණගන්න
බයික් පාකින් එකට සල්ලි ටික අයකරගන්න
ඉස්ටිකර් ටික විකුණගන්න
ජර්සි ටික කැප් ටික විකුණගන්න
ෆේස් පේන්ටින් ටික කරගන්න
හත්වලාමේ අපේ කිසි අහිතක් නෑ- ඕක ඔහෙලගෙ වැයික්කියය කියනවනෙ.
හැබැයි මොහොමඩ් නානා ඔයාල ඔය ගිනි ගානට විකුණන ටිකැට් එකේ තියෙන්නෙ අමනුස්සකමක් මිසක් ,කිසිම මනුස්සකමක පාටක් නෙමේ කියල මතක තියාගන්න.
මොකද ඔයාලට හිතුමනාපෙට ටිකට් විකුනන්න, ඔය පිට්ටනියෙ තියෙන්නෙ පවුද්ගලික අස්ප රේස් එකක් නෙමේ ,
ඔය සෙල්ලම් කරන්නෙ අපි කාගෙත් කණ්ඩායම.
.
එක අතකට මාලිගාවත්ත ප්‍රජාවටම බැනල වැඩකුත් නෑ ,
ආරන්චියෙ හැටියට ඇතුලෙ ඉන්න අයගෙන්ම මේ තරව්කාරයො වැඩි මිලට ගන්නවලු
උදාහරණයක් විදියට 300 ටිකට් එක ඇතුලෙන් 500 ට අරන් , තමයි 1000 ට 1500 ට විකුනන්නෙ
සමහර තරව්කාරයො ඉන්නවා ටිකට් සීයක් දෙසීයක් විතර අරගෙන මැච් එකට සතියකට කලින් ඔෆිස් ගානෙ ගිහින් විකුනගන්නවා අඳුරන අය හරහා
.
සැවෝයි එකට හොඳ ෆිල්ම් එකක් ආවම මිනිස්සු ඔන්ලයින් ටිකැට් බුක් කරල බලනවා වඩා ක්‍රමවත්ව.
ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට බෑ මැච් එකේ ටිකට් ටික කාටත් සම අයිතියක් එන විදියට බෙදල දාන්න.
ගන්න පුළුවන් එකා මොකෙක්ගෙ හරි මාර්ගෙන් ටිකට් ගොඩක් අරගෙන වැඩිමිලට විකුනගන්නවා නීතියෙ ඇස් පනාපිටම.
මේ ක්‍රමේ හරිම අසාදාරණයි.
ඉන්කම් එක අරන් බකන් නිලන් ඉන්න නෙමේ ක්‍රිකට් ආයතනයට මීට වැඩිය වගකීමක් තියෙනව මේ අසමානතාවය පාලනය කරලා හැමෝටම සම අයිතියක් ලැබෙන විදියට යම් ක්‍රම වේදයක් හදන්න.
උදාහරණයක් විදියට එක ජාතික හැඳුනුම්පත් අංකයකට ටිකට් දෙක-තුනක උපරිමයකට යටත්ව වගේ ක්‍රමයක් හරි තිබුන නම් අධික ටිකට් තොග මේ මාෆියා තැරව් කාරයින්ගෙ අතට යනවා අඩු කරන්න පුළුවන්.
.
බලධාරීන්ට කොයින්ද ඉතින් පාගා කොමිස් ගහනවා හැරෙන්න මේවට වෙලාවක්.
මේක අපිම පොඩියට පටන් ගමු.
මේ මාෆියාව සහමුලින්ම නතර කරන්න අපිට බෑ මචං නමුත් දහ පහළොස් දෙනෙක් හරි අහු උනොතින් එයාලට වෙච්ච දේ ගැන ආරංචි වෙන උනුන්ගේ යාළුවො හරි මේක අඩු කරන්නෙ නැතෑ
.
මේ පාර ඔබත් ගේට් එක ලඟදි බ්ලැක්මාර්කට් ටිකට් ගන්නවානම් හෙමින් සීරුවේ ඒ තැනැත්තාව වීඩියෝ කරගෙන ඒ වීඩියෝව පොලිස්පතිතුමයි , කොළඹ බාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි තුමාවයි Cc කරල, පොලිස් තොරතුරු ඒකකයට ඊ මේල් කරන්න.

– හරීන්ද අබේවික්‍රම

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!