ආදරෙන්

~ අන්ධ වෙලා අපි ආදරෙන් ~

  අදත්, මලානික මූණු දෙකක් මූදු රළ පාමුළ… එක මූණක් වම් පසත්, අනෙක් මූණ දකුණු පසත්, බලාගෙන උන්නා…. හරියට නන්නාදුනන දෙපලක් විදියට… වම්පස බලාන උන් මුහුණ එකවරම දකුණුපස බලමින් ගැලපුවේ වචන මෙන්න මෙහෙම….. ඔන්න මෙන්න වැටෙන්න දගලපු කරදිය බිදු එක්කම…….

හමුවෙමු දවසක

අතීතය සුවද දී හිනැහුනා අද වෙනස් නොවූ මංපෙත් දිගේ ඇදෙන විට සුවද සල් මල් උමතු කරවද්දී ආදරණීය මතකයන් ඇවිද්ද තෘප්තිය පුරුදු සෙනෙහසත් සමග මතක් වූවා ඔබත් ඔවුනුත් නැති වග දගකරමින් ඔච්චම් කරමින් උඩවත්ත කැලයම දෙවනත් කරන්නට ගල් ලෙනේ ගල් බංකුවක…

නිරුත්තර කවිය

සුළගට එක්ව ගසා ගෙන ගිය මම ලියු කවි ගොන්න නුඹේ දෙපා මුල රැදිලා, එකක් අරන් කියවන්න අයදිනවා හරියට පුංචි රළක් නුඹේ දෙපා සිපගන්නවා වගේ කවි ලියු පන්හිද බලන් ඉන්නවා නොයිවසිල්ලෙන්, මාත් නිරුත්තරයි එත් ඒ නිහඩ අවකාශයේ විරාමයක් නොතියාම කතා කරනවා…