කතාකල යුතුම, එත් කවුරුවත් කතා නොකරන දිස්ත්‍රික් කෝටා අසාධාරණය…

—————————————————————————-

ලංකාවේ රජය විශ්වවිද්‍යාල වලට සිසුන් තොරා ගන්නේ උසස්පෙළ Z අගය මත පදනම්ව දිස්ත්‍රික් කෝටා ක්‍රමයකට බව කවුරුත් දන්නා කරුණක්. එත් මේ දිස්ත්‍රික්  කෝටා ක්‍රමයට එක් දිස්ත්‍රික්කයකට  එක ක්‍රමයකුත්, තවත් දිස්ත්‍රික්කයකට  තවත් ක්‍රමයකුත් වශයෙන් එක්  එක් දිස්ත්‍රික්කවවල උසස් පෙළ හැදෑරු සිසුන්ට එක එක හැදී වලින් බෙදීම කෙතරම් දුරට සාදරණද?

උදාහරණයක් ලෙස කොලබ දිස්ත්‍රික්කයෙන් උසස්පෙළ හදාරන සිසුවෙකු රජයේ වෛද්‍ය විද්‍යාලයට හෝ ඉංජිනේරු පිටයකට ඇතුලත් වීමට A3 ක් ලබාගැනීමට  අවශ්‍ය නමුත් කිලිනොච්චි හෝ මොනරාගල  දිස්ත්‍රික්කයෙන්  උසස්පෙළ හදාරන  සිසුවෙකුට අවශ්‍ය වන්නේ S3 ක් වගේ අඩුඅගයක්. මෙසේ දිවයිනේ එක් පෙදෙසකින් උසස්පෙළ හදාරන සිසුවෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ඉතා  පහසු ක්‍රමයකුත්, තවත් පෙදෙසකින් හදාරන සිසුවෙකුට ඉතා අසීරු ක්‍රමයකුත් තිබීම කෙතරම් සදරණද?

කිලිනොච්චියේ හෝ මොනරාගල දිස්ත්‍රික්කයේ  සිසුවා එම විශේෂ සුදුසුකම ලැබුවේ මොන වෙනස්කමක්  පදනම් කරගෙනද?  කොලබ සිට ඇති දුර පදනම් නිසාද? රජයේ නම්  තර්කය  එම දිස්ත්‍රික්කවල පහසුකම්  අඩු  නිසා එ අයට ඒ සුදුසුකම ලැබුනා කියලා. එතකොට කොලබ අයට එ සුදුසුකම නොලැබුණේ පහසුකම් වැඩි නිසාද? එ මොන සාදරනයක්ද? කොළබ කොච්චරනම්  ඉන්නවද අඩු පහසුකම් තියෙන ඉගෙනීමට දක්ෂ ළමයි. මේ දිස්ත්‍රික් කොටා ක්‍රමය නිසා ඒ අයගෙන් කීදෙනෙකුට   විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා ඇත්ද…?

කොළබ හෝ පහසුකම් සහිත ප්‍රදේශයක  ඉපදුනු පමණින්ම  ශිෂ්‍යයෙකුගේ  විශ්වවිද්‍යාල වරම් අහිමි කිරීම මොන තරම් අසාදරණද?  අනිත් අතට දෙමව්පියන් පොහොසත් වූ පමණින් දරුවන්ගේ විශ්වවිද්‍යාල වරම් අහිමි කිරීමම  කේතරම් අකාරුණිකද?   කිනම් හෝ හේතුවක් නිසා එසේ කරනවානම් එ දරුවන්ගේ  දෙමාපියන්ට ඇති එකම විසදුම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දමා හෝ තම දරුවාගේ විශ්වවිද්‍යාල අයිතිය සපලකරදීම නොවේද?

එලෙස තම අධ්‍යාපන අයිතිය බුක්තිවිදින්නන්ට එරෙහිව අරගල කරන්නේ කුමන පදනමකින්ද? එසේ අරගල කරන අය කුහකයෝම නොවේද?

සුවහසක් රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් තේරුම් නොගන්නා එකම කරුණ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල තම  අවසන් විසදුම කර ගන්නේ අදක්ෂයන්  නොව කගේ හෝ වරදකින්  රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වූ, කුමන හෝ ක්‍රමයකින් තම අධ්‍යාපන අයිතිය තහවුරුකර ගැනීමට වෙර දරන්නන් බවය.

තවදුරටත් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිකිරීමට රජය අපොහොසත් නම්, රජයක් විසින් කල යුත්තේ තව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකර පහසුකම් ඇති සිසුන් ඒවාට ඇතුලත් වීමට ධෛර්යමත් කිරීම නොවේද? එවිට රාජ්‍ය විශ්ව විද්‍යාල වල  පුරප්පාඩු  ඉතිරිවී අඩු පහසුකම් සහිත  සිසුන්ටද ඒවාට ඇතුලත් වීමට ඉඩ ප්‍රස්තාව  සැලසෙනු ඇත.

——————————————————————————————————————————-

ආදරණිය අන්තරේ සහෝදරවරුනි,

මොහොතක් සිතන්න පෞද්ගලික  විශ්වවිද්‍යාල වසාදැමීමට  ඔබ කරන අරගලය,  ඔබ වගේම තවත් දක්ෂතා ඇති සිසුවකුගේ  අධ්‍යාපන අයිතිය නැති කිරීමට දරන ප්‍රයත්නයක්  නොවේද?

පිළිතුර අප පසක්කර දියයුතු නැත, මන්ද එය ඔබ හොදින්ම දන්නා බැවිනි.

ප. ලි. – උබලට පුළුවන් නම් මේ අසාදාරන  දිස්ත්‍රික් කෝටා එකට විරුද්දව අරගල කරන්න, උබලා පෞද්ගලික යයි කියන විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න මත්  එන්නම් උබලත් එක්ක බෝඩ් උස්සන්  කදුළු ගෑස් කන්න. ජය!

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!