Thishan

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

රාවණා සල්ලාලයෙක්ද?

රාවණා රජු උගත් , තුන් ලොවටම අග්‍රව සිටියානම් වෙන අයෙකුගේ බිරිඳක් බලෙන් ගෙනවිත් නිකරුණේ යුධ කොට තම ජීවිතය නැති කරගත්තේ මන්ද යන්න බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්නයක්. මේක ඉතාම සාධාරණ ගැටලුවක්.ඇයි රාවණා දඬු මොණරෙන් ඉන්දියාවට ගොස් මිනිස්සු දෙදෙනෙකු සමඟ සිටි…

උපනෙත

පියවි ඇසට නොපෙනෙනා වෛරස්ද බැක්ටීරියාද තව නේක බොහෝ දේද නිතරම සොයන විමසන උඹේ උපනෙතෙන් බලනු මැන ම හද දෙස වරක් හෝ නුඹ දිස් වේව ඔබට එවිටවත් බෝ සියුම් තත් එහි තිබෙන බව බොහෝ ඒවා බිඳී ගොස් බව…

නිමවිය තනිකම

අනවසරයෙන් කුටියට එන අඳුරට ඉඩ් නොදී දැල්වුණ ඉටිපහන හෙට නුඹ සිටින්නේ කොහේ කොතනද කවුලුවෙන් ඇදෙන දඟකාර නල රැළි ඇවිළෙන සිතට රහස් කොඳුරනු කුමට නොදන්නා ලෙස සරා සඳ හෙට වඩින බව තනියහනට

ඉඩදෙන්න

ආලවන්ත කවි ඇසක කඳුලක්ව මට ඉන්න ඉඩදෙන්න ප්‍රේමයේ පරමලක රොන් සුවඳ හැරයන්ට පෙර විඳගන්ට ඉඩදෙන්ට සංසාර කලුවරට තනිකමක් බෝවෙන්න හුදකලා හිත පිරෙන සුසුම වී හමුවන්න ඉඩදෙන්න රැළි නඟන කඳුලු දොර කොපුල් මත ඉදිවෙන්න නුඹේ ඇඟ ගෑ සුවඳ වරින් වර විඳගන්න…

මිලට ගතිමි

නිකිණි සොයන්නට හැකිමුත් ප්‍රේමය සොයන්නට බැරි වේ මුළු දවසක් තිස්සේ මම සිටියෙමි ප්‍රේමය සොයමින් එහෙත් නොදුටුවෙමි කිසි තැනක ප්‍රේමය … අවසන මිලට ගතිමි ප්‍රේමය පදික වේදිකාවේ කොණක විකුණු ප්‍රේමයෙන් බිඳක් එකත් එක්තරා විදියක ප්‍රේමය නොවන්නේද?

නොරහත් ප්‍රේමය

නොරහත් ප්‍රේමය සිල් රකිනවමද අදවත් කියපන් ඇත්ත මා සිත යයි තවමත් තැන තැන   නුඹ මා අසලම ගැවසෙන සඳ අතගිලි බැඳ නෙතුකෑන් යනවා නුඹ අතහැර   සිත අසලම දැවටුන ද ඔය රුව හැම දින හැම රැය එනමුත් මා සිත යනවා…

මෑණියනි

තිත්ත කරුවල ජීවිතේ අඳුර දුරලන පහන වූ ඔබ ලතැවුලෙන් මුළු රැයම හඬවා හිටි ගමන් නිවී ගියේ ඇයි ජීවිතේ තව බෝ දුරක් ඔබ වන්දනා කරමියි සිතු මුත් මට ද මල්ලිට ද අප්පච්චීට ද සුදු අන්දවා සසර මග තනිව නිවනට ගියා …

රැයයි ඇයයි

අතු රිකිලි නැමුණට  දියට ගඟ අවනත නැහැ තව සඳ රැස්  වැටෙන  රෑ යම කුළුදුල් රාත්‍රිය ගත කරන්නට … උණ පඳුර ළඟ කළුවර හැඩයි තරු සපිරිවර පේන්නට නැහැ ළඟක ඔතරම් කෝලයෙන් මිරිකෙන්නට එපා නොරිද්දා සිබින්නට බැරිය උවනත සිතට රිසිසේ වැළඳ එක්…