Sithmi Senadheera

ස්නේහයේ සිත

සිත්තරුන් සතු සිත්තමක් මත ප්‍රේමයේ ලොකු වත්කමක් පන්හිදක් ලග ගෙත්තමක් වන ස්නේහයේ සිත රන්මලක් කතාවක් ලග ලතාවක් වන වචනයේ රස විස්කමක් පෙම්වතුන් ලග පෙම් සිනාකැන් මහමෙරක් වන් සැනසුමක් ජීවයක් ලද ජීවිතෙත් අද සිනාවෙන් පිරි රගහලක්

බොරුකාර රැගුමන්

බොරුකාර දෙඩුමන් රවටයිද සිත්පිත්.. සල්ලාල සෙල්ලo වලලයිද හදවත්.. දගකාරකම් නම් බොලදයි ලු හැමකල්.. වෙස්මූණු බැදුමන් එළිවෙයිලු නොමකල්.. ගිනිතියන රැගුමන් වැරදිච්ච සැනෙකින්.. පිච්චෙන්න වෙයිලු අළුවෙලා යනකල්..  

දඟකාර වැහි බින්දු

දඟකාර වැහි බින්දු නෙතු ගාව මන බැන්දු හිතගාව කවි සින්දු හැඩකාර වී රැන්දු සුළඟ ළඟ පිනි බින්දු සිසිල දස අත කැන්දු මා ගාව වැහි බින්දු දැවටිලා රඟ දුන්නු ලස්සනයි ලෝකයේ කාලයයි මන බැන්දු