තාරු

~ මළගමක සිහිනය ~

  ඊයේ රෑ මං හීනයක් දුටුවේ දතක් වැටුණා මගේ හක්කේ පාන්දර ඇහැරුණාට පස්සේ අම්මා හොයන් යන්නටයි සිතුනේ අම්මේ මං හීනයක් දැක්කේ මොකද දන්නෑ ඒකේ වෙන්නේ දතක් හක්කෙන් වැටුණා අම්මේ මටත් ටික ටික බයක් දැනුනේ හොඳක් නෑ පුත දැක්ක හීනේ මරණයක්…

~ පළමු හාද්ද ~

පාර්ලිමේන්තු පාරේ එක දවසකි දියවන්නා ඔය කිට්ටුව බංකුවකි අපි අපිටම වෙන් වෙච්ච තැනකි ඔයයි මමයි අපි විතරකි ගෙනත් තිබුණේ මට බූන්දී මං ආසම රස බූන්දී හරි හරියට රස බලද්දී එයා කිව්වේ මට පෙරේතී කියෝ කියෝ ඉද්දී මං කතුර වගේ බලන්…

මල් පෝච්චිය

    අම්මා තෑගි වලට මට දුන්න මල් පෝච්චිය ඊයේ මුළු දවසෙම තිබුණේ කනප්පුව උඩ අද උදේ බලන කොට අනේ බිඳිලා සාලේ මැද කියනවා ඇහුණා අම්මා පූසා දඟලලලු අල්ලන්න මී රැල මං ආසම මල් පෝච්චිය දුක හිතුණා හරියට මට අඬ…

නුඹට මොනවා ලැබේදෝ

සුදු පුතේ නුඹ කුසේ උන්න බව නෑ ජල කඳන් දුටුවේ මගේ පෙර පව් වලට වෙන්නැති මාව අරගෙන යන්න ආවේ නොදුටු හින්දාම වෙන්නැති පුතුත් අරගෙන යන්න වූයේ ලොව දකින්නට පුතුට පින නෑ පුතු දකින්නට මට ද පින නෑ මේ මගේ පවමදෝ…

~ අපේ ගම ~

කඳු පන්ති යායකින් අපේ ගමත් වටවෙලා තිබුණා ඒ හින්දම ද මන්දා අපටත් ගම නොපෙනී හැංගිලා තිබුණා එච්.එස්.සී ඉවර වෙලා සිදාදියට එන්න වුණා ආ දා ඉඳලා මටත් හරියට වැඩ මෙහි තිබුණා උදේ සවස වැඩ කරලා මොණරු මාත් සොයා තිබුණා ඒ හින්දම…

ඒ නුඹේ අම්මා….

      ඇගේ ලැම හූරා තන පුඩුව විකලා කිරි උරා බීවා බඩ ගින්න හින්දා ඈත් දරාන උන්නා කිරි කැටියා හන්දා සුසුම් පොඩ්ඩක් හෙලුවා සෙනේ ගැඹුරින් හින්දා නිදි නැතුව උන්නා නුඹේ ලෙඩ හන්දා අනේ චූ කරලා නින්දෙන්ම පොඩි එකා නුඹ…

~ අපි නතර වෙමු ~

හෙටත් ඉර පායාවී අද වගේම හෙටත් අපි මුණගැහේවී අද වගේම හෙටත් ඔබ කියාවී අද වගේම හෙටත් මං අහන් ඉදීවී අද වගේම හෙටත් ඔබ තරහ වේවී අද වගේම හෙටත් මං සමාව දේවී අද වගේම අන්තිමට ඔබ යන්න යාවී අද වගේම එ්…

අමුතු හැඟීම

ඔබ දන්නවාද දන්නේ නෑ…. මට කියාගන්නත් ඉඩක් නෑ…. නොපෙනීම ඇවිත්, නොදැනිම…. තෙරපෙයි හිත යට හෙමිහිට…. මා නොකියන, ඔබ නොදකින, මෙයයි ඒ අමුතු හැඟීම…. ~තාරු~

අකුරු හතර

‍හොයන වෙලාවට ලැබෙන්නේ නැති, ලැබෙන වෙලාවට දැනෙන්නැති, දැනෙන වෙලාවට ලඟ නැති, ලඟ ඉන්න වෙලාවට අගේ නැති, අගේ ඇති විට පේන්න නැති, පේන්න ඇති විට බලන්නේ නැති, මහා අරුමයකි නුඹ නම් අකුරු හතරක, පැටලුණ……… ~තාරු~