janiya

බලාපොරොත්තුව

බිදුනු හදවත වේදනාවන් පිරි වර්තමානයකි සියුම් බලාපොරොත්තුව අවිනිශ්චිත අනාගතයකි ඒ ලෙන්ගතු හැගීමෙන් මා හුන් තැනමය හෙටත් එය එසේමය එනතෙක් බල හිදින්නමි යළි ඔබ එතැනට

මිතු දමද ප්‍රේමය ද

තැන්පත් උනි ඇගේ රුව ඔහු සිත තුල දළු ලා වැඩුන ආලයේ සිතුවිලි සිරවිය හද තුලම සිදු උනි නොයෙක් දේ ගෙවිනි කාලය නොදැනිම ඇරඹුනි අනපේක්ශිත මිතු දමක් යෙහෙලියක විය ඇය ඔහුගේ සැගවුනු සිතිවිලි යලිත් එලි බසිද්දී පවසන්නේ කෙසේ දෝ ඇය හට…

ප්‍රශ්නාර්ථය…….????

හදේ ඇති වන හැගීම් සමුදාය ගොනු කර බැලූ විට පුදුමාකාරය…. විටෙක සතුට විටෙක දුක තවත් වරෙක හිස් වූ බවක් මෙවන් දහසකුත් වු හැගීම් අතර දෝලනය වීමට ගත වන්නේ නිමේශයකි   මේසා වු අපගේ චිත්ත ස්වභාවයන් වලින් ලෝකයා දකින්නෙ අත ලොස්සකි……..