madushaperera86

තනිවම නොවේ මා….!!!!

මේ රැයේ ඔච්චමට හිනා වෙන තරු කැකුල, සඳ මඩල අසයි නිහඬවම ඉඟි මරා “තනිවමද ඔබ තවම ?” ඔව්, මම තනිවමයි… ආදරය බොහෝ ඈතයි නමුදු ඒ මතකය ඇත ළඟ බැවින් තනිවම නොවේ මා…   මධූෂා පංචනී පෙරේරා 22 ජුලි 2008  …

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…