Sinhala

කුඹලෙක් මි…

නුඹ මැදුරු දොරින් වඩමන මා සෙනෙහසේ පාවඩ ඒ මතින් නුඹ කැන්දන සුදු හීන ඇවිත් දැවටෙන..   බෝ හීන මැවූ හිත ළඟ බොල් මැටි ගොඩක් පමණය ඒ මැටියෙන් පිළිසිඳී රූ උඳුන මතම පිච්චෙන..   ඇඟපතේ සවියට අවනත මුත් මැටි පිඬ නුඹ…

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

මෙහෙණිය

දිග ම දිගු මේ සසර, අතරමඟ ලඳ මනු බවට, රැවටී රැවටී හඹා යන, මනු සතුන් නොවෙද අප…. හඹා යන ආශාව නිසරු බව දුටුවාම, ඇති දෙයක් නැතුවම පොඳි ගහන මනුවන් දුටුවාම, සසර අඟ දුටුනු වස්, සිතිණි සිවුරක් ගත ලන්න…. ~තාරු~

අප්සරාවී…

උදා හිරු කිරණ කවුළු පියනෙන් පැලට ආවද සිනා රහිත නිදිබර මසිත පුබුදන්න   කැදැල්ලක් නැති ලිහිණියෙකු විලසට අහස්කුස සිසාරන මවෙත එක් අරමුණක් පෙන්වන්න   විහඟ ගි හඬින් කළඹවන සිහින ලොවේ පියාසරන්න ඔබ එක්ක ආදර පියාපත් මට දෙන්න…   — තිශාන්…

රට වැස්සන්ට සෙබළා අමතකව ගියා

මුදුවක් පලන්දා රන් හුයකින් බැන්ද බිරිඳ උනානේ මා ඔබගේ සෙබළ නෑසිය මිතුරු මාපිය සැමදෙන අතහැර අවේ දුකින් බව නම් නොකියා බැරිය ආ දින පටන් මා ඔබගේ බිරිඳ වෙලා නෑ කිසි අඩු පාඩුවක් ඔබගෙන් මවෙත වෙලා යන්නට හිතුවේ ඇයිදෝ ඔබ දෙනෙත්…

නිල් ඇස්

බැලූ විට ඒ නිල් දෑසින් නිල් පාට විය.. මහනෙල් මල්.. නිල්ම නිල් පාටැති විය විසල් අහසම.. තරුද නීල වර්ණයෙන් බැබලිණ.. ඇළ දොළ ගංගා වලද සප්ත මහා සයුරේ දා දිය කඳ ද නිල් පාට විය.. එබී බැලුයෙමි ඒ දෑසට මගේ දෙඇසද…

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ…

උඹ ආයෙත් කවදද ලෙක්ච’ස් යන්නේ?

Picket එකකට ගොස් ගෙදර එනවිට අම්මාගේ සිතේ ඇතිවූ අදහස් ඇසුරින්…. ඉරටත් හොරෙන් උඹ ගෙදරින් පිටවෙන්නේ ගොම්මන වැටෙන තුරු නෑ ගෙදරට එන්නේ මුලු දවසේම ගිනි අව්වේ කටු කන්නේ ඇයි මගෙ පුතේ උඹ ඔය හැටි වෙහෙසෙන්නේ? මහ මග දිගේ පා ගමනින් යනවාලු…

මේ හැම දැක කොහොමද ලෙක්ච’ස් යන්නේ?

අම්මාට පිළිතුරක්…… අම්මත් එක්කමයි අලුයම නැගිටින්නේ රෑ බත ඉදෙද්දී ගෙදරට ගොඩවෙන්නේ අව්වෙ වැස්සෙ වෙනසක් නෑ මට දැනුනේ මතු පරපුරක් වෙනුවෙනි අපි වෙහෙසෙන්නේ මහ මග යන්නෙ වෙන පාරක් නැති හින්දා කෑ මොර දෙන්නෙ වෙන සරණක් නැති හින්දා දඟ ගෙයි යන්නෙ වෙන…