Chandima Niroshini

එතෙර ගිය නුඹට

  යස ඉසුරු කම් නැතී නුඹ තරම් ළඟ නැතී හිත වටා එති එතී බොල් හුළඟ ඉහිරෙතී හඩන විට පැටවුන් සොයා රසවුළු තද කරන් රිදෙන හිත තවත් නම් ඉන්නට බැරිව හෙළන කඳුළු ද එක්ව තනිකම ම ඔච්චමේ ගිනි ගත්ත සිරියහන කඳුළු…

කියනු මැන සෙනෙහේ

තබා පියවර වැළඳ මා අත පිය නඟමු රිසි සේ තබා නළලත ඔබේ දෙතොලඟ කියනු මැන රහසේ සඟවගත් සෙනෙහේ වදන් සයුරක තැනූ ඕවිල්ලේ ගයනු මැන පෙම් ගී මටත් රහසේ හදට කොඳුරා හැමට රහසින් ගයනු මැන හිමි සඳුනේ දෑස් පිය මත සෙනෙහෙ…

නුඹ කොතැන සිටියම මොකද

පින්නට හාදු තියාගෙන ආදරේ වස්සනා අඳුරට තුරුල් වී මුළු හිතම සනසනා අහම්බෙන් හිත කොණක මතකයන් රඳවනා එබී නො එබී හිතට මල් වැහිත් ගෙන එනා ___________________________________ඉ නුඹ කොතැන හිටියම මොකද…. නුඹ ඉන්න බව මම දන්නවා __________________________________

කදුළු

කඳුළු….. _____________________ කඳුළු …. කඳුළු වලට වටිනාකමක් දෙන්න නම් බැරි වෙයි.මිල කරන්නත් බැරි වෙයි. වටහා ගන්නත් බැරි වෙයි. ඒත් ඒ එක්ක ඇති වෙන සබඳතා නම් වටහා ගන්න පුලුවන් වෙයි… අඩන වෙලාවට නෙවෙයි නිවී සැනසිල්ලේ කල්පනා කළාම. අඩන්න ඕන හිත සනසා…

ඉහිරුණු කිරිල්ලී

පියඹා යනු නොහැකිව ඉකිබිඳී ඈ වෙහෙසට පත්ව හිතුවක්කාර සුළඟ එක්ක සිඳී යන තටු අවසඟ බව වටහා නොගෙන සුළං කපොල්ලක් නොදකින මානෙක තනන්නට ගොසින් කැඳැල්ල බලාපොරොත්තු එක්කම

මියෙන හිත ළග

අනෝරාවක් නොවී හෙමි හෙමින් ඇඳ වැටියන් මගෙ හිතට සුළි කුණාටුවක් නොවී පාවී සැනසිල්ලේ මඳ පවනක් ව එතියන් මා අසල මගෙ නොවන මා ලෙසම සැබෑවක් නොවෙන සිහින ගෙනවිත් ඇස් ලඟට පායපන් නොමියෙන ලෙසම