Madushika Ravihari

වැරැද්ද ස්වභාවධර්මයේය…

ඔබත් මෙවැනි ගැහැනියක්ද යන ලිපියට පිළිතුරු වශයෙන් ලියමි. කාර්යබහුලත්වය හේතුවෙන් මෙම ලිපිය ලිවීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. මා ලිපි කියවන අයියා කෙනෙක් විසින් ඉහත සදහන් කරන ලද ලිපිය ලියා තිබු අතර එය කියවූ විට මට ඇතිවුයේ සිනහ බව…

ඔබත් පිරිමින් අතරින් කෙනෙක්ද?

සැ.යු.- මෙහිදී පිරිමි ලෙස සදහන් වන්නේ හුදෙක් පිරිමි අවයවයක් පමණක් හිමි මනුස්ස කොට්ටසය ගැනයි. ගැහැණිය, ඇය සමාජයේ පිළි ගැනීමට ලක් විය යුතු උදාර චරිතයක් බව ඔබ මොහොතකට හෝ සිතුවාද?? වර්තමාන සමාජය තුළ ඇයට නිසි තැන නිසි ගරුත්වය හිමි වේද?? පිළිතුර නම් නැත…

විහිළුවක් ද ?…

කොවුලාගේ හඬ මිහිරිය. දැකීමටද දුලබය… ඉතිං මිනිස්සු කොවුලාගේ හඬ ඇසීම ප්‍රිය කරති… කපුටා කොයි වෙලෙත් කාක් කාක් ගා ගත් ගමන්මය කිසිවෙකු ඔහු දැකීමට හෝ ඔහුගේ හඬ ඇසීමට ප්‍රිය නොකරයි කොවුලා තම පැටවුන් වෙනුවෙන් කුඩු තනන්නේ නැත කොවුලා බිත්තර දමන්නේ කපුටාගේ කුඩුවේය…