හන්තානේ කඳු මුඳුන සිසාරා

පවනක් වී ආ

සෙනෙහස හඬවා

මතකය ඉකිබිඳ

හදවත අවඳි කෙරු

“අමරදෙව්නි”

“කුණු කය නිසරුය

නැත පවතින” බැව්

යථාර්තය කරමින්

මල ඉර බසිනා හැන්දෑයාමේ

අපගෙන් සමුගන්නේදෝ……….

 

සඳත් තරුත් නිහඬ

ගහත් කොළත් නිසල

මුළු ලොව සැතපෙද්දි

සිතුවිලි විතරක් අවඳි කළ නුඹට,

ඇහෙනවද දන්නේ නෑ

අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන්

අපේ පැතුම් ඉකි බිඳින

හඬ……………

 

අමරදෙව්නි ! දෙව් ලොවට ගී ගයන්නට ඇරයුමක්වත් ලැබුණ ද?

 

෴අජරාමර නිවන් සුව අත් වේවා෴

 

~තාරු~

Comments

Written by

Previous article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!