රාවණා රජු උගත් , තුන් ලොවටම අග්‍රව සිටියානම් වෙන අයෙකුගේ බිරිඳක් බලෙන් ගෙනවිත් නිකරුණේ යුධ කොට තම ජීවිතය නැති කරගත්තේ මන්ද යන්න බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්නයක්.

මේක ඉතාම සාධාරණ ගැටලුවක්.ඇයි රාවණා දඬු මොණරෙන් ඉන්දියාවට ගොස් මිනිස්සු දෙදෙනෙකු සමඟ සිටි සීතාව රැගෙන එන්නේ?මෙයට එක්තරා ප්‍රභල හේතුවක් තිබිය යුතු බව ඔබට නොහැගේද?
වල්කමට,සල්ලාලකමට ගෙනාවා නම් වසර 12 ක් ලංකාවේ අශෝක වනයේ සිරකොට තබාගෙන සිටි සීතා කොහොමද දිවුරුම්පොළේදි ගිණිගොඩට පැනලා පතිවෘත්තතාව පාරිශුද්ධ බද ඔප්පු කලේ?මඳක් සිතා බලන්න,රාවණාව සල්ලාලයෙකු කිරීමට පෙර.

රාවණා රජු වියරුවෙන් දණ්ඩක වනයට ගොස් සීතාව පැහැරගෙන එන්නේ ඔහුගේ නැගණිය,ශූර්පණඛාගේ නාසය කපා දමා ලක්ෂ්මන් හා රාම ඇයව විකෘති කළ බවට ලැබුණු ආරංචිය නිසා පළිගැනීමක් ලෙසටය.ස්ත්‍රියකගේ අගය නොදන්නා ඒ ම්ලේච්ඡයන්ට ගැහැනියකගේ අගය වටහා දෙන්නටය.ඔබ මඳක් සිතන්න,ගැහැනිකගේ නාසය කපා දැමූ විට ඇයට අත්වන ඉරණම පිළිබඳව.

ඒ අනුව සත්‍ය වශයෙන්ම රාවණා ගැන ලිවිය යුත්තේ ඉන්දියාවට තනිවම ගොස් රජ කුමරියක් ගෙනා මහා බලපරාක්‍රමයකින් යුක්‍ත වූ තුන් ලොවටම සක්විති වූ අහසින් යන යානා නිපදවීමට තරම් තාක්ෂණික ඥාණයකින් යුතු වූවද පර අඹුවක් හා කාම මිත්‍යාචාරයේ නොයෙදීමට තරම් උසස් ශිෂ්ටත්වයකින් හා අචාර ධර්මයන්ගෙන් යුක්ත වූ ස්ත්‍රියකගේ වටිනාකම මැනවින් අවබෝධකරගත් ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙසට මිස නිව්ටයෙකු, සල්ලාලයෙකු ලෙසින් නොවේ.

–තිශාන් කුලසිංහ–

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!