ළඳලු තුරු අග

සුවඳ දෙන මුදු මලි පිපෙන විට

නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද

නොදනිමි.

 

අතින් අත් පටලාන ඇවිදින

අහිංසක පෙම් යුවල් දුටු විට

නුඹට මට මෙන්

නැවත අපෙ පෙම සිහිවෙද

නොදනිමි.

 

 

අමාවක දිගු රැයක් ගත වී

පුරා පසළොස්වකක් එනතුරු

නිදි වරා මා බලාඉන්නා සේ

නුඹත් නිදි වැරුවාද

නොදනිමි.

 

 

සුපුන් සඳ මල්කෙමි මුලාකර

අවරගිරින් බැස යන විටදි තනිවම

ම නෙතට කඳුළක් ඉනූ සේ නුඹේ දෙනෙත් තෙත් වූවාද

නොදනිමි..

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!