තාරු

මෙහෙණිය

දිග ම දිගු මේ සසර, අතරමඟ ලඳ මනු බවට, රැවටී රැවටී හඹා යන, මනු සතුන් නොවෙද අප…. හඹා යන ආශාව නිසරු බව දුටුවාම, ඇති දෙයක් නැතුවම පොඳි ගහන මනුවන් දුටුවාම, සසර අඟ දුටුනු වස්, සිතිණි සිවුරක් ගත ලන්න…. ~තාරු~

අමරදෙව්නි ! දෙව් ලොවට ගී ගයන්නට ඇරයුමක්වත් ලැබුණ ද?

හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී ආ සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ හදවත අවඳි කෙරු “අමරදෙව්නි” “කුණු කය නිසරුය නැත පවතින” බැව් යථාර්තය කරමින් මල ඉර බසිනා හැන්දෑයාමේ අපගෙන් සමුගන්නේදෝ……….   සඳත් තරුත් නිහඬ ගහත් කොළත් නිසල මුළු ලොව සැතපෙද්දි සිතුවිලි…

~සරසවි පාර~

දෙනෝදහක් යන සරසවි පාරේ අත් අල්ලන් යන අය අතරේ තනිව යන තරුණියක දුටුවෙමි හෙමින් හෙමින් පියවර මනින, ටිකක් ලංව අසන්නට සිතුනෙමි කිමද ඇය තනිව මෙතරම් ඇය කියයි ‍මෙලෙසින් කාත් කවුරුවත් නැති මට නම්, සරසවි පාර අරුමයක් නොව සබඳ, එය මට…

නුඹත් කළු අහස වගේ…..

  දේශනය නිම වී එන විටදී මං ඔවුන් ඈතින් ඉන්නවා පාර අයිනේ මිතුරනුත් වටකර මොනවදෝ ඔහු දොඩනවා හැරි හැරී මං ඒ දිහා බැලුවත් ඔහු ගණන් උස්සලා ඉන්නවා ඉහළ ගන්නට කුඩයකුත් නැතිවිට කළු අහසත් මට පිප්පුවා……. ~තාරු~

~ අන්ධ වෙලා අපි ආදරෙන් ~

  අදත්, මලානික මූණු දෙකක් මූදු රළ පාමුළ… එක මූණක් වම් පසත්, අනෙක් මූණ දකුණු පසත්, බලාගෙන උන්නා…. හරියට නන්නාදුනන දෙපලක් විදියට… වම්පස බලාන උන් මුහුණ එකවරම දකුණුපස බලමින් ගැලපුවේ වචන මෙන්න මෙහෙම….. ඔන්න මෙන්න වැටෙන්න දගලපු කරදිය බිදු එක්කම…….

~පළමු රැය~

  රළු වුණත් නුඹේ පපුව සනීපෙට දැනුනේ මට උණුහුමට ගුලිවෙච්ච මගේ හද ගැහෙයි තව නිමාවන පළමු රැය නුඹ සමඟ යහන් ගත මුහුකුරන ඇල්මක අදයි ඒ පතිවතේ සලකුණ …… ~තාරු~

~ නුඹ නමින් “තාත්තා” විය~

  බලන්නට උරඟා ශක්තිය, පුංචි කමට මං පයෙන් ගැහුවා මතකද, නුඹේ පපුවට…………….   ගලා  අා සෙනෙහසින්, නැඟී අා සිනා පොඳ මුවෙහි රැඳුනා නුඹ නොපෙනිම……………..   අදත් නෑ මට හමුවූයේ තවකෙක්, සමකරන්නට නුඹේ හයියට……………….   එතෙක් මෙතෙක් කල් මගේ දිවි තුල…

කිරිල්ලියකගේ අඳෝනාව

මීට ටික කලකදී ඉස්සර කිරිල්ලියක මං ගුවනේ ගැටෙනා හයේ හතරේ හැඩි දැඩි අයෙක් ලඟදී මාව අල්ලන් කූඩුවක දැම්මා පැණි අඹ ද රතු‍ කොමඩු ආදිය රස කරලා අනේ මෙමට පෙන්නා ඊයේ රෑ කතුරකුත් ගෙනවිත් අනේ මගේ තටු දෙකම කැපුවා… ~තාරු~

මේකදෝ ආදරේ…

  දෙතොල් මතදෝ ආදරේ යහන මතදෝ ආදරේ ඒකදෝ නුඹේ ආදරේ අරුත කිමදෝ ආදරේ ඇයත් රැවටී හිතුමතේ කරනා ඇරයුම් නුඹම රහසේ පිළි අරන් නුඹ සතුටු සේ පිදුවා නුඹටම නිසා ආලේ ගෙවී කාලය පෙමට රිසිසේ නොකියාම වැඩුණේ කළලයකි කුසේ කියපු හින්දා දෙවන…