Thishan

(අ)ප්‍රියාවිය

බලු කපුටු කැණහිලුන් සිඹින කල තිගේ ළමැද සූ සැටක් මායමෙන් උන් සමග නිදි වැදපු කෝ උඹේ නෙක සළු බරණ තැබූ කුංකුම සලක වතේ අද කබ කදුළු සොටු දියර ගලයි තිගේ වැහැරුණු වතේ පියුම් පෙති විලසට දිලුණු මනබඳින විලවුන් තැවරු නුඹේ…

අහස නුඹ

අහස නුඹ සයුර මම එක්වෙමු ක්ෂිතිජයේදිවත් නිරායුධ සිත තනි සිතකට තව සිතක් හා කෙසේ යුධ කරන්නද? උහුලනු බැරිව කඳුළු ඔබ දෙකොපුලෙහි තැවරූ රත් පැහැය සෝදාහරියි කිසි දිනක එක්නොවෙන මිරිගු පෙම් කතාවක දෙකොනකට වී හඬන චරිත වේ අප දෙදෙන

සතපන්න ඉඩ දෙන්න

උණුසුමින් රතුව ගිය පියුම් පෙති මෙන් සුසිදු නුබේ දෙතොලෙහි මා දෙතොල් සතපන්න ඉඩදෙන්න හද ගැබෙන් මතුව එන ආදරයේ මියුරු සර විදින්න මගේ හිස නුබේ ළයෙහි සතපන්න ඉඩ දෙන්න සුළං රැල්ලේ හමන උණුසුම් සුසුමේ පැටලෙන්න වෙළී නුබ තුරුලෙහි මාව සතපන්න ඉඩදෙන්න

දෙදෙනේකුගේය

දෑතට දෙඅතක් ලැබුණි නමුත් දෙඅත දෙදෙනේකුගේය සිතටද දෙසිතක් බැඳුණි දෙසිතද දෙදෙනේකුගේය මැවෙනා සිත් රූ දෙකකි ඒ රූ ද දෙදෙනේකුගේය දෙනෙත් යුගල දෙකකි ඉන් වදිනා මල් හී සර මා දෙලොවක අතරමං කළේය ඒ දෙලොවද දෙදෙනේකුගේය

පඹයා සහ ටකය

  ඉහළ අත්තක එල්ලී නුලකට ලණුවකට බැඳී අදිනා කල ලණුව ඒ අනුව සෙලවී මහ හඬින් හඬන නුඹ කරන මෙහෙය මම නිහඬවම තනිවම ඍජුව පොළොවේ පය ගසාගෙන එක්තැන් ව මම කරමි

තිත්ත රස

නුඹ ඇවිත් උදෑසන දිගුකළ තේ කෝප්පය අහිමිව දින 2345කි. දැන් බොන තේ කෝප්පය කොච්චර සීනි දැමුවත් තිතත බව කියන්නේ කාටද? දෑසම පියාගෙන තිත්තම තිත්ත රස විඳිමි. සොහොන් කොත වට කළ සුදු කොඩි වැල් නැතත් දැන් සිටවූ අරලියා අත්ත වී ඇත…

(නො)දැකීම

පිරිසිදු ජාතික ඇදුමට වහගත් වනමරකම්ටික නොදකින ඇස් පෙනෙන ඇත්ත නොදකින කඩේ යන්නන් සිටින තෙක් දේශපාලුවෝ වැජබෙයි දේශප්‍රේමියෝ වැළදෙයි

රජකම

කැදැල්ලේ පිරි ගිය දරු පැටවූ කුසගින්න නෙතු අගින් එළිදකින ණයට කන බත් ගෙඩිය නවයට කපා දී දරුවන්ට බලා සිටිය නොහැකි දුකින්, නිරාහාර මඩ සෝදාගත් ගොවියා පතා නොව රජකම වාවාගත නොහැකි දුකින් කෘමි නාශක පිහිට ලැබ බොල් පොලව වැළඳ ගනියි