ඔහු

ඔබ, ඔහු සහ මම

සිතක ගැඹුරේ රැඳුනු හැඟුමන් කෙසේ නම් තේරුම් කරන්නද ගෙවී ගිය සිව් වසක මතකය කෙසේ නම් අමතක කරන්නද… අභියෝග හමුවේ ඇද වැටෙද්දී රිදුනු හිත හැදුවේ නුඹයි ගල් පතුරු වැනි වදන් හමුවේ හැදුනු හිත බින්දෙත් නුඹයි… වෙන කෙනෙකු හට සිත දුන්නා නොව…

නුඹත් කළු අහස වගේ…..

  දේශනය නිම වී එන විටදී මං ඔවුන් ඈතින් ඉන්නවා පාර අයිනේ මිතුරනුත් වටකර මොනවදෝ ඔහු දොඩනවා හැරි හැරී මං ඒ දිහා බැලුවත් ඔහු ගණන් උස්සලා ඉන්නවා ඉහළ ගන්නට කුඩයකුත් නැතිවිට කළු අහසත් මට පිප්පුවා……. ~තාරු~