Sankalpana

Thoughts of a heart ❤️

මට නුබව…

මට නුබව… මතක් වෙන තරම්… එපා…. නුබට දැනෙන්න…. එකම… එක මොහොතකට වත්… නුබ ළග නැති පාලුව… මට දැනෙන තරමට… එපා…. මොහොතකට වත්… නුබට පාලු දැනෙන්න….

අම්මා…..

දිවි කතරම ගංඟාවකි එහි උල්පත ඇය වේ මුළු දිවියම මහ වනයකි එහි මුල් පැල ඇය වේ දිවි මග වන මහ හේනකි එහි බීජය ඇය වේ මේ තුන් ලොව ආදරයේ මුල් අකුරද ඇය වේ

ඉස්සරහට….

ඉස්සරහට දැන් වගේම වැඩ ඇරිලා ආව ගමන් ඇදට පැනල දොයියගන්න… හිතුන හිතුන හැම වෙලේම යාලුවන්ගෙ ගෙදර යන්න… ඈත ඉදන් පෙන්න පෙන්න ටොපි චොකොලට් රස කරන්න… ලැබෙන්නෙ නම් නැහැ ඔයාට මං ආවම ඔයා ළඟට…. බලන් ඉන්නෙ මන් එනකන් දන්නෙ නැතුව මගෙ…

මහත්තයෝ…

මහත්තයෝ මේ අහන්න… ආදරෙයිනෙ මම ඔයාට  හිතට දුකක් එපා දෙන්න සංසාරෙම ළගින් ඉන්න දුක් කරදර හැම දෙයක්ම බෙදා හදන් ඔයත් එක්ක හැමදාමත් දිවි ගෙවන්න මං ඉන්නවා ඔයා ලගම

“අනිත් කෙල්ල, ඇයි අහන්නේ”

දවසක් රෑ දුරකතනෙන් කතා කරන විට සතුටින් දුරකථනය නාද වුනා කෙටි පණිවිඩයක් ආවා…. නුබෙයි මගෙයි සංවාදේට පුංචි කොමාවක් වැටුනා…. ටිකක් වෙලා බලන් ඉදලා බැරිම තැනදි ඇහැව්වාම “කව්ද අනේ message කලේ” එක එල්ලේ නුබ කියලා “අනිත් කෙල්ල, ඇයි අහන්නේ “ මතකද…

තාම ඉදිමි මග බලාන…

සිනාසුනෙමි ලැබුනම මට මුළු ලෝකේ නැහැ නැහැ එය ඔබ මගෙ වූ පළමු දිනේ මුළු ලෝකෙම වුනත් අදත් ඔබ මගේ නොහැකි වුණා මට ඉන්නට ඔබේ ලෝකේ තාම ඉදිමි මග බලාන පෙර වාගේ කෝ ඉස්සර මට පෙම් කල හිත නුබගේ කොහි ගිහින්ද…

දුක් ගීයක් ලියනවා….

දිලෙන සදක තරු එළියක නුබේ නුවන් පෙනෙනවා මතක පොතේ පොඩි පිටුවක දුක් ගීයක් ලියනවා http://writer-sankalpana.blogspot.com/ https://plus.google.com/+SankalpanaMalalaweera www.youtube.com/c/SankalpanaMalalaweera

මා මළ දවසට ????

පැමිණේවි සියළුම දෙනා දන්න හදුනනා මෙන්ම නන්නාදුනනා…. වැලපේවි දරාගත නොහැකි බව කියමින් මගෙ වෙන් වීම… ඉකිබිදීවි නැවත පණ නොලබන මුත්… ආවොතින් මළගමට මගේ නුබ දුටු වනම මනාලියක් ලෙසින් හැඩවුනු මගේ මළ කද සිහි වේවි නුබට………………..???? අපේ මතකයන් ගතකල කාලයන් ඇවිදපු…

අදාළ නැති නුබ

නුබම කියයි නුබව මෙමට අදාළ නැති බව මතක නැතිද නුබම කීවා නුබ මාගේ බව…. අදාළ නැති උනත් මාව ඉස්සර මෙන් අද දන්නවාද අදටත් මගේ මුළු ලෝකෙම නුබ….. අදාළ නැති නුබව තවම පපුවෙ උඩම තැන තියන් ඉදිමි ඉස්සර මෙන් නැහැ කහටක්…

මගෙ සිතත් වල දැම්මා මන්….

ජිවිතයේ ඉදිරි ගමන නුබත් එක්ක පියමනින්න හීන කන්ද වැඩිකරගෙන පෙරුම් පිරුවා මන්…. ආදරයෙන් ලගට වෙලා නුබේ උණුහුමේ සුව විදින්න පෙම් කරමින් හැමදාමත් පැතුම් පැතුවා මන්…. එක වහලක් යටට වෙලා පුංචි පැටව් වට කරගෙන නුබයි මමයි ඉන්නා හැටි හීන බැලුවා මන්…….