Kalana Krishantha

ආදරයේ ඇත්ත පාට

හඩ නගන ආදරයට වඩා බලවත්ය නිහඩ ආදරය!! අත්පත්කර ගත් ආදරයට වඩා බලවත්ය පරිත්‍යාග කල ආදරය!! සිනහවෙන් හැඩගැන්වුනු ආදරයට වඩා බලවත්ය කදුලින් තෙත්වුනු ආදරය!! කියන්නට බොහෝ දේ ඇතත් තවත් කිසිත් නොකියමි. සංසාරය දිගු බැවින්, නිහඩ වෙමි!!!

දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය…

සිහිනයක්ද ජීවිතය

සිනහව බොහො දුරය කදුලු නම් අත ලගය හමුවීම් අතර මැද වෙන්වීම් නිතර ඇත නිසල ලෙස ගලායන විටදි මනහර නදියක් විලස අතරමග ගල් කුලුය ගමන් මග වෙනස් කරන ජීවිතය නදියක්ය වතුර වෙනුවට කදුලු ගලන ඒ අතර දිය සුලිය ආදරය නමින් එන…

හුදෙකලාවක මිහිරියාව

එක්වුනොත් හදවතින්ම හිත හොද අවංක යහලුවන් සමග අත්වන්නේ දුකකි අවසන වෙන්ව ගිය කල යම් දිනක එක්වුනු සැවොම වෙන්වයායුතුයි යම් දිනක එයයි ලොව ධර්මතාවය එක්වුනොත් අසත්පුරුෂයන් සමග යහගුණ නොදත් විනාශකාරි යා හැකියි නරලොව අපායකට. මිතුරුදමේ නාමයෙන් මේ කිසික් නැත අරීය හුදෙකලාවේ…

ඔක්කොම දැන් එක ව ලේ!

කලක් තිබුණි අදුරුව මිනිසුන් ජාතිවාදයයෙන්, ආගම්වාදයෙන් උමතුව අන් ආගම්, ජාතීන් කොන්කර තම මතය පමණක් රජකරවන්නට වෙහෙසුණු සියලු මිනිසුන් එකම ජාතියක් යයි දෙසූ මුනි දෙසූ දහමට එරෙහිව ඇවිලෙව්වා මුලු රටම ජාතීවාදී ගින්නෙන් සොබාදහමට තවත් මේ විහිලු ඉවසනු නොහැකිව ඉගැන්වූවා පාඩමක් බිහිසුණු විලාසෙන්…

හිමි වැඩ සිටී නිසලව

සැඩ මාරුතය බලවත්ය රකුසු වෙස් ගත් ජල තරංග වනසයි හසුවන හැම දෙයම මිනිසුන්ද ගහකොලද වනසතුන් ද කිසික් වෙනසක් නොමැතිව ම රැගෙන යයි මරු කටට ඒ අතර මහ කදුද පාත් වෙයි මහ පොලොවට වනසමින් මුලු බිමම වනසමින් සොබාදහම මිනිසුන් රගන විකට…

කදුලු වැස්ස

තෙමී යටවී ගියත් බිම් මහල ධනවතුන්ට ඇත සැපවත් උඩුමහල පැල්පතක දුගී අසරණයන්ට හිමිවන්නේ පන්සලේ බණ මඩුවය අහිමිව සෙවනට තිබුනු පොල් අතු කැබලිත් කුලී වැඩ කරන දුප්පතාද වතු වැඩ කරන අසරණයන් ද බලා හිදී අහස දෙස කුසගින්නෙන් හඩන දරුවනට සහනයක් ඉල්ලා…

ජීවයේ උල්පත ඇයයි

රුහිරු කිරි කර නමින් දරු පෙම ලොවක් මැවු ඇය විදියි තනියම දැවෙන දුක්ගිනි හොදින් තදකර ඇසිපිය මැද වැටෙන්නට නොදී, උණු කදුලු කැට ලොවට පෙනෙන්නට සිනාසෙන ඇය හඩයි තනිවම හුදෙකලාවේ තමන් තුල කිසික් නොමැතිව පුදයි සිය බත් පතක් දරුවනට ලියන්නටවත් නොදත්…