වේදනාව

තාම ඉදිමි මග බලාන…

සිනාසුනෙමි ලැබුනම මට මුළු ලෝකේ නැහැ නැහැ එය ඔබ මගෙ වූ පළමු දිනේ මුළු ලෝකෙම වුනත් අදත් ඔබ මගේ නොහැකි වුණා මට ඉන්නට ඔබේ ලෝකේ තාම ඉදිමි මග බලාන පෙර වාගේ කෝ ඉස්සර මට පෙම් කල හිත නුබගේ කොහි ගිහින්ද…

තනිවම…

නැවතුනෙමි මා තනිවම ගෙවා ආ මග එක්ව අප…   මිදුණි දැඟිලි එක් කළ නුඹ මා දෑතේ රැදුනි ගොස් ඔබගේ දෑතේ නොදැක මා විඳි දුකම රහසේ…   කෙරූ මුත් මා පෙම්… නොදුන්නා දෝ නුඹට ඒ පෙම්… ලැබුණි ගැරහුම් මට නුඹෙන්… හැරදා…

මා

යුවතියකි මා තනිව සිටිනා නිහඬ නිසලව කාමරේ අගුළු දා සිත පාළු වී ගිය කඳුළු නෑ දැන් වැටෙන්නේ නෙතින් ගිලිහුණු සෑම කඳුලක ඔබේ රුවමයි ඇඳෙන්නේ කවුළුවෙන් ඔබ බලා සිටිනැයි මගේ හිත තව කියන්නේ තුනී සියුමැලි යොවුන් මා සිත යදම් බැඳලයි තියෙන්නේ…

හදේ පැතුමක්….

තරුවක් වන්නට පැතුවෙමි සැමදා ඔබගේ සිත් අහසේ අමතක විය පුර හඳ පායා ඇති බව ඒ අහසේ කදුලැල් අතරින් පදවැල් ගලපමි මා අද හොර රහසේ ඔබ මා අතහැර පුරහද පැතු බව ලොවට කියමි කෙලෙසේ අත් පටලාගෙන පියමන් කළ හැටි මතකද ඔබට…