1990 වසරේ අතුරුදන් කරන ලද ඇඹිලිපිටිය පාසල් දරුවන්ගේ අඳුරු මතක පෙළහර …

මෙම සිදුවීමට වසර 27 ක් පමණ වේ.මේ කඳුළු කතා පුවත ගෙන දෙන වේදනාව ඇසට කඳුළු උනවයි.මා මෙය කියවන විටදී ද එය එක් වරක් පමණක් නොව කිහිප වතාවක්ම සිදු වූවා .මෙම පාසල් දරුවන් මිය ගොස් තිබුනේ ඒ තරමට දැඩි වේදනා විඳිමින්ය.
89 කාලයේ භීෂණකාරී ක්‍රියා සිදු වූ බව නොරහසකි .බොහෝ දෙනා එය දේශපාලනික හා පෞද්ගලික ආත්මාර්ථය සඳහා යොදා ගෙන ඇත.මෙහි සිදු වූ සියල්ල අහස පොළොව නුහුලන සාපරාධි ක්‍රියා වේ.
මේ ඛේදවාචකය පිළිබඳව පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කළ අතර ඒවාගේ ප්‍රතිඵල ජාත්‍යන්තරයට පවා එකතු විය .
මෙම අතුරුදන් වීම්ට වසර 6කට පසු රත්නපුර මහාධිකරණයේ නඩවක් ගොනුකළ අතර 1999 -2 10 දින තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.විත්තිකරුවන් පිරිසක් එහිදී නිදහස් කරන ලද අතර එහිදී දඬුවම් ලැබූ අය මේ වන විට නිදහස්ව ගොස් ප්‍රකෘති සමාජයට අනුගතව ඇත .

හරියටම තව දින 6කින් එනම් 10 වැනි දින මෙම සිදුවීමට වසර 27ක් සපිරීම සිදුවේ.

මෙහි මරා දමා ඇති සිසුන් පැහැර ගන්නා විට ඔවුන්ගේ වයස් මෙසේය.

අවු 15 මාස 08 දින 21
අවු 16 මාස 09 දින 26
අවු 16 මාස 09 දින 14

මේ කිහිපයක් පමණි .මොවුන්ගෙන් බහුතරය 11වසරේ ඉගෙනුම ලැබූ අයයි.

මේ පොතේ තියෙන යමක් සිතන්නට පොළඹවන කොටස් කිහිපයක්.

“ගල්ප්පත්ති කියනවා දරුවා ළඟදීම එයි කියලා.ඒත් ආවේ නෑ පුතේ..කඳවුර ළඟ මාස කීයක් බලාගෙන හිටියත් ආවේ නෑ…නත්තල් දවසේ ,ජනවාරි 1 වැනි දා ,අවුරුදු දවසේ අපි බලාගෙන හිටියා ..”

“ඇයි ප්‍රින්සිපල් ඒ විදියට හැසිරෙන්නේ ..එයා තුවක්කුව බෝම්බ පේන්නම තියගෙන ඉන්නවා ඉස්කෝලේ ….ළමයි තේක්ක කැලේට යවනවා කියනවා ..ඒත් කට්ටියකට විතරයි …..ගල්ප්පත්ති වගේ කෙනෙකුට ගුරුවරයකු කියන්න පුළුවන් ද අම්මේ….”

“ඒ දරුවන්ගේ ඇස් මට මැවිලා පේනවා ,ඒවයින් මට මොනවාද කියනවා වගෙ දැනුණා.උන් ආයෙත් එන්නේ නෑ මහත්තයෝ…”

“මේවා අපිට එන ඕඩර් ..ඒ නම් ලැයිස්තුව දීලා තියෙන්නේ විදුහල්පති ..අපි කරන්නේ එයාලව ගේන එක..”

“ඉන්නවා ..ඒක අපේ රාජකාරිය. .ඔය නම් දෙන්නේ පළාත් සභාවේ මන්ත්‍රී ..අපිට කරන්ට දෙයක් නෑ මෙතනදී..”

“දස වද දීලා අමු නිරුවත්ව බිම දිගේ ඇදගෙන ඇවිත් පණ යනකන් දාලා තියෙන්නේ ..”

“ඒ කාලයේ පොලිසියට වඩා දෙයක් ගල්ප්පත්තිට කරන්ට පුළුවන් ..ඔය නම කවුරුත් දන්නවා ..ඉස්කොලේ ඉන්නෙ ඉණේ පිස්තෝලයක් තියගෙන ..”

“මගේ දරුවා එතන හිටියා ඒ කොන්ද මට මැවිලා පේනවා…තට්ටමුත් එක්කම පුච්චලා …රතුම රතු පාටයි..”

“දරුවා මැරෙන්න බල්බ් වල කටු,ඉස්කුරුප්පු ඇණ ගිල්ලවලා…එක්ස්ට්‍රේ වල ඒ ඔක්කෝම තිබුනේ ..විරේක වෙන්ට බෙහෙත් දුන්නා ..පිට නිල්ම නිල් පාටයි…කෙළ ගැහුවම පිට වෙන්නේ පෙණ”

…………………………… ……
මේවා දකින සමහරුන්ට යකා නගී…අවුලක් නෑ..
මේ වගේ සැඟවුණු කතා ගොඩක් ඇති….වටින තරුණ ජීවිත . එදා ඒ මරා දැම්මෙ රටේ ශ්‍රමය..අද ඒ අය හිටියනම්…මොන තරම් වටිනවද…අනික මරා දාලා තියෙන්නේ විශ්වවිද්‍යාලයීය සිසුන් ..බහුතරයක් …
අද රටේ තිබෙන ගොඩක් ගැටලු වලට ඒක හේතුවක්…ඒ භීෂණය සමාජ ක්‍රමයේ රික්තයක් ඇතිකරා…
අද මහලොකුවට නිදහස ගැන කියවන අය තමා මේක්ට වග කියන්ට ඔනේ………

පොඩ්ඩක් හිතන්න………නැවත මෙවැනි දෙයක් සිදුවීමට වීමට බොහෝ ඉඩ ඇත……

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!