සංකල්පනා

මහත්තයෝ…

මහත්තයෝ මේ අහන්න… ආදරෙයිනෙ මම ඔයාට  හිතට දුකක් එපා දෙන්න සංසාරෙම ළගින් ඉන්න දුක් කරදර හැම දෙයක්ම බෙදා හදන් ඔයත් එක්ක හැමදාමත් දිවි ගෙවන්න මං ඉන්නවා ඔයා ලගම

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

“අනිත් කෙල්ල, ඇයි අහන්නේ”

දවසක් රෑ දුරකතනෙන් කතා කරන විට සතුටින් දුරකථනය නාද වුනා කෙටි පණිවිඩයක් ආවා…. නුබෙයි මගෙයි සංවාදේට පුංචි කොමාවක් වැටුනා…. ටිකක් වෙලා බලන් ඉදලා බැරිම තැනදි ඇහැව්වාම “කව්ද අනේ message කලේ” එක එල්ලේ නුබ කියලා “අනිත් කෙල්ල, ඇයි අහන්නේ “ මතකද…

උභතෝකෝටිකය…

මම ඔබ නොවන ඔබ මම නොවන ලෝකයක අසම්පූර්ණ මිනිසුන්ගෙන් සම්පූර්ණ වූ ලෝකයක , සම්පූර්ණූ මිනිසුන් සොයා ඔබ හා මා යන ගමනේ , සම්පූර්ණ මිනිසෙකු සේ හැඟෙන අසම්පූර්ණ පුද්ගලයෙකු හමු වූ විට , එයින් කුල්මත් වී ඔබ හා මා රඟයි ….

ධීවර බිරිදට

ත‍ොටුප‍ොල හැරලා ඔරුව දියඹට ලංවදේදි මං දැක්කා උඹ‍ේ ඔය මූණ‍ෙ තිබ්බ දුක. අත වනලා උඹට යන්නම් කියන්නවත් පණක් තිබ්බ‍ෙ නෑ, හිත‍ේ තිබ්බ දුක ඔඩු දුවලා අත වාරු නැතිවෙලා ගිහින්. මටත් බෑ බං මාස ගානක් ඈත මුහුද‍ෙ තනිව‍ෙන්න, ඒත් දෙවියො අප‍ේ…

තාම ඉදිමි මග බලාන…

සිනාසුනෙමි ලැබුනම මට මුළු ලෝකේ නැහැ නැහැ එය ඔබ මගෙ වූ පළමු දිනේ මුළු ලෝකෙම වුනත් අදත් ඔබ මගේ නොහැකි වුණා මට ඉන්නට ඔබේ ලෝකේ තාම ඉදිමි මග බලාන පෙර වාගේ කෝ ඉස්සර මට පෙම් කල හිත නුබගේ කොහි ගිහින්ද…

දුක් ගීයක් ලියනවා….

දිලෙන සදක තරු එළියක නුබේ නුවන් පෙනෙනවා මතක පොතේ පොඩි පිටුවක දුක් ගීයක් ලියනවා http://writer-sankalpana.blogspot.com/ https://plus.google.com/+SankalpanaMalalaweera www.youtube.com/c/SankalpanaMalalaweera

මා මළ දවසට 💕

පැමිණේවි සියළුම දෙනා දන්න හදුනනා මෙන්ම නන්නාදුනනා…. වැලපේවි දරාගත නොහැකි බව කියමින් මගෙ වෙන් වීම… ඉකිබිදීවි නැවත පණ නොලබන මුත්… ආවොතින් මළගමට මගේ නුබ දුටු වනම මනාලියක් ලෙසින් හැඩවුනු මගේ මළ කද සිහි වේවි නුබට………………..💕 අපේ මතකයන් ගතකල කාලයන් ඇවිදපු…

අදාළ නැති නුබ

නුබම කියයි නුබව මෙමට අදාළ නැති බව මතක නැතිද නුබම කීවා නුබ මාගේ බව…. අදාළ නැති උනත් මාව ඉස්සර මෙන් අද දන්නවාද අදටත් මගේ මුළු ලෝකෙම නුබ….. අදාළ නැති නුබව තවම පපුවෙ උඩම තැන තියන් ඉදිමි ඉස්සර මෙන් නැහැ කහටක්…

~ අපි නතර වෙමු ~

හෙටත් ඉර පායාවී අද වගේම හෙටත් අපි මුණගැහේවී අද වගේම හෙටත් ඔබ කියාවී අද වගේම හෙටත් මං අහන් ඉදීවී අද වගේම හෙටත් ඔබ තරහ වේවී අද වගේම හෙටත් මං සමාව දේවී අද වගේම අන්තිමට ඔබ යන්න යාවී අද වගේම එ්…