Fäthįmä Bęšüñá

හෙමින් යමු අපි

සිනා සෙන්නට කියාදෙන්නට ජීවිතේ මල් සුවද වෙන්නට උවමනා නැත කිසිම දවසක උතුම් වූ දෙය කදුළු අතරින් සීනාසීමය වරක් දෙවරක් නොව දහස්වර සරදමට ලක් වුවද මේ ලොව හදා ගන්නට හැකිවෙනම් අද සැබෑ ජීවය අනික් ලෝකයේ පටන්ගැන්මය ඉකමනින් හැකි නොවූවත් අද කුසල්…

එවිට

එවිට,, වේලාව පැමිණේවි මරණය මුණගැසේවි ජීවිතය අවසන්වේවි ධනය මගහැරේවි කර්මය ඉතිරිවේවි අපාය සිනාසේවි ස්වර්ගය ප්‍රර්ථනා කරාවි ජීවිතය පටන්ගනීවි__   ෆාතිමා බෙසූනා

ජීවිතය

  සිහිනයක් නොව ජීවිතය නින්දෙන් අවදි වූවිට වියැකෙන සිහිනයකි ජීවිතය අවදී වූ පසුත් බිය වද්දවන ජල කදක් නොව ජීවිතය නිස්කලංකව ගලා යන ජල කදක්ය ජීවිතය ගල් පර මත වැදී විසිරයන කුසුමක් නොව ජීවිතය සැමවිටම සුවද දෙන කුසුමක්ය ජීවිතය නිමේෂයකින් පරවයන…

ඔබෙන් අඩකි මා,, මගෙන් අඩකි ඔබ..

දේදුන්නට පාට ගෑවේ ඔබ, සිහිනවලට අත්තටු දුන්නෙත් ඔබ,, මං කලේ ඔබ දිහා බලන් ජීවිතේ ගැන්න එක පමණය..ජීවිතේ මුදුන් පෙත්තට යන්නට මට උවමනවක් නොවීය… ඔබ නිතරම බලෙන්වාගේ මා ඇදන් යන්නට වෙර දැරුවේය… ඒ ආදරය මට වරමක්ම විය… හුස්මක් හුස්මක් ගානේ මා…

පමා වෙන්නට පෙර

මල්ලී, කරපු පිස්සු වැඩ ඔක්කෝම දැන් අහවරයි! එහෙම හිතෙනවා නේද? මේ දවස මේ මොහොත ගැන තමා අවුරුදු දෙකක් තිස්සේ පරණ තැටියක් වගේ, ගිරවියෙක් වගේ කිය කියා හිටියේ. දැන් ඉතින් ඉවරයි. ඔහොම ඇද උඩට වෙලා බලාගත්තු ඇත බලං හිටියා කියලා කිසිම…

ශ්‍රී ලාංකිකයි

  දේශයේ අභිමානයයි මේ හද පුරා එක් නාමයයි ලක්මෑණියයි, ලක්මෑණියයි,, ලක්මෑණියයි… එක් දේශයයි එක්සේසතයි මේ හද පුරා එක් ජාතියයි ලක්වැසියකුයි, ලක්වැසියකුයි,, ලක්වැසියකුයි… නෑ බිදක් ජාතිවාදයයි අන්තවාදයයි, ත්‍රස්ථවාදයයි මේ හද පුරා එක් අභිලාෂයයි ශ්‍රී ලාංකිකයි, ශ්‍රී ලාංකිකයි,, ශ්‍රී ලාංකිකයි…   ෆාතිමා…

අබීගෙන් ලිපියක්

සාමය හා සතුට උදාවේවා ! දයාබර පුතේ, ඔයා හොදින් වග මම දන්නවා.. මේ අබීගෙ ප්‍රර්ථනා  වල ඔයා හැම වෙලාවකම ඉන්නවා. අල්ලාහ් ඔයාට යහපතක්ම කරාවී, පොඩි එකාගෙ මූණ මට නිතරම මතක් වෙනවා. ඒ හැම වෙලාවකම පපුව පිච්චිලා යනවා පුතේ. දැන් නම්…

ඔබව සොයමි

විහග තුඩක කිචි බිචි අතරේ නෙලන නෙලන මල් ගොමු අතරේ දකින දකින තරු නෙතු අතරේ ඔබව සොයමි මේ මග දෙපසේ… දසත හමන පවනැලි අතරේ නෙතට ගැටෙන සෙවනැලි අතරේ අහන කියන පද වැල් අතරේ ඔබව සොයමි මේ නෙතු අතුලේ… නෙතට නැගෙන…

එකම එක දවසක්

පෙලියුසිඩාරයේ දවසක් ඔබත් එක්ක එන්නම් මං ,, අඩ මිනිස් වානර සගෝතයන්ගෙන් බේරී මෙහාරුවන්ගේ පුත්‍රා දේශයට නොයා තාගයන්ගේත් තරාගයන්ගේත් තද හකුවලට අසු නොවී දෙවියන්ගේ පාරාදීසයේ නිම්න බෑවුම් අසබඩ අපටම නිමවූ ගුහාවක ,, ශට කපටයන්ගෙන් මිදී එකම දවසක් ,, ජීවත් වෙමු අපි…

ප්‍රේමයක්

  හදේ ගැස්මට කන තියා ඔබ අහනවද සෙනෙහේ හඩක් එදා වාගෙම එකම නමකින් ගැහෙනවා නැවතී බිදක්.. ගෙවා නිම කල දිනේ කෙලවර හුස්ම වැටෙනා තනි කමක් අදත් එලෙසයි එදා වාගෙම තනිව හඩනා පෙම් කවක්.. උර මඩලෙ උණුසුම විදින්නට මැවූ සිහිනය සිහිනයක්…