Thishan

ඔරුව

ගලා යන දිය රැල්ලේ මින් පැටවූ දඟ කරන තනිකමේ ගිලී ඉමි සසල බිහිසුණු ලොවක අහිමි වූ හදට නැත අරමුණක් ඉදිරියට හබල නැති ඔරුව මම තොටියකුද අහිමිවුන

මුලධර්මයක්

ආකිමිඩිස් දිව්වලු “යුරේකා” යැයි කියමින් නිරිවතින් නිරුවතින් උනත් ඔහු සොයාගෙන මුලධර්මයක් නමුත් අද බොහෝ දෙනා වෙන්නට දරනවා නිරුවත් සොයන්නට මුලධර්මයක්…..?

කිසාගෝතමිය

සොච්චමක වැටුපකට ජීවිතය උකස් කොට උදේ ගොස් හවස එන දුම්රියේ පෙර දිනක ඔබට මෙන් පැහැදුනා මටත් එක් කිසාගෝතමියක් නමුත් ඇය ගැයුවේ නෑ නිබ්බුත පද මා ගෙලේ මුතු පෙළක් නොවූ නිසා වෙන්න ඇති…   -තිශාන් කුලසිංහ-