Yashmika

ප්‍රේමයක නිමාව!

මේ අපේ ආදරේ කොළ හැලෙන කාලයයි ආදරේ විසල් රුක මිය ඇදෙන කාලයයි සත් වසක වසන්තයෙන් ග්‍රීෂ්මය උදාවෙන කාලයයි   හැරයන්න අවසරයි ඔබව ගිවිසගත් විලස පෙර දිනක සුභ පතමි ඔබට මම තනිවෙන්න ගිම්හානය තුළ   සත් වසක් වසන්තය තුළ පෙම් කළා…

රට වැස්සන්ට සෙබළා අමතකව ගියා

මුදුවක් පලන්දා රන් හුයකින් බැන්ද බිරිඳ උනානේ මා ඔබගේ සෙබළ නෑසිය මිතුරු මාපිය සැමදෙන අතහැර අවේ දුකින් බව නම් නොකියා බැරිය ආ දින පටන් මා ඔබගේ බිරිඳ වෙලා නෑ කිසි අඩු පාඩුවක් ඔබගෙන් මවෙත වෙලා යන්නට හිතුවේ ඇයිදෝ ඔබ දෙනෙත්…

ආශාවරී

ආදර අඹරෝරේදී මා ඔබ නෑ හැර ගියේ එදා කදුළැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳකැල්මවත් අපේ දුක දැක්කා නම් එදා එක් වෙන්න තිබුණා අපටත් සතුටින් මෙදා   ආශාවරී මගේ නම එදා  මියුරුයි කියා සිතුවේ ඔයා ආශාවරී මගේ නොව ප්‍රියේ, වියුරු…

තෙවැන්නියට

පුන් සඳට ලොබ බැද පැහැර ගත්තත් අහසින් ඒ සඳ සඳෙහි ලස්සන මතු නොවෙයි කිසි දින අහසින් වෙන් වූ කළ සුපුන් සඳ සෙනෙහෙ නම් මලකට රැදෙන්නට ඉඩ හරින්න නටුව මත නෙළාගත් වරෙක එය පර වේවි වැඩි කලක් නොගෙනම සෙනෙහෙ නම් මගේ…

කුමරුනි

මලක් වන්නට නොහැකි වුවත් අතු අග පිපී සුවඳ විහිදන ලඳක් වන්නට හැකි වුණි මට ඔබගේ පෙම් පහස ලබන නොවුවත් කුමරියක් මා, සම්පතින් පිරි ඉසුරු සරු පිරි රැජින වන්නට හැකි වුණි මට, ඔබේ හදවතේ පෙමින් පිරි කඳුළු පමණක් උරුම නොවුවත් කදුළු…

පැල්ලම …

අතුරා සුදු රෙද්ද සොයයි මංගල රෑ පුරාම ඇය බඩුවක් නොවන බව සැක හැර දැන ගන්නට අමතකද පෙර දිනය නොඅතුරාම සුදු රෙද්ද පැල්ලම් පිරෙව්වා ඇඳ ඇතිරිල්ලේ නුඹ සොයන්නෙත් නැතිව ඇය ගැන නුඹ යයි කියන බයට දුන්නා ඇගේ පතිවත නුඹට ඒත් නුඹ…

චීත්ත ගවුම…

අමු රෙද්දේ සරම ඇදන්, දණහිස පෙන්න කැහැපට ගහන්, හවසට හවසට වැව් තාවුල්ලට ආපු කාලේ; මල් මල් චීත්ත ගවුම ඇදන් කොන්ඩ කරල් 2 ගොතපු මට නුඹ සෑහෙන්න ආදරේ කලා මට මතකයි සරසවි වරම් ලැබිලා ඔයා කොළඹ රටට යන්න යද්දී මං ඔයාගේ…

ආදරයේ නාමයෙන් මලක් සොයන බඹරුනි

ආදරයේ නාමයෙන් කෙලෙසා ඇගේ පතිවත සවි කරයි පුවරුවක් බඩුවක් කියා ඇය යවයි අතින් අත අසරණ යුවතිය සතුටක් ලැබුමට කෙලෙසා ඇගේ නම තලා සියුමැළි මලක් සොයයි නොයිදුල් මලක් අඹුවට ගැනීමට ලොවට පෙනෙන්නට මලක් සොයන බඹරුනි නවතින්න මොහොතකට සිතන්න, නුබ තැළු ඒ…

(අ) හිමි වැලන්ටයින්

එයිදෝ කියා මඟ බැලුවා නෑ ඔබ ආවේ තවමත් පෙම් බස් දොඩන්නට ඇමතුමක් ගත්තා නැත පිළිතුරක් එයටත්   දනිමි සෙනෙහෙ බව මහට ඔබේ හද පත්ලෙන්ම දනිමි සිහිවන බව මෙමා යුද බිමේදී වුවද   අවසන්ව නිවාඩුව ගිය හෙයින් නුඹ කදවුරට යළි එන්නේ…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…